
(අංජුල මහික වීරරත්න)
විදෙස් රටවලට ශාක කොටස් සහ ශාක ආශ්‍රිත නිශ්පාදන යැවීමේ දී අවශ්‍ය කරන නිරෝධායන සහතික නිකුත් කරන මධ්‍යස්ථානයක් ගාල්ලේ දී විවෘත කෙරිණි.
ශාක නිරෝධායන සේවය මෙතෙක් කොළඹට සීමා වී තිබූ නිසා උතුර, නැගෙනහිර, දකුණ හා මධ්‍යම පළාත් වල ජනතාවට ශාක නිරෝධායන සේවාවන් ලබා ගැනීමේ දී විශාල මුදලක් දරමින් හා කාලය, ශ්‍රමය වැය කරමින් කොළඹට පැමිණීමට සිදු වන බවට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණිලි ලැබී තිබිණි.
ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ශාක නිරෝධායන සේවාව ප්‍රාදේශීය මට්ටමින් ව්‍යාප්ත කිරීම සඳහා කොළඹ මධ්‍යම තැපැල් කාර්යාලයට අමතරව යාපනය හා මහනුවර තැපැල් කාර්යාල ආශ්‍රිතව ද ශාක නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවා තිබේ.
ගාල්ලේ ශාක නිරෝධායන මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කමනී රණතුංග මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාපනයේ, අනුරාධපුරේ, පොළොන්නරුවේ, මජඩකලපුවේ, නුවර එළියේ මිනිස්සු පාරෙත් අරන්... කොළඹට හරි, ගාල්ලට හරි යන්න ඕනෑ නිරෝධායනය කරන් එන්න. මේවා දුරින් තියන තරමට තමයි අදූරදර්ශී දැක්ම කියන්නේ...!