(මනෝජ් හර්ෂික)
රටේ වගකීම භාරගැනීමට තමන් සූදානම් බවත් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඒ බව විවෘතව ප්‍රකාශ කළ බවත් නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද(01) පැවසීය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ බැල්ලගස්වැව ප්‍රදේශයේ ඉදිකළ “සෙන්පති නන්දිමිත්‍රගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
“දැන් කතා දෙකක් නැහැ අපි එළිපිට වැඩේට බැහැල සිටිනවා. කවුරුන් කුමන බාධක දැම්මත් සජිත් ප්‍රේමදාස වැඩේට සූදානම් බව වගකීමෙන් ප්‍රකාශ කරනවා” යැයි ද අමාත්‍යවරයා එහිදී කීය.
මෙරට සෑම පුරවැසියෙකුම පන්ති, පක්ෂ, පාට භේද පසෙකට දමා රටේ අනාගතය ශක්තිමක් කර, සෞභාග්‍යයෙන් බබළවන්නට තමන් සමඟ එකතු වන ලෙසද ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේය.
තම අභියෝගය ප්රතිවාදීන්වත්, එක එක පැති වලින් එන අපේක්ෂකයන්වත් නොව, එකම අභියෝගය දුප්පත්කම අඩු කිරීම, රැකියා ප්රශ්නය විසඳීම මෙන්ම නූපන් දරුවන්ගේ සිට මතු පරපුරේ අනාගතය සුඛිත මුදිත කරවීම සිදු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙරට සෑම පවුලකම බලාපොරොත්තුව සුභවාදී අනාගතයක් බවත්, රටේත් මෙරට සෑම පුරවැසියෙකුගේමත් අනාගතය ශක්ති සම්පන්න කිරීමේ වගකීම තමන් නොබියව ඉටු කිරීමට සුදානම් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල
මොහු හා මොහුගේ පවුලේ අය රටේ කරතිබෙන වටිනා ඉඩම් අවනීතිකව අත්පත් කරගෙන මල්වවන්න.. හොර නෝට්ටු කච්චි ගණන් හොරට බැංකුවේ දමන්න ගොස් අසුවුණු ඒවාට විරුද්ධව පියවර ගැනීම පැත්තක තියලද පක්ෂය ඇතුලේ සිටිමින් කකුලෙන් ඇදපු මෙවැන්නෙක් නායකත්වයට ගෙනෙන්න හදන්නේ...?
කොටනම් සිකියුරිටි ලෙස කිවේ කව්ද..// උසනම් කම්කරු ලෙස නද දුන්නේ කව්ද..// මැද කොළඹ ඡන්දගොඩ ගැන බැලුවේ කව්ද..// ඒ ගැන සිතා ආසන ප්‍රතිශතය වෙනස් කලේ අපිද..///
ඔබ වැඩකාරයක් තමයි. නමුත් අපරාධකරුවන් ආරක්ෂා කරාවි කියලා බයක් තියනවා. මොකද්ද ඔබගේ පක්ෂයේ ඉන්න මහබැංකු හොරුන්ට එරෙහිව ඔබ කිසිවිටක හඬ නැගුවා නැහැ. අඩු තරමින් ඔබට එරෙහිව කෑගහන අර මහහොරාට නැවත ඇමති ධුරය දෙනකොට විරුද්ධ වුනේ නැහැ.
රටේ තියා පක්ෂයේවත් වගකීම බාරදෙන්න කට්ටියක් සුදානම් නැහැ වගෙයි නේද පෙනෙන්නේ...? මාධ්‍ය දෙක තුනකුයි, පක්ෂයේ දෙතුන් දෙනෙකුයි අල්ලාගෙන සද්ද බද්ද දාලා රටේ ප්‍රතිරූපයක් ගොඩනන්වාගෙන ඔය වැඩේ කරන්න යන එකෙන් වෙන්නේ පක්ෂය හතර පහට කැඩිලා "රැවුලයි කැඳ කෝප්පයයි" දෙකම නැතිවෙන එකයි මහත්තයෝ. මම කිව්වා කියලා ලියලා තියාගන්න.
