(යොහාන් භාසුර)
නව ජනාධිපතිවරයා සහ ඔහුව පත්කිරීමට කටයුතු කළ පුද්ගලයන්ට රට වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩගැනීමට හැකිවේ යැයි අඹමල් රොනකවත් විශ්වාසයක් නොමැති බවත් රට වර්තමානයේ පවතින තත්වය තුළ රටේ නායකත්වය ලැබිය යුත්තේ සුජාතභාවය හිමි කණ්ඩායමකට බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (21) පැවසීය.
ඩලස් අලහපෙරුම ජයග්‍රහණය කළේ නම් සජිත් ප්‍රේමදාස සහ ඔහු සමඟ සිටින පිරිස ඇතුළුව සියලු දෙනා ඒ පාලනය නියෝජනය කිරීමෙන් මහජනයා තුළ විශ්වාස දිනාගැනීමට සමත් පිරිසකගේ පාලනයක් ඇති වන බව කී වීරවංශ මහතා එවැනි සුජාතභාවයක් සහ විශ්වාසයක් ඇති පිරිසක් පත්වූයේ නම් ජනතාව අමාරුවෙන් හෝ ඒ සමඟ අනුගත වන බව ද සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 134 ක ඡන්දය ලබා ජනාධිපති ධූරයට පත්වුවද රටේ කෝටි ගණනක ජනතාවගේ සුජාතභාවය ඉතා අල්ප මෙන්ම එවැනි පාලනයකට අර්බුදය කළමනාකරණය කිරීමට ඉඩ ලැබේ යැයි විශ්වාස කළ නොහැකි බවත් එවැනි පාලනයකින් නැවත පීඩනය පුපුරායාමේ හැකියාව වැඩි මෙන්ම එය මර්ධනයෙන් පාලනය කිරීමේ හැකියාව අඩු බවත් වීරවංශ මහතා කීය.
රනිල් වික්‍රමසිංහ මහතා 88, 89 අරගලය සාර්ථකව මර්ධනය කරපු නිසා ඡන්දය දීපු මන්ත්‍රීවරු ඔවුන්ගේ ගැලවුම්කරු ඔහු යැයි විශ්වාස කරන බව කී වීරවංශ මහතා සඳහන් කළේ 88, 89 කාලයේ සාමාජ මාධ්‍ය, වට්ස්ඇප් නොතිබුණත් වර්තමානයේ එවැනි දේ තිබීම හේතුවෙන් ආතතියෙන් පෙළන තරුණ සහ මැදි වයසේ මහ සමාජයක් පාලනයකින් තොරව අදහස් හුවමාරු කරගන්නා වර්තමානයේ අරගලයක් 88, 89 පන්නයේ මර්ධනයකින් යටපත් කිරීමට හැකියැයි සිතීම සාධාරණ නොවන බවත්ය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහට පිළිගත හැකි රටකින් සැළකිය යුතු සුබපැතුම් නොලැබීම තුළ ඔහුට ජාත්‍යන්තර පිළිගැනීමක් හෝ දේශීය වශයෙන් පොදු පිළිගැනීමක් නොමැති බවත් එවැනි පාලනයක් තුළ ආර්ථික අර්බුදය අපාලිතව තවදුරටත් වැඩෙන බවත් වීරවංශ මහතා සඳහන් කළේය.
තවත් මාසයකින් දෙදකින් හෝ තුනනික් නැවත ජනතා පීඩනය තිව්‍ර වී පුපුරා යන බව කී ඒ මහතා බටහිර බලාපොරොත්තු වන ලේ ගංගාව ඒ මගින් නිර්මාණ වීමට ඉඩ ඇති බව ද සඳහන් කළේය.
එවැනි තත්වයක් ඇතිවුහොත් එක්සත් ජාතීන්ගේ හමුදා හෝ ඉන්දීය මැදිහත් වීමකට පොට පෑදී රට බිහිසුණු මාවකට ගෙන එන තැනකට පත්විහැකි බවත් එවැනි තත්වයක් ඇති නොවීමට සර්ව පාක්‍ෂික එකඟතා අන්තර් පාලනයක් ඇති කරගැනීම සඳහා පාර්ලිමේන්තුවට ලැබුණු අවස්ථාව අවාසනාවකට මඟ හැරුණු බවත්ය.
