(රංජිත් රාජපක්ෂ)
අපේ රට දුප්පත් රටක් නොවෙයි. සම්පත්වලින් බහුල රටක්. දුප්පත් රටක් නම් රට වැසියන්ගෙන් මෙතරම් බදු මුදලක් අය කරන්නේ ඇයි ? අපේ රට වැටිලා නැ , වැටිලා තියෙන්නේ ආණ්ඩුව නැතිනම් පාලකයෝ යැයි බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියෝ පවසති.
රටක් පවත්වාගෙන යන්න බදු මුදල් අවශ්‍යයි , රටේ ජනතාවත් පොහොසත් කරලා රටත් පොහොසත් වෙන්න ඕනි. රටේ පවතින්නේ පරිපාලන ගැටළුවක් මිස අපේ රටේ වැටීමක් නොවේ.
ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් ඒ බැව් කියා ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කිරිම සම්බන්ධයෙන් නල්ලතන්නිය ග්‍රාමසේවා කාර්යාලයේ පැවති සාකච්ඡාවේදිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මා අප්පා විකුනලා හරි බලයෙ ඉන්න පුලුවන් නම් එකත් කිරිමට පසු තැවිලි නොවන පාලකයනුයි අපිට ඉන්නෙ.
ඒ කතාවනම් මසුරන්. මහා සංඝරත්නයේ දැක්ම කොහොමත් නිවැරදියි.
මොනවද අපේ රටේ තිබෙන සම්පත් අපේ හාමුදුරුවනේ...? අර තිබෙන මිනිරන් ටිකයි, පොස්පේට් ටිකයි හැරෙන්න වෙන මොනාද තිබෙන්නේ. තේ, පොල්, රබර් වගාව විනාශ වෙලා. මිනිස් ශ්‍රමය ගන්න බැහැ.. ඉන්නේ ශරීර හොරු. සුළු සුළු කර්මාන්ත ටිකක් තිබෙනවා. විදේශිකයින් මේ රටට ගෙනා කර්මාන්ත, ආයෝජන, ව්‍යාපාර කාලකන්නි ජෙප්පෝ ඔවුන් රටින් පන්නා දමා ඒ ව්‍යාපාර විනාශ කළා...
මහා සංඝ රත්නේටම තමා මහා විශාල සද්ද ඇහුනේ කාලයක්...!
ඉතිං ඔබ වහන්සේ ශ්‍රි පාදස්ථානයේ ලයිට් බිල ගෙවලා ආදර්ශයක් දෙන්නකෝ... අනික් පන්සල් වලටත්. බදු ගෙවීම අවශ්‍ය බව පිළිගෙන තියෙනවානේ. ලබා ගත් සේවාවක් වෙනුවෙන් ගාස්තු ගෙවිල්ල බදු ගෙවිල්ලටත් වැඩිය මූලික තැනක් දෙන්න ඕන දෙයක් නේද?
එහෙමනම් ඔය කෝටි ගාණක් ලැබෙන ආදායමෙන් කොටසක් බදු විදිහට දීලා ආදර්ශයක් පෙන්නන්න...
රාජ්‍ය සේවා වැටුප්, විශ්‍රාම වැටුප්, සෞඛ්‍ය සේවා, නිදහස් අධ්‍යාපනය, සමෘද්ධි, මාර්ග නඩත්තුව වැනි සේවා "නොමිලේ" ලැබෙන දේවල් නොවේ. මේ වියදම් සපුරා ගැනීමට බදු මුදල් අවශ්‍යයි. අපි කියන්න අකැමැති වුණත්, තිත්ත ඇත්ත නම් මේ රට තෙල්, ගල් අගුරු, යපස්, තඹ, ස්වාභවික වායු වැනි ඛනිජවලින් හිඟ දුප්පත් රටක්... අපට සම්පතක් හැටියට ඇත්තේ මානව සම්පත පමණයි...!
දේශපාලකයෝ වැටිලා නැහැ.. ඔවුන් පරම්පරා ගණනකට හම්බු කරගෙන ඉන්නේ, ඔබවහන්සේට ලැබෙන පඬුරු සහ ආධාරවලින් විදුලිබිල, ආදායම් බදු එහෙම ගෙවලා ආදර්ශයක් දෙන්න... අධික ලාබ ලැබූ පුද්ගලයන් සහ ආයතන අතීතයේදී නිසි ලෙස බදු ගෙවීම පැහැර හැරීමත් රටේ ආර්ථිකය කඩ වැටීමට එක හේතුවක්...