IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


රට පුරා කම්හල් හදන්න ඉඩම් අක්කර පනස්දාහක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

කර්මාන්ත සඳහා ඉඩම් අක්කර පනස්දාහක් වෙන් කිරීමට සැලසුම් කර ඇති බව කර්මාන්ත අමාත්‍යාංශ නිලධාරීහු ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී  පැවසූහ.

මීට පෙර ජාතික සැලැස්මකට අනුව කර්මාන්ත සඳහා ගැළපෙන ඉඩම් ලබාදීමට කටයුතු නොකර දේශපාලනමය හෝ වෙනත් හේතු මත ඉඩම් ලබාදීම හේතුවෙන් විවිධ ගැටලුකාරී තත්වයක්  ඇතිවූ  බව එම කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.

මේ අනුව මේ පිළිබඳව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ඇතුළු අදාළ ආයතන සාකච්ඡා කර ගත හැකි පියවර සහ ඉදිරි සැලැස්ම පිළිබඳව වාර්තාවක්  දෙන ලෙස කාරක සභාව නිර්දේශ කළේය.

මැණික් හා ස්වර්ණභරණ අධිකාරියේ වත්මන් කාර්ය සාධනය සහ ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. ඉදිරියේදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ  මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය ඒකාබද්ධ කිරීමට කටයුතු කරන බව ද නිලධාරීහු පැවසූහ.



අදහස් (4)

රට පුරා කම්හල් හදන්න ඉඩම් අක්කර පනස්දාහක්

Left voter Tuesday, 02 September 2025 11:35 AM

කම්හල් හදන්න ඉස්සෙල්ලා කම්හල්වල හදන්නේ මොනවද කියලා බලල ඉන්න. චින බඩු නිසා ලංකාවේ හදන කිසි දෙයක් ලාභයක් ඇතුව විකුනන්න බැ. නිකං බොරු වැඩ කරන්න එපා , රටේ සල්ලි නාස්ති කරන්න .

:       14       9

ගුණරත්න Tuesday, 02 September 2025 12:00 PM

අන්න හරි. මෙහෙ අමුද්‍රව්‍ය නැහැ, ලාභ විදුලි බලය නැහැ. කම්කරු වැටුප් වෙනත් රටවලට වඩා වැඩියි. ඉතින් මොකක් හැදුවත් වියදම පියවාගන්න මිළ කලහම ඊට වඩා ලාබෙට කොලිටියට පිටරටකින් ගන්න පුළුවන්. ඉතින් පාඩුයි

:       0       0

ගුණරත්න Tuesday, 02 September 2025 12:01 PM

අන්න හරි. මෙහෙ අමුද්‍රව්‍ය නැහැ, ලාභ විදුලි බලය නැහැ, කම්කරු වැටුප් වෙනත් රටවලට වඩා වැඩියි. ඉතින් මොකක් හැදුවත් වියදම පියවාගන්න මිල කලහම ඊට වඩා ලාභයට කොලිටියට පිටරටකින් ගන්න පුළුවන්. ඉතින් පාඩුයි

:       0       0

කෞෂි Tuesday, 02 September 2025 12:00 PM

ගජමිතුරන්ට රජයේ ඉඩම් ටික කුණුකොල්ලෙට බෙදලා දෙන මගඩියක් මේක. දැන් ඉන්න ඇමතිලා දෙන ගේම් ජනතාව දන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 67 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2016 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site