(අංජුල මහික වීරරත්න)

රට පුරා කුකුළු ගොවිපොළ 140ක් මෙි වන විට වැසී ගොස් ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

කුකුළු කෑම හිඟ වීම ආදී ප්‍රශ්න නිසා  මව් සතුන් පවා මසට විකුණා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

පශු සම්පත් අංශ නිලධාරීන් අමතමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුයේ මෙම ප්‍රශ්නය විසඳීම සඳහා කඩිනම් සැලසුම්  සකස් කළ යුතුව ඇති අතර පශු සම්පත් සංවර්ධනය සඳහා මෙවර අය වැයෙන් වෙන් කරන ලද මුදල් යොදාගෙන හෝ වැසී ගිය කුකුළු ගොවිපොළ  යළි විවෘත කිරීමට කටයුතු කළ යුතුව ඇති බවයි.