(ඩයනා උදයංගනී)
රට ආරක්‍ෂා කරන බව කියා බලයට පැමිණි කණ්ඩායම රට විනාශ කරන මාවතකට ඇදගෙන යමින් තිබෙන බව වේදනාවෙන් වුවත් ප්‍රකාශ කරන්නට සිදුව ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පවසති.
වත්මන් රජය ගැන ජනතාවගේ සිත් තුළ ගොඩනැගී තිබූ සියලු බලාපොරොත්තු සුණු විසුණු වී ගොස් රට තුළ ඉතා අවිනිශ්චිත පරිසරයක් ඇතිවෙමින් තිබෙන බව ද කාදිනල්තුමෝ සඳහන් කළහ.
‘යහපාලනය’, ‘සෞභාග්‍යයේ දැක්ම’ ආදී කුමන තේමාවකින් බලයට පැමිණියත් ඒ රජයන් කර ඇත්තේ පාවාදීම් පමණක් බව කී කාදිනල්තුමෝ දැන්වත් මේ ගමන නැවැත්විය යුතුව ඇතැයි ද කීහ.
කාදිනල්තුමන් මේ බව පැවසුවේ බොරැල්ලේ පිහිටි අගරදගුරු නිල නිවසේදී අද (2) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
වර්තමානයේ රට පවතින තත්වය සම්බන්ධයෙන් කණගාටු වන බව කී කොළඹ අගදරගුරුතුමෝ රට ගමන් කරන්නේ කුමන දිශාවකටද, රටේ තීන්දු තීරණ ගන්නේ සහ පාලනය කරන්නේ කවුද යන්න ගැන ගැටලුවක් මතුව තිබෙන බව ද පැවසූහ.
තිබෙන සම්පත් විකුණාදැමීම පහසු නමුත් දියුණුව යනු රටේ සම්පත් සියල්ල විකුණා දැමීම නොවන බවත්, මේ අවස්ථාවේ රටේ භූමිය වෙනත් රටවලට පූජා කරන්නට එපා යැයි රජයෙන් ඉල්ලා සිටින බව ද කාදිනල්තුමෝ සඳහන් කළහ.
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට එදා දැඩි විරෝධය දැක්වූ කණ්ඩායම දැන් බලයට පැමිණ ඊටත් වඩා දරුණු ලෙස කටයුතු කරමින් සිටින බව කී කොළඹ අගරදගුරුතුමෝ රට තුළ ඒකාධිපතිවාදයකට හෝ බොරු කියා ගේම් ගසන ආකාරයේ වාදයකට ඉඩදිය නොහැකි බව ද පැවසූහ.
ආණ්ඩුවක් තීරණ ගත යුත්තේ ධනවතුන්, බලවතුන් හෝ විදේශ රටවල් පැත්තේ සිට නොව ජනතාව ගැන සිතා බවත්, දැහැමි ප්‍රතිපත්තිගරුක, විනිවිද පෙනෙන පාලනයක් වෙනුවට ටිකෙන් ටික රට බිලිගන්නා මෙම දූෂිත පාලන ක්‍රමයෙන් රට විනාශ වනු ඇතැයි ද සඳහන් කළහ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට අනිද්දා වෙනකොට මේ මතය වෙනස් කරන්න නැහැ නේද රදගුරුතුමා.
රටේ පොදු මහජනයා වෙනුවෙන් යම් බලපෑමක් කලහැක්කේ ඔබ වහන්සේට පමණි. ඒ වෙනුවෙන් සමස්ථ ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රණාමය ඔබවහන්සේට හිමි වියයුතුයි. මම බෞද්ධයෙකු ලෙස අපේ මහා නායක හිමිවරුන් පිළිබඳව කලකිරීමට පත්වී සිටිමි. අද මහජනයා අසරණව ඇත. තම මතය ප්‍රකාශ කිරීමට මාවතක් නැත. ආගමික නායකයින් ලෙස ඔබවන්සේලා ඒකාබද්ධ උත්සහයක් ගන්නේ නම් මේ මොහොතේ රටට කරන මහඟු සේවයකි.
දේශපාලුවොන්ටයි හෙන්චයියොන්ටයි මෙ කතාවට ගොඩක් රිදෙයි, නමුත් මේක තමයි යථාර්ථය. රට විකුණල රට පාලනය කරන්න මුදල් හොයන්න අවශ්‍ය නෑ, මේ තත්වය කුඩු කාරයෙක්ගේ පිරිහීමට සමානයි. පාලකයට දුන්න වැඩි බලයත් එක්ක රටේ විනාශය තමයි වැඩි වෙලා තියෙන්නෙ. මේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඕන. අපිට පරිහානිය මිසක් වෙන දෙයක් උරුම නැද්ද?
පළමුවත් මව් රට ......දෙවනුවත් මව් රට........ තෙවනුවත් මව් රට
මට හිතෙන්නේ කාදිනල්තුමා ඉක්මන් වෙලා කලබල වෙලා කියලා. ටිකක් ඉවසීමෙන් ඉඳිමු.. වසංගත මේ අවස්ථාවේ...
තීන්දු තීරණ ගන්නකොට ඔක්කොම අයව සනසන්න බැහැ කාදිනල්තුමෝ... තැනේ හැටියට ඇණේ ගැසුවේ නැතිනම් ලංකාව සදාකල් සෙත්තපොච්චි තමයි.
දැන් ඒ පාර මොකක්ද අලුත් ජවනිකාව..!
ඔබත් මේ පාලනයේ කොටස් කරුවෙකි...