මන්ත්‍රීවරු 134 ක් රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්ද ප්‍රකාශ කිරීමේ පොදු හේතුව මන්ත්‍රීවරුන්ගේ අනාරක්‍ෂිත මනස බවත් ආරක්‍ෂාවක් නෑ, ගෙවල් ගිනිතිබ්බා, ගමට යන්න බෑ, ප්‍රචණ්ඩ ලෙස පහර දෙන්න එනවා ඒ තත්වය අවසන් කරන්න පුළුවන් ඒ සම්බන්ධව කීර්තිමත් උපාධියක් ලබාසිටින රනිල් වික්‍රමසිංහට පමණක් බව විශ්වාසය බවත් වීරවංශ මහතා කීය.
අරගලය අවසානයේ ඡන්ද 69 ලක්‍ෂයකින් ජයලැබූ ජනාධිපති ගෙදර යවලා ඡන්දෙන් පැරදුන රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති පුටුවේ වාඩු කරවා ඇති බව කී වීරවිංශ මහතා සඳහන් කළේ ජනාධිපති මන්දියර වටලන අවස්ථාවේදී හැර වෙනත් කිසිඳු අවස්ථාවක ජනාධිපතිවරයාට ඉවත් වන ලෙස ප්‍රකාශ නොළේ එවැනි දෙයක් වුවහොත් එය අරාජිකත්වයක් ඇති කිරීමත් බව ද සඳහන් කළේය.
තරුණ අරගලකරුවන්ට එය තේරුම් ගැනීමට සිහියක් බුද්ධියක් සහ කල්පනාවක් නොතැබුණු බවත් අරගලකරුවන් මන්දිරය වටලන විට වෙඩි තියන්න නියෝග නොකරපු ජනාධිපති ගෙදර යවා අරගලකරුවන් පරිප්පු කවන්න බලාගෙන ඉන්න කෙනෙක් පත්කර ඇති බව ද වීරවංශ මහතා වැඩි දුරටත් සඳහන කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී අද (21) පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා ගැනමද ඔයා කියවන්නේ...?
සුජාත බාවය හිමි අයට හිමි වෙන්න ඕනෙනම් බ්‍රෝ ඔයා අයින්වෙන්න හොර පාස් පොර්ට් කුට ලේකන හදාගත්ත පවුලකට කොහෙද සුජාත බාවයක් ?
ඔය කියවන්නේ ඔබ ප්‍රාර්ථනා කරන දෙයයි. අරගලකරුවන් කෙසේ වෙතත් මහජනතාව ඔබ හිතන තරම්ම මෝඩ නෑ
මරණාසන්න හදවත් රෝගියකුගේ ජීවිතය බේරා ගැනීමට එන වෛද්‍යවරුන්ගේ කණ්ඩායම ඔබ ඔය කියවන 'සුජාතභාවය' රෝගියගෙ පලමුව සොයා බලනවද..? නැතිනම් ඒ දොස්තරවරුන්ගේ දක්ෂකම තුලින්ම ජීවිතය බේරා ගන්නවද..? මම නම් දන්නේ නැහැ එන රෝගියා 'සුජාතද' කියලා පලමුව බලලා ඔහුට ශල්යකර්මයෙදි දෙන ලේ වර්ගයත් 'සුජාතද' කියලා බලනවා කියලා..! අද රටේ ආර්ථිකය මෙවැනි රෝගී තත්වයක තියෙන්නේ..!
me monawa kiyawanawada manda? dan ek ekkenaata kade gihin pin padi gaththa athi. gedara gihin henak kotagena jiwathwenna balanna. issarahata aahaara aheniyak enawalu.
වැපිරූ දේ අනුව අස්වැන්න නෙලා ගනු ඇත.
