(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රට බංකොලොත් කළ කණ්ඩායම ශ්‍රේෂ්ඨාධිකරණය හඳුන්වාදී ඇති හෙයින් ඒ අයගෙන් වන්දි ඉල්ලන්නැයි ආර්ථික බංකොලොත්භාවය නිසා ජීවනෝපාය නැති වූ පිරිස්වලින් තමා ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (15) පැවසීය.
රටේ ආර්ථික බංකොලොත්භාවය ඇති කළ පිරිස හඳුන්වාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ඓතිහාසික එකක් බව පැවසූ විපක්ෂනායකවරයා පාලකයන් රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු බවද ප්‍රකාශ කළේය.
ප්‍රේමදාස මහතා මෙසේ පැවසූවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වන්දි ඉල්ලීම කෙසේ වෙතත් ගමේ පොහොට්ටුවො තවමත් උන්ටම තමයි කියලා අමතක කරන්න හොද නැහැ අපේ ගමේ නම් පාසලේ දෙක වසරට පමණක් ගිය එවුනුයි සහනාධාර පොහොර ගන්න ඇගිලි අත්සන් තියෙන එවුනුයි සමාජ විරෝධී කටයුතු කරන එවුනුයි ඔක්කොමලා මල්කැකුලලා තමයි
ලෝකයේ දියුණු රටක නම් එහෙම තීන්දුවක් දුන්නහම ,එම පුද්ගලයන්ගෙන් හෝ සමාගමෙන් වන්දියක් ඉල්ලන්න පුරවැසියන්ට ඉඩ තිබෙනවා ,එහෙම ඉල්ලුවට වරදක් පෙනෙන්නේ නැහැ
සිල්වා මහත්තයෝ ලංකාවේ වෙන්නේ එහෙම අයට වන්දියක් ලෙසට ඊළඟ මැතිවරණය වෙලාවේ මෙතෙක් කිසිවෙකුට නොලැබුණු තරමින් වරමක් දීම තමයි. සාමාන්‍ය මිනිස්සු වුණත් කුමක් හෝ සභාවකට යන්න දූෂිත ක්‍රියාවන් කරනවා... එහෙම කළොත් තමයි ලංකාවේ සමාජයේ හොඳ තැනක් තියෙන්නේ... ලොක්කෝ එහෙම කරද්දී ගෝලයෝ රොත්තම එහෙම කරනවා...!
මහින්දට වඩා ණය ගත්තේ දැන් ඉන්න වඩුග පාලකයා බව jvp කාරයොත් කියනවා. මහින්ද ණය අරගෙන රටට සෑහෙන වැඩ කොටසක් කලා මේ වඩුගයා ණය අරගෙන කල බම්බුවක් නැහැ. රට බංකොලොත් කල සජියා, රනිල් ඇතුළු කට්ටිය බව අපි දන්නවා.