කරුණාකරලා ඔබේ අධ්‍යාපන සුදුසුකම් පෙන්නන්න. ගිනි පෙට්ටි ගෙවල් සෑදීමට අමතරව ඔබ රටට කරපු සේවය පැහැදිලි කරන්න. ඔබේ රට දියුණු කරන ප්‍රතිපත්තිය රටට හෙළිකරන්න. ඔබගේ භාර්යාව දේශපාලනයට එනවද? ඔබගේ සහ ඔබේ පවුලේ වත්කම් හෙළිකරන්න. මේවා නොකර නිකන් වේදිකාවල කිව්වට වැඩක් නැත
මෙයාලට ජනතා සේවය කරන්න මාර හදිස්සියක්නෙ තියෙන්නේ....
මෙරට සෑම පවුලකම බලාපොරොත්තුව සුභවාදී අනාගතයක් බවත්, රටේත් මෙරට සෑම පුරවැසියෙකුගේමත් අනාගතය ශක්ති සම්පන්න කිරීමටත්, මෙරට සෑම පුරවැසියෙකුම පන්ති, පක්ෂ, පාට භේද පසෙකට දමා රටේ අනාගතය ශක්තිමක් කර, සෞභාග්‍යයෙන් බබළවන්නට අප අපේ රටේ නායකයා / ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත්කරගත්යුත්තේ රටේ නිතිය පිළිබද මනා දැනුමක් තිබෙන, උගත් බුද්දිමත් දර්ශනයක් තිබෙන උගතුන් බුද්දීමතුන්ගේ අදහස්වලට ගරුකරන අපේක්ෂකයකු හෝ අපේක්ෂිකාවක වේ. රටේ අනාගතය එක්සත් ජාතික පක්ෂයේ අනාගතයට බුද්දිමත් නොවන පුද්ගලයන් නායකයන් වී සිදුවූ විනාසය යලිත් නොවීමට වගබලාගත යුතුය. නූපන් දරුවන්ගේ සිට මතු පරපුරේ අනාගතය කෙසේ වෙතත් දැනට පවතින අභියෝග හමුවේ දුප්පත්කම අඩු කිරීම, උගත් තරුණයන්ගේ රැකියා ප්රශ්නය විසඳීමට ඉදිරිපත් කරන විසදුම් උස් මිටි කම් වලට පමණක් සීමාකරන නුගත් නායකත්වයෙන් රටට අනාගතයක් නොමැත.
එයා කැමති වුනාට අපි අකමැතිනම්?
ඔහොම කියල තමයි හැමෝම ආවේ. එන්නේ. එතකොට පහුගිය අවුරුදු වල ඕගොල්ලෝ මොකද කලේ?
සජිත් මහත්තයෝ අංක , 1, පක්ෂයේ නායකයා ගේ කැමැත්ත , අංක 2, පක්ෂයේ බහුතරයාගේ කැමැත්ත , අංක 3, සිරිකොත පක්ෂ මුලස්ථානයේ බහුතර කැමැත්ත අංක 4, චන්ද දායකයාගේ බහුතර කැමැත්ත නැතිව ඔයා කැමති වුනාට මක් කරන්න ද?
සුදුසුකම් මොනවාද? (පියා ජනාධිපති වීම හැර)...
ඔබ බාරගන්න සුදානම් උනාට අපි බර දෙන්න සුදානම් නැහැ. මොකද ඔබ ගමේ ප්‍රාදේශීය සභාවක සභාපති කමට වඩා තනතුරකට සුදුසු නැහැ. හේතු ගොඩක් තියනවා. ඔබගේ සිතුම් පැතුම් ගමට හොඳයි. රට ලෝකයට ගෙන යන්න ඔබට නොහැකි බව පැහැදිලිවම පෙනෙනවා. වරක් නිමල් සිරිපාල දේ සිල්වා (වසර 6 ට පෙර) සජිත්ට කිව්වා පාර්ලිමේන්තුවේදී ඔබගේ කාලයෙන් විනාඩි 15 කතා කලේ සුරියවෙව පැත්තේ බෝක්කුවක් ගැන කියලා. අඩුම තරමේ මේක ප්‍රාදේශීය සභාවෙවත් කතා නොකරන දෙයක් කියලා. අනාගත රජ වෙන්න සිහින මවන ඔබ මීට වඩා ප්‍රොෆෙෂනල් වෙන්න කියලා. වසර 30 කට පසුව පළමු වරට මට වෙනත් පක්ෂයකට ඡන්දය පාවිච්චි කරන්න වෙනවා. සිතල බලල නොදී ඉන්නවා
අගමැති තුමා තමයි නියම මොළකාරයා. ඔබතුමාට තව කාලයක් බලන් ඉන්න වෙයි වගේ.
