
(අංජුල මහික වීරරත්න)
මිනීමරුවන් සහ අපරාධකරුවන් සමාජයේ එක් පසෙක බලය අත්පත්කර ගන්නා විට ප්‍රජාතන්ත්‍රවාදී ආයතන වල බලය ජවිපෙ කල්ලි බලහත්කාරයෙන් අත්පත් කර ගනිමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
දිනපතාම රට පුරා වෙඩි තැබීම්,මිනිස් ඝාතන සිදුවන අතර මැර කල්ලි, පාතාල කල්ලි, කුඩු කල්ලි, සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජයේ බලය අල්ලාගෙන ඇති බව විපක්ෂ නායකවරයා කීය.
මේවා පාලනය කරන්නට රජයට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බව කී විපක්ෂ නායකවරයා මොවුන් උත්සාහ කරන්නේ මුළු සමාජයම එක පැත්තකින් මිනී මරුවන්ගේ අතට පත් කිරීමට බව කීය.
යන යන හැම තැනම සිවිල් ආරක්ෂක කමිටු ප්‍රජා පොලිස් කමිටු දේශපාලනීකරණය වී ඇති බව සඳහන් කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මොවුන්ගේ ඊළග උත්සාහය ගොවි සමිතියේ, ධිවර සමිතියේ, කාන්තා සමිතියේ බලය ලබා ගැනීම බව සඳහන් කළේය.
අවසානයේ මොවුන් මරණාධාර සමිතියේ බලය ද දායක සභාවේ බලය ද බලහත්කාරයෙන් ලබා ගෙන පන්සලේ සිටිය යුතු හාමුදුරුවෝ කවුද කියා තීරණය කරන තැනට ඒවි යැයි විපක්ෂ නායකවරයා කීය.
සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ සංසදය සමග පැවති හමුවකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඬන්න එපා.
අනේ ඉතිං ඔයාට බලය අල්ලන්න එපා කියලා කවුරුවත් කිව්වේ නෑනේ. අල්ලන්නකෝ...!
ඔයයි, ඔයාගේ ගෝල බාලයොයි... ඔක්කොම දඟලන්නේ ඕකටමනේ...
රටටම විහිළුවක් වෙලා.
මිනිස් ඝාතන සිද්ධ වන්නේ පාතාල කණ්ඩායම් අතර මත්ද්‍රව්‍ය වෙළඳාමයි, පාතාලයයි කියන්නේ එකම කාසියක දෙපැත්ත. ඔය කියන පාතාල කණ්ඩායම් නිර්මාණය කලේ සහ ඔවුන්ට ආධාර අනුබල දුන්නේ මෙතෙක් කල් ආණ්ඩු දැරූ පුද්ගලයන් බව ඔබට නොවැටහීම අතිශයින් කණගාටුයි. එක අතකින් ඒක අරුමයක් නෙවෙයි... ඒ ඔබට, ඔබගේ බුද්ධියට ගෝචර වන ප්‍රමාණයයි. වත්මන් පාලනය සිදුකරමින් ඉන්නේ ඔබලා විසින් පොහොර දමා සෑදූ පාතාලය නැමති මහා වෘක්ෂය කපා හෙලීමට ප්‍රයත්න දැරීමයි. එය කරනා තුරු පසෙකට වී බලා ඉන්න එක තමයි ඔබට කරන්න තියන හොඳම දේ...
අපරාධ කල්ලි මර්ධනයට වහාම පියවර ගත යුතුයි. එසේ නොවුණොත් පාලකයන්ටද තරගයක් විය හැකියි. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ පුටු වෙනස් විය යුතු බව පේනවා.
පියාණෝ බලයේ හිටපු කාලේ කරපු වැඩ ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඔය අපරාධ කල්ලි අද ඊයේ පටන් ගත්තුවා නොවෙයි. කාලාන්තරයක් තිස්සේ බලලෝභී, බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවෝ පෝෂණය කරපුවා...
පියාණෝගෙ කාලේ නම් ඔහොම වෙලා තිබුණා වගේ මතකයි.
61 වතාවක් අගමැතිකම ගන්න කියපු වෙලාවේ ගත්තා නම් කෙඳිරි ගාන්න වෙන එකක් නැහැ නේද?