ඔය කියන සුජාතබව මෙයාගෙ තියනවා වගේ තමා ලොකු කතාන්දර කියවන්නෙ.... මෙයා ධනය උපයාගත් විදිය ගැන තවම උසාවියෙ නඩු යනවා..... අවුරුදු 12 වඩා කැබිනට් ඇමති කෙනෙක් රටට කරපු එක වැඩක් තියනවද...? තවම මෙය ලෝක බැංකු ප්ලග් එක ගලවනවා. හොර පාස්පෝට් හදල මුලු පවුලම රටට වංචා කරනවා..... පොලිස් නිලධාරීන්ට පාරෙදි පහරදීල චන්ඩි පාට් දානව... ඔන්න මෙයාගෙ සුජාතබව. ටිකක්...... 88, 89 කාලෙ මෙයත් හොදම ගෞරව උපාදිධාරියෙක්..... තව තියනවා මෙයගෙ සුජාතබව ගැන කතා ගොඩක්....
පවතින තත්ත්වය මත ඊළඟ ජනාධිපතිවරණයෙන් ජනතාව විසින් තමන් කැමති කෙනෙක්ව පත් ගරගන්න තුරු කරුණාකර කුකුලෙන් ඇද ඇද නැවතත් කැරලිවලට රුකුල් නොදී සිටී නම් වඩා හොඳය. මෙයාලා එක එක විකාර දොඩවනකොට මෙලෝ හසරක් නැතිව කැරලි ගහන්න බලන් ඉන්න අය පන්දම් අතට ගන්නවා. අහිංසක ජනතාව අමාරුවේ . දරුවන්ගෙ අධ්‍යාපනය නතර වෙලා.
මෙයාට අැමතිකමක් ලබුනම ගුන වයන හැටි බලන්න.
ඔය කතාව කියන වීරවංශ උන්නැහේට තිබෙන දේශපාලන සුජාත භාවය? ඇට නැති දිවෙන් ඕනෑම අයෙකුට එරෙහිව නීච කථා මවපු සහ මවන දේශපාලන වෛශ්‍යා වෘත්තීය දක්ෂතාවය සහ කොල්ලකෑම පමණක් දත් ඔබ වැන්නෙකුට මහජනතාවට උපදෙස් දීමට ඇති අයිතිය? තමුන් තවම රාජපක්ෂ පවුලට කහින්නෙක් පමණයි.....
මේ වැඩකට.නැති කථා දාල මිනිස්සුන්ගෙ වටිනා කාලය අපතේ යවන්න එපා මොකද වීමල් කියන්නෙ උගතෙක් නෙවෙයිනේ
ඔයාටත් ඇමතිකමක් දෙයි.බයවෙන්න ඵපා
හරි සුජිතයෝ කට්ටියම (තුම්මුල්ලේ විමල් ,උදය හෝ හවස ,වාසු හෙවත් කිරිඇල්ලේ බුදුහාමුදුරුවෝ කියන කට්ටිය) එකතුවෙලා ඊළඟ මහ මැතිවරණයට සංධාන ගතනොවී ඉදිරිපත් වෙලා දිනුවොත් පමණක් නුඹලා හපන්නු වෙනවා එහෙම බැරි වුනොත් කයිවාරු ගැසීම නවතා දේශපාලනයෙන් තොලොංචිවෙලා යාමට සූදානම් වෙයල්ලා
හලෝ සුජාතභාවය තිබෙන දේශපාලඥයෝ ලංකාවේ හොයන්න නැහැ. ඔබ හොඳම උදාහරණය. අරගල කරුවන් විරුද්දපක්ෂය හැටියට තියා ගන්න.
කොහේද අනේ සුජාත පක්ෂය තියෙන්නේ? ඔක්කොම ඩීල් කාරයෝ වෙච්චිකොට, වාසියට, මුදලට එහෙට මෙහෙට පනින අය කොහොමද සුජාත වෙන්නේ? වචනෙ තේරුමවත් දන්නවාද දන්නෑ
සුජාතභාවය තියෙන අයට හොර ගමන්බලපත්‍ර හදවන්න පුළුවන්ද?
මොකක්ද ඔය ‘‘සුජාත භාවය‘‘ කියන්නේ? තුම්මුල්ල පැත්තේ කන බොන දෙයක්ද?
මෙයා පට්ට කම්බ හොරෙක්... 2015ට කලින් මුගේ මුලු පව්ලටම ගෙවල් බෙදාගත්තා...