බාරගන්න නම් කට්ටිය එමටයි. එත් ඉතින් දැන දැනම වලේ වැටෙන්න කැමති කවුද? දැන් එක ධුර දර්ශි පාලකයෙකුට දීලා අමාරුවේ වැටුන මදිද?
ඉතින් මිනිස්සු ඡන්දෙ දෙන්න එපෑය
අධ්‍යාපන සුදුසුකම් නැති කවුරු කොපමණ කාලයක් දේශපාලනය කලත්, ඉන්න තැන ඉඳගෙන පුළුවන් විදිහට වැඩ කරගෙන් යනවා හොඳා මිසක්, නිකන් දවල් සිහින හඹා ගිහින් රටේ තත්ත්වය තවදුරටත් විනාස නොකර වැඩක් බලාගෙන හිටියොත් හොඳ බව කියමි.
ඔබතුමා පමණක් ජනාධිපති සටනට ඉදිරිපත් වුනොත් මහා ජනතාව වන අපගේ සම්පුර්ණ සහයෝගය ලබා දෙනවා
ජනාධිපතිවරණයේ දිනය කියනතුරු ජනධිපති අපේක්ෂකයා හෝ අපේක්ෂිකාවගේ නාමය කිසි සේත්ම ඉදිරිපත් කිරීමට අවශ්‍ය නැත
ඔයා කියන්න ඕනේ නැහැ .ජනතාවයි මේක කියන්න ඕනේ. දර්ශය ප්‍රතිපත්තිය ඉදිරියෙන් තියන්න.ඒ මොකුත් නැතිව මොනවද මේ කියන්නේ. ජනතාව දැන් සයිබර් ලෝකයක ඉන්නේ.
අනේ ඉතින් රටට දෙවි පිහිටයි.
ඔබතුමාගේ හාමිනේ නම් කලින්ම ලෑස්තියි වගේ...
අපි ඔයාට දෙන්නේ නැහැ.
හොඳට මතක තියාගන්න... මෙදා පාර ඔබට වත් රාජපක්ෂ පවුලේ හෝ ඔවුන් ඉදිරිපත් කරන කිසිම පුද්ගලයෙකුට වත් අපි ඡන්දය නොදෙන වග... කිසිම දැක්මක් නැති පරණ පිළිකුල් සහගත දේශපාලනය දිගටම පවත්වා ගන්නවා හැරෙන්නට ඔබ වැනි අයට වෙන කළහැකි දෙයක් නොමැත. අපි නාගානන්ද දිනවමු.
අනිවාර්යෙන්ම. වගකීම බාරගන්න කට්ටිය හිටියට මිනිස්සු ආවට ගියාට එහෙම වගකීම් දෙන්න සුදානම් නෑ.
බාරගන්න නම් ඕනෙකෙනෙක් ලැහැස්ති වේවි. 225ම කැමැති වෙයි. ඒත් වැඩේ තියෙන්නේ ඒ එන කවුරුවත් වැඩ කරන්නේ මිනිසුන්ට නෙවේ. තමන්ටමයි. වෙනස ඕකයි. ඉතින් අපි මොකටද ඔහෙලාට බාරදෙන්නේ?
උස එක්කෙනාද? කොට එක්කෙනාද අගමැති කරන්නේ?
පව්!!! වෙන මොනවා කියන්නද?
