
(නිමල කොඩිතුවක්කු)
තෙල් නැව බාන්න ආණ්ඩුවට ඩොලර් මිලියන 36ක් නොමැති නිසා ‘වෙස්ට් කෝස්ට්‘ බලාගාරයේ මෙගාවොට් 300ත් අද සිට අහිමි වන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹදී අද (22) පැවසීය.
ඩොලර්මිලියන 36ක් නොමැතිවීමෙන් රටේ ජනතාවගේ ප්‍රවාහන මෙන්ම විදුලිබලය අහිමිකිරීමට ආණ්ඩුව කටයුතු කර ඇතැයිද රණවක මහතා ප්‍රකාශ කළේය.
රට වැටී ඇති හිඟන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති, අගමැති සහ මුදල් ඇමැති වගකිවයුතු බවත් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.
විදුලි අර්බුදය ප්‍රමුඛ ආර්ථික අර්බුදය හමුවේ ආණ්ඩුව ගලේ පැහැරූ බළලුන්ගේ තත්ත්වයට පත්ව ඇති බවත් රණවක මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තමයි තවමත් සමහර මෝඩයින්ට තේරෙන්නේ නැති නියම සත්‍යය... රාජපක්ෂ පවුල රට විනාශම කරනවා.
ඔය පාලනය කළ හැමදෙනාම මේකට වගකිව යුතුයි.
එතකොට 69 ලක්ෂයේ බයියෝ...? රට බේරාගන්න ආපු ටොයියෝ... දැන්නම් සැප තමයි.
මුළු රාජපක්ෂ සනුහරේම වගකිව යුතුයි. හැබැයි දීන වහලුන්ට මේ සාහසික අපරාධය පෙනෙන්නේ නැහැ.
ගලේ පහරපු හැටි බලන්න පුළුවන් නඩුව අහගෙන යනකොට...
මේ නිවටයින්ට කොරෝනා අමතක වෙලාද? නැත්නම් හිතලා අමතක කරවන්න හදනවද?
අනේ මෙහෙමත් මිනිස්සු...? ඇයි ඒ තුන්දෙනා විතරක් වගකියන්න ඕනේ කවුරුවත් ඒ කිසිදේකට වගකිව යුතු නැද්ද...? "අවංකවම කියන්න" ඔවුන් විතරමද වගකිව යුත්තේ..? නුඹලා ඔක්කොම සුද්ද වන්තයින්ද?
අද නිර්මාණය වී ඇත්තේ වර්තමාන ආණ්ඩුවේ දුර්වලතා හේතුවෙන් නිර්මාණය වී ඇති තත්වයකි. එමෙන්ම එදා අද මෙන් රට බංකොළොත් වීමේ අභිමුඛයට තල්ලු වී ගියේ නැත. වර්තමාන ආණ්ඩුව බලයට පත් කිරීමට උදව්කළ ගජ මිතුරන්ට අසීමිත බදුසහන ලබාදීමෙන් රටේ බදු ආදායම සියයට 40 ක් අහිමි කර ගත්තේය. ඉන්පසුව නිර්මාණය වූ කෝවිඩ් වසංගතය හරහා සිය ගජමිතුරන්ට ජනතාව හූරාකෑමට අවස්ථාව හිමිකර දුන්නේය. සීනි, පොල් තෙල්, සුදුළුෑණු වංචා මගින් රජයට සිදුවූ පාඩුව රුපියල් බිලියන ගණනකි. ඒ සියල්ලේ ම බර දැරීමට සිදුවූයේ සාමාන්‍ය පුරවැසියන්ටයි. රසායනික පොහොර ආනයනය කිරීමට විදේශ විනිමය නොමැති බැවින් රටේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය පැය විසිහතරෙන් වෙනස්කර කාබනික පොහොරට මාරුවිය. වගා හානි, වන්දි මුදල්, දියර පොහොර වංචාව, චීන අසූචි නැවේ ගාස්තු සමඟ සළකන විට රසායනික පොහොර ගෙන්වීමට වැයවන මුදල මෙන් සිව් ගුණයක් පැය විසිහතරේ ප්‍රතිපත්ති වෙනස නිසා ජනතාවට දැරීමට සිදුව තිබේ. මෙවැනි මුග්ධ ආර්ථික තීරණ ලැයිස්තුවක් ඉදිරිපත් කළ හැකියි...