IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රට යවන තැන වංචා හොයන්න විගණනයට තොරතුරු දෙයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පසුගිය සමයේ සිදුවූ වංචා දූෂණ පැමිණිලි 15කට අදාලව විමර්ශනය කිරීම සඳහා අභ්‍යන්තර විගණන අංශයට තොරතුරු ලබාදුන් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඇතැම් දේශපාලඥයින් සිය ඥාතීන් කාර්යාංශයේ රඳවා තබමින් මුදල් වංචා කළ ආකාරය සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි ද  කාර්යාංශයේ සභාපතිවරයා  ප්‍රකාශ කළේය.

පසුගිය රජය සමයේ අනීතික අයුරින් E-8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ රැකියා ලබාදීම සඳහා ගිවිසුම් අත්සන් කළද දකුණු කොරියා තානාපති කාර්යාලයේ දැනුම් දීම පරිදි එම රැකියා ලබාදීම නතර කළ බවත්, ඒ අනුව නිකුත් කරන ලද වීසා අවලංගු වන බවත් සභාපතිවරයා කීය.

දකුණු කොරියාවේ රැකියා ලබාදන බව පවසා මුදල් වංචා කිරීම සම්බන්ධව පැමිණිලි රාශියක් ලැබී ඇතැයි කී සභාපතිවරයා  ඒ වෙනුවෙන් ඉදිරියේදී  නීති ක්‍රියාමාර් ගන්නා බව සභාපතිවරයා සඳහන් කළේය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්   සභාපතිවරයා මේ බව පැවසීය.

 



අදහස් (0)

රට යවන තැන වංචා හොයන්න විගණනයට තොරතුරු දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 744 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 368 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site