මොන කෙහෙල්මලක් කරන්නද? අපේ වගකීම තමයි ඔහේට රටේ වගකීම නොදීම...
කවුරු කෙසේ කීවත් මෙරට මීළඟ ජනාධිපතිවරයා වියයුත්තේ නිසි අධ්‍යාපන සුදුසුකම් ඇති හරි දර්ශනයක් ඇති අයෙකු මිස පරම්පරාගත හෝ එසේ නොවන දේශපාලකයකු නම් නොවේ. මෙරට ඉදිරියට යාහැකි එකම මග එයයි. නැතිනම් හෙට උපදින දරුවාට සදහටම ජීවත් වීමට සිදුවන්නේ දුගඳ හමන අසුචි වලකයි.
මට තාම මතක තියෙනවා. පේමදාස ජනාධිපති කාලේ කතරගමට පාද යාත්‍රා ගියා දේව කන්නලවකට..., පාද යාත්‍රාවේ යන මිනිස්සු අතේ තිබුණා මෙන්න මෙහෙම බැනර් එකක්.. මුහුණු සයකි. අත් දොළසකි. මයුරා පිට වාහනේ.. රුහුණු රටේ කන්ද කදිර දේවරාජා සාමිනේ..
ආ.. සූදානම්, තාම "අ" යන්න කියෙව්වා විතරයිනේ. ඕක විතරක් මදි. ඊගාවට සුදුසුකම ඕනෑ, ඊළඟට හැකියාව ඕනෑ, අන්තිමට ජනමතය ඕනෑ. ඒ්ක පැන්නොත් නායකකම අතට ගන්නත් ඕනෑ. ඔය කඩඉම් ඔක්කොම පැන්නොත් විතරයි ඔය කියන වගකීම (?) ගන්න පුළුවන්. කොහොමත් නායකතුමා කියලා තියෙන්නෙ "හැකියාවට රැකියාවක්" කියලා නේද?
කව්ද එයාට වගකීම බාර දෙනවා කියලා කිව්වේ?
ඔබට කිසිසේත් මෙම ජනාධිපතිවරණයෙන් ජයගන්න බැහැ. මන්ද ඔබ සාම්ප්‍රදායික එජාප සියල්ල ලැබෙයි කියා උපකල්පනය කළත් එය ලක්ෂ 35කට වැඩි නොවේ. ඔබට වඩා ඡන්ද පදනමක් මහින්දට උතුරෙන් හැරුණු විට තිබේ... මෙම ඡන්දයෙන් ජයග්‍රහණ කරන්නට නම් අනිවාර්යයෙන් උතුරේ ඡන්දත් මුස්ලිම් බහුතරයත් කිසි දේශපාලන පක්ෂයකට නැති ඡන්ද ලක්ෂ 15 කිසියම් ප්‍රමාණයක් දිනාගැනීමට හැකි විය යුතුයි. එමනිසා ඔබට මෙය හීනයක් පමණි. මෙවර එජාපය පැරදුණහොත් යලි බලයට එ්ම ගැන සිතා ගැනීමටවත් නොහැක. එමනිසා මේ තීරණාත්මක අවස්ථාවේ පක්ෂය විනාශ නොකරන මෙන් කාරුණිකව එල්ලනවා...
"හීන හතක් මැද විමනක් සැදුනයි " හැබැයි ඕක ඇතුලේ සීත සඳුන් සුව නම් පිරෙන එකක් නැහැ..
ඔබට ජය පතමු...
ලයික් එකක් දානකොට ඩිස්ලයික් 70 කින් වැඩිවෙනවා. ලැජ්ජාවේ බැරුවා. මදැයි මාධ්‍ය නිදහසේ පුරාජේරුව...
අපි නම් සූදානම් නෑ. එ්ත් මහින්ද, මෛත්‍රී වගේ අය නම් සූදානමෙන් ඇත්තේ... දැනටත් ඉන්නේ ඒ පැත්තේනේ කොහොමත්...