මේ රජය බලයට ගේන්න කටයුතු කළ සෑම දෙනා රටට වෙන විනාශය ගැන වගකිව යුතුය. බලාඉද්දිම රට විනාශයට යනවා. රජවරු දෙවිවරු වගේ ආරක්ෂා කරපු ටක්..
ඔබ වහන්සේ අපි ගැන රට බය නැතිව කතා කරනවා. ඒක අපිට ලොකු හයියක්.. ඒකට අපේ කට්ටිය මොනවත් කියන්නේ නැහැ. නායකයන්ට අවවාදයක් දෙන්නේ නැහැ. පුටු රත් කරගෙන හිනාවේවි.
‘‘පාස්කු ප්‍රහාරයට වගකියන සියලු දෙනාට නඩු ‘‘ හෙට ප්‍රවෘත්තියක්... ඊට පස්සේ කාදිනල් තුමා කියයි සර් පාස් කියලා...
පාස්කු ඉරිදා බෝම්බෙන් හොයා ගත්ත සල්ලි ටික ඉවර වේගෙන යනවා වගේ.. කමක් නෑ.. මොනවා හරි කියලා කීයක් හරි හොයාගෙන සතුටින් ඉන්නකෝ...
හරියට හරි... මේ අය රට කාලා ඇමෙරිකාවට යයි..
හොඳ පූජකයින්ට දිවැස් තියෙනවා....
මේ ආණ්ඩුවට 2/3ක බලයක් ලැබෙන්න ඔබතුමාගේ ප්‍රකාශත් හේතු වුණා. එම නිසා මෙවැනි පරිසරයක් හැදෙන්න ඔබත් වගකිව යුතුයි...
අපේ නායකළ බෙන්ස් පූජාවල් බාරගෙන වගේ නිහඬව ඉන්නේ... අගරදගුරු තුමාට වෙඩි නොවදින රථයක් යහපාලන ආණ්ඩුවෙන් පුජාවක් හැටියට එව්වා. ආපු ගමන් උන්වහන්සේ එක ආපසු ඇරියා. වෙන නායකවරුන් කවදාවත් එහෙම ප්‍රතික්ෂේප කරලා නෑ. ඒකයි ඇත්ත...
ඕක තමයි සුද්දගේ න්‍යාය... අවුරුදු 5න් 5ට ආණ්ඩු මාරු කිරීම.. එතකොට කවදාවත් රටකට ගොඩයන්න බැහැ. කළින් කඩේ ගිහිල්ලා දැන් මොකද?
ඒ පාර රාසප්පු ජෝසප් පියතුමා යාපනයේදී නවත්තපු තැනින් පටන් ගන්න වගේ යන්නේ.
මේ විදියට රටේ හැමදේටම ඔලුව දාන්න ගියාම එතුමාට තමන්ගේ ආගමික කටයුත්තක් කරගන්න වෙලාව තියනවද? එහෙම නැත්නම් ලබන පාර ඡන්දෙටවත්?
කාදිනල් තුමා කෝකටත් පරිස්සමෙන්. මොකද මේ දේශපාලනයේ අන්තිම තුරුම්පුව ආගම් හා ජාතිවාදය. ඔබතුමා තර්ජනයක් බව මේ අයට දැනුණොත් අනිවාර්‍යෙන්ම ඊලඟට අවුලවන්නේ බෞද්ධ කතෝලික ගැටුමක්. මේක කරන්න ඉතාමත් ලේසියි මේ අයගේ හෙන්චයියන් දම්මලා. පහුගිය කාලයේ අපි දැක්කා කලු ඉරිදා වැනි වැඩසටහන් එක්ක, සමාජ මාද්‍ය වල වෙනම මතයක් කතෝලික පල්ලිය ගැන හැදුවා.
දිල්ෂාන්ගේ අදහස මමත් අනුමත කරනවා. ඕනෑම මොහොතක කබරගොයා, තලගොයා කරන්න මේ අයට පුදුම හැකියාවක් තියෙන්නේ. රටට ආදරේ කරණ බොදුණු... කිතුණු, ඉස්ලාම්, හින්දු අපි අවධානයෙන් ඉඳිමු. රට හරිමගට ගැනීමට එකට වැඩ කිරීම අවශ්‍යයි. මැතිවරණවලදී අප කළ මෝඩකම් නැවත නොකිරීමට දැඩි මතයක ඉඳිමු...
කාදිනල්ගේ රතු සාටකේ හුළඟට ගහගෙන ගිහින් වගේ. ඒත් ඒක් නැතිවෙලා නෑ. ආයිත් ලැබුණොත් දාගනී. මහ මුහුදේ රැල්ල ගහන පැත්තට මිසක් අනිත් පැත්තට කුණු ගසාගෙන යන්නේ නෑනේ. කොහොමත් රට ගැන තියෙන ආදරේ කියන්නේ බුද්ධිමත් චින්තනයක් සහිතව රට දියුණු කරන, රට සහ ජනතාව රැකගන්න එක. එය කළ හැකි පදනම දාන එක. ඒත් කාදිනල්ලා එදා ඉඳලා කරේ හොරුන්ට, බෝම්බ ගහපු අයට කඩේ ගිය එක. අපි වෙන දේ දැක්කා. ඒත් ඔබලා කඩේ ගියා. දැන් අපිට කියන්න එන්න එපා.
ඔබ වහන්සේගේ දෙපා වැඳ නමස්කාර කරමි.
මෙයා සාටක හෝදන එක නතර කරලද?