(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

වයස පහට අඩු දරුවන්ගෙන් සියයට 50ක් ආහාර උද්ධමනය නිසා  මන්දපෝෂණයෙන් පෙළෙන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පෝෂණය සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වන්නේ යැයි  ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහාවූ ජාතික සභා අනු කමිටුවේදී   තොරතුරු  අනාවරණය විය.

එසේම  ගර්භනී  මවුවරුන්ගේ ශරීර ස්කන්ධ දර්ශක අගයද ආහාර හිඟය හේතුවෙන්  බෙහෙවින්ම අඩුව ඇති බව  මෙහිදී තොරතුරු  හෙළිවිය.

ග්‍රාම නිලධාරී සහ පවුල් සෞඛ්‍ය සේවිකා වසම්  මට්ටමෙන් ප්‍රමුඛතා හඳුනාගෙන මේ සෞඛ්‍ය ගැටලුව සම්බන්ධයෙන්  විසඳුම් සෙවිය යුතු බව   කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.