ඔබතුමා දන්නවද? රටේ වගකීම ඔබතුමාට බාරදෙන්න මේ රටේ ජනතාව සූදානම්ද කියලා. ගම් මට්ටමේ නම් එහෙම දෙයක් පේන්න නෑ. ඔබතුමා හැම වෙලාවේම කියනවනේ ප්‍රේමදාස යුගයක් නැවත ඇති කරනවා කියලා. ඉතින් ඒක අහලා ගම්වල මිනිස්සුන්ගේ ඇඟේ මයිල් කෙලින් වෙලා තියෙන්නේ, බයට. ගම්වල තිබුණු ටයර් එහෙමත් හංගලා. කොල්ලෝ බෝල් පොයින්ට් පෑනක් දැක්කමත් බයවෙනවා.
බාර ගන්න සූදානම් වුණාට සමහරු ඒ වගකීම බාර දෙන්න කැමති නැති බව නේද පෙනෙන්නේ? අපට ආරංචි වුනේ නම් මීට කලින් පැවති පක්ෂ නායක රැස්වීමේදී සන්ධාන නායකත්වය එක්සත් ජාතික පක්ෂයට ලබාදීමටත් එකී නායකත්වයට නිෂේධ බලයක් ලබාදීමටත් සන්ධාන ලේකම් ධුරය සන්ධානයේ වෙනත් පක්ෂයකට ලබාදීමටත් සජිත් ප්‍රේමදාස, මලික්, කබීර් වැන්නෝ කිසිදු විරෝධයක් නොදක්වා එකඟ වූ බවයි. මෙවර එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සජිත් ප්‍රේමදාස සහ පිරිස ලේකම් ධුරය තමන්ට ඉල්ලමින් විරුද්ධ වූ නිසා සිදුකළ ඡන්ද විමසීමේදී 35දෙනෙක්ම එම ඉල්ලීමට විරුද්ධවූ බවත් පක්ෂ වූයේ 7 දෙනෙක් පමණක් බවත් තමා දැනගන්නට ඇත්තේ... කෙසේවුවත් මේ සිද්ධිය මාධ්‍ය මඟින් ප්‍රචාරය කර ඇත්තේ එජාපය දෙකඩ කරන විශාල මත බේධයක් උද්ගත වී ඇති බවයි. මෙයනම් එජාපයේ අනාගත ජයග්‍රහණයක සුබ ලකුණක් නොව පරාජයක අසුභ ලකුණක් බව නම් කිවයුතුයි.
කවුරු කොහොම සූදානම් වුණත් ජනතාව වන අපිත් ලෑස්ති වෙන්න එපායැ නේද? අනේ ඉතිං උගත්, බුද්ධිමත් ජනතා නායකයෙක් කියලා එකෙක්ගේ නමක් දාගන්න බැරි මේ රටේ ඡන්ද දායකයන් වන අපි එන එකෙකුට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් දෙනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? අඩුවෙන්ම මිනී මරපු, අඩුවෙන්ම කුඩු හා කසිප්පු විකුණූ හෝ අඩුවෙන්ම බාර් ගානක් තියන කටමැද දෙඩවීම අතින් සංසන්දනාත්මකව අඩු යන නිර්ණායක මතවත් එකෙක් තොරාගන්න වෙයි දැන් මේ පාර. අනේ නොදකින්. අපේ කරුමේ උඹලගේ උරුමේ...
වගකීම ඔඩොක්කුවට වැටෙනකම් බලාඉන්න මහත්තයෝ...!
