
(යොහාන් භාසුර)
වෙරිටේ රිසර්ච් ආයතනයේ ‘රට හිතන හැටි’ දීප ව්‍යාප්ත ජනමත විමසුමේ පෙබරිවාරි මස ප්‍රතිපල අනුව රටේ කටයුතු ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ජනතා තෘප්තිය තව දුරටත් පහත බැස තිබේ.
වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන ජනතා කැමැත්ත පසුගිය ඔක්තෝබර් මාසයේ පැවති මට්ටමේම පවතින අතර ආණ්ඩුව වැඩකරන ආකාරය අනුමත කරන බව රටේ වැඩිහිටි ජනගහණයෙන් සියයට 10 ක් අනුමත කර තිබුණි.
රටේ වැඩකටයුතු සිදුවෙමින් පවතින ආකාරය ගැන තෘප්තිමත් වන බවට රටේ වැඩිහිටි ජනගහණයෙන් සියයට 7 ක් ප්‍රකාශ කර තිබූ අතර එය සියයට 4 ක් දක්වා පහත ගොස් තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවට පෙර හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ යටතේ වූ ආණ්ඩු සමයේ ද සිදුකළ මෙම සමීක්ෂණයේදී පසුගිය වසරේ (2022) ජූනි මාසය සඳහා ලැබුණු අගයන් අනුව ආණ්ඩුව වැඩකරන ආකාරය ගැන ජනතා අනුමැතිය සියයට 3 ක සහ රටේ වැඩකටයුතු සිදුවෙමින් පවතින ආකාරය ගැන තෘප්තිය සියයට 2 ක පැවතුණි.
මෙම ජනමත විමසුමෙන් ජනතාවට රටේ ආර්ථිකය ගැන පවතින විශ්වාසය ද ඇගයුමට ලක්කළ අතර පෙබරවාරි මාසයේ එය සෘණ 78.4 කි.
මෙම ඇගයුම සිදුකිරීමට බහුවර්ණ ප්‍රශ්න භාවිතා කර තිබෙන අතර, එම ප්‍රශ්නවලට ලැබී තිබෙන ප්‍රතිචාරයන් සෘණ 100 (-100) සිට ධන 100 (+100) දක්වා පරාසයක තබා ඇගයුමට ලක් කිරීමෙන් මෙම අගය ලැබී තිබේ.
විමසුමට ලක් කිරීම සඳහා භාවිතයට ගන්නා ප්‍රශ්න සහ ගණනය කිරීම් ශ්‍රී ලංකාවට ගැලපෙන අයුරින් සකසා මෙම සමීක්ෂණය ක්‍රියාත්මක කළේය.
රට පුරා ජනතාව නියෝජනය කරන නියැදියක් හරහා රටක සමස්ත ජනමත විමසුමට ලක්කිරීමටා හැකිවීම මෙම ක්‍රමයේ විශේෂත්වයයි.
වෙරිටේ රිසර්ච් මේ සඳහා භාවිතා කර තිබෙන්නේ මෙම කරුණ තෘප්ත කරන පුද්ගලයින් 1000ක නියැදියකි. වෑන්ගාර්ඩ් සර්වේ ආයතනයය දත්ත එකතු කිරීමට සහාය ලබාදී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ වෙන රටකට යන්න ක්‍රමයක් ගැන වෙහෙසෙමින් ඉන්නේ මේ රටේ ඉඳලා වැඩක් වෙන්නේ නැහැ..
ඔය දත්ත පිළිබඳව අපට කිසිම විශ්වාසයක් නෑ. රෝහිත, ජොනී, ප්‍රසන්න, නිශාන්ත, නාමල්, සුජීව, සජිත් කියන දත්ත පමණයි අපි පිළිගන්නේ. ජෙප්පන්ගේ දත්ත අපට එපා.
මම විශ්වාස කරනවා රට සහ ආර්ථිකය පිළිබඳ ජනතාවගේ විශ්වාසය මේ ප්‍රශ්න දෙකටම 3%ක් වෙයි කියලා.
පෝලිම නැතිකළාටද කළකිරිලා තියෙන්නේ?
මුලුමහත් ජනතාවම පාරට බැහැලා උද්ඝෝෂණ කරන්නේ නිකම්ද? සමීක්ෂණ කෙරුවා කියලා වැඩක් නැහැ. රටට වෙලා තියෙන දේ මෙරට පිටරට ජීවත් වෙන අය පවා දන්නවා...