වටිනාකම් මෙන්ම දුර්වලකම් කාටත් පවතින බැවින් තනිමතයට ඉඩ නොතබා සාමූහික, සුහද මතගැටුමක ඵලයෙන් හදන නීති මගින් සියලු පාලනයන් කළයුතු බව පිළිගන්නා නවීන වූ විද්‍යාත්මක වූ ප්‍රායෝගික වූ හා බලධාරී වූ ක්‍රියාවලිය අනුව සළකා බලද්දී, මේ රටේ වගකීම භාරගන්න මම සූදානම් කියන සජිත්ගේ මේ වැකියම ඉතා බොළඳ බව නොවැටහෙන්නේ පාලනය පිළිබඳ පළපුරුදු නැති මෙවැනි වැකි අසා රැවටෙන අඳ බාලයින්ට පමණි. ඵලදරන්නේ පොදු මතය රජකරවීම තුළින් පමණි. කවුරු කොහොම කිව්වත් 2015දී එවැනි පොදු මතයකින් බිහිවූ වත්මන් ජනපති නිසා එවකට බලයේ හිටි ජනපති යමින් හිටි වැරදි වූ ඒකාධිපති වියරු ගමන නිසා රටට වෙන්න තිබුණු මහා වියවුල වැළකී වත්මන් ජනපතිගේ පළපුරුද්දේ අඩුකමින් වෙන්නට ගිය හානියත් යම්තාක් දුරට බේරාගැනීමට සමත් වූ ස්වාධීන කොමිෂන් හා 19 වැනි ව්‍යවස්ථාව සම්මත කරගැනීමට ලැබීම ඇතුළු සමහර වටිනාකම් උදාකරගත හැකිවූයේ එසේ 2015දී සාමූහික මතය අනුව කටයුතු කළ නිසා බව පිළිගතයුතු නොවේද? සංකීර්ණ අවුල් ජාලයක් මැද මුළු ලෝකය සමග වේලි මේ රට පාලනය කිරීමට රාජ්‍ය පාලනය පිළිබඳ නිසි පලපුරුද්ද අත්‍යාවශ්‍ය වකවානුවකයි අද අපි ඉන්නේ... සජිත්ට තව පළපුරුද්ද අත්‍යාවශ්‍යමයි...
මෙතුමා එජාපයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුණත් නැවත රනිල් වික්‍රමසිංහ ඇතුලු කලින් පිරිසම තමන්ගේ තනතුරුවලට නැවතත් පත් වුනොත් එම සුසංයෝගයෙන්ද අපිට පෞරුෂමත් මෙන්ම ශක්තිමත් ආණ්ඩුවක් රටට නොලැබෙන්න පුලුවන් සහෝදරවරුනි. ඔබ කුමන පක්ෂයක ගැත්තෙකු වුනත් ප්‍රශ්නයක් නැහැ. ඒත් මේ ජනාධිපතිවරණයේදී ප්‍රධාන හෝ සෙසු කුමන පක්ෂයකින් හෝ වේවා උගත් මෙන්ම පෞරුෂමත් පැහැදිලි ප්‍රතිපත්ති මාලාවක් ඇති අපේක්ෂකයෙකුට තමන්ගේ මනාපය දෙන්න පසුබට වෙන්න එපා මිත්‍රවරුනි. මොකද මොනදේ කරන්නත් අපිට රටක් තියෙන්න ඕනේ... ඒ වගේම ඒ රටේ ශක්තිමත් නායකයන් ඉන්නත් ඕනේ.
ආර්යාව නම් දැනටම ප්‍රකාශ කරලයි තියෙන්නේ... වගකීම බාරගන්න ඉහළින්ම සුදානම් බව.
වගකීම ඉටු කළ හැටි අපිට තවම මතකයි...
මට හිතෙන්නේ හිටන් එක්ක ගිහිල්ලා මෙයාටත් පිස්සු හැදිලා වගේ.
මෙන්න මෙයාටත් හිටන්ගේ ලෙඩේ බෝවෙලා...
එක්සත් ජාතික පක්ෂය කැඩීමට අපේක්ෂා කරපු නැන්දගේ අනාවැකිය හරියන්නේ නැහැ කොල්ලෝ... නැන්දට අවශ්‍ය වෙලා තියෙන්නේ එයාගේ ලොක්කම නැවත ගේන්න. මෝඩ නොවී අධ්‍යාපන සුදුසුකම් ඇති හැකියාවක් ඇති ජාත්‍යන්තරය දන්නා කෙනෙකුට ඉඩ දෙන්න.
අනේ වැඩේ හරිද? දැන් අර කකුලෙන් අදින අය කැමතිද මේ වැඩේට...? බලමු නේද තව කල් තියනවනේ...
මතකයි තාත්තා කරපු හැටි.. කමක් නැහැ ජනගහනයත් වැඩියිනේ...