(අප්සරා යෝසිත් විජේසූරිය)
රටේ සියලුම නීති විරෝධී අපරාධ පිටුපස සිටින්නේ දේශපාලකයෝ.ඒ නිසා එවැනි කිසිඳු දෙයකට සම්බන්ධ වී තිබෙන කිසිඳු අයෙකුට යළි මන්ත්‍රීධූරයකට පැමිණීමේ අවස්ථාව අහෝසි කරනවා. ඒ වෙනුවෙන් නීති සම්පාදනයට පවා අපි සූදානම් යැයි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා රත්නපුරදී පැවසීය.
ඔහු මේ බව පැවසුවේ රත්නපුර නගර ශාලාවේදී අද (19) පැවති ජාතික ජනබලවේගය ජනතා සභාව අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා මෙසේද ප්‍රකාශ කළේය.
‘‘අද අපේ රටේ විශාල මුදලක් ඇදිලා යන්නේ මේ වාහනවලට. මන්ත්‍රීවරුන්ට පර්මිට් දෙන්නේ වාහන විකුණන්න නොවේ. දැන් මම දැක්කා රනිල් වික්‍රමසිංහලා හිටපු අයටත් පර්මිට් දෙනවා.
මේ හිටපු අයට පර්මිට් දෙන්නේ මොකටද. සාමාන්‍යයෙන් මන්ත්‍රීවරයෙකුගේ පර්මිට් එකක් විකුණන්න පුළුවන් මිලියන 18 කට ලක්ෂ 150 ත් ලක්ෂ 180 ත් අතර මුදලකට. මේ බර ජනතාවට දරන්න සිදුවන්නේ. අපි සහතතික වෙනවා. මේවා සියල්ල අහෝසි කරන බවට. දේශපාලනය ලාභ ලබන ව්‍යාපාරයක් නොවේ, බිස්නස් එකක් නොවේ දේශපාලනය මහජන සේවයක් බවට පත්වන යුගයක් අපි ආරම්භ කරනවා.
මොනතරම් කණ්ඩායම් හිටියත් මොනතරම් සැලසුම් තිබුණත් අපිට වුවමනා රටක් හදන සැලැස්ම සහිත මිනිසුන්. පතලක් කපන්න, ගල් කොරියක් කරන්න, අරක්කු විකුණන්න වැලිගොඩදාන්න ලයිසන් එකක් දෙනවා මේ බිස්නස් කරන්න ආණ්ඩුවෙන්.
දැන් ආණ්ඩුව කවුද මන්ත්‍රී සහ ඇමති. දැන් ඒ අයටම බලපත්‍ර දෙන්නේ. අපි සැලසුම් කරනවා ආණ්ඩුවේ බලපත්‍ර සහිත බිස්නස් කරන අයට මැති ඇමතිකම් දෙන්නේ නැති ක්‍රමවේයක් හදන්න.
අද අපි දකින සියළූ අපරාධයන් පසුපස සිටින්නේ දේශපාලනඥයන්. දැන් මේ ප්‍රදේශයේ හොරෙන් පතලක් කපනවානම්, එහි මූලිකව පිටුපස සිටින්නේ දේශපාලකයෙක්. ගමේ පරිසරයට හානිකර විදියට කුඹුරක් ගොඩදානවානම් වැලිගොඩදානවා නම්, කොහේ හිර තැනක පස් කපනවානම්,එහි පිටුපස සිටින්නේ දේශපාලකයෙක්.
නීතිවිරෝධී ගල්කොරියක් කරනවානම්, එතන පිටුපස සිට එය කරන්නේ දේශපාලකයෙක්, නීතිවිරෝධී එතනෝල් බිස්නස් කරනවානම් එහි පිටුපස සිටින්නේ දේශපාලකයෙක්.
ඒ නිසා පහුගිය මෑත දවසක අපේ ස්වාමීන් වහන්සේලා එළිදැක්වූවා අපේක්ෂයකු කවරආකාර විය යුතුද යන කාරණාව පිළිබඳව බණ්ඩාරනායක අනුස්මරණ ශාලවේදි.
එහිදී කියවෙන්නේ දේශපාලකයන්ට නඩු තියෙන්න බෑ අපරාධවලට හවුල්වන්න සම්බන්ධවෙන්න බෑ. ඒ කරුණු සියල්ල සපිරි අනුගමනය කරන දේශපාලකයන් වූ අපේක්ෂකයන් ඉදිරිපත් කළ හැකිවන්නේ ජාතික ජනබලවේගයට පමණයි.
ඒ නිසා මෙරට ගොඩනැගීමේ ප්‍රධානතම අරමුණ තමයි මේ දේශපාලන පොරපිටියෙන් මිදීම. ඊළඟට ආර්ථිකය ගොඩනැගීම‘‘. යැයි අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට තමුන්නාසෙත් දේශපාලකයෙක් නේද? එතකොට ඔයගොල්ලන්ගේ පක්ෂේ කවුරුත් පෙර්මිට් එක වික්කේ නැද්ද? පවතින රජය පවත්වාගෙන යන්න රජයෙන් පගාව ගත්තේ නැද්ද? වරාය, ගුවන්තොටුපළවල් විකුනද්දී කට පියාගෙන ඉන්න චතුරගෙන් වැසිකිලිවලදී අල්ලස් ගත්තේ නැද්ද ? මෙන්න මේවට උත්තර දුන්නොත් අපිට ඉන්තේරුවෙන්ම ඔයාට චන්දෙ දෙන්න හිත හදාගන්න පුළුවන්.
ඒ යුගය ආරබ්භ කරන්න ඔන්න එහෙනම් අපි UNP එකට කතිරේ ගහනවා. කොහොමත් එකය්නේ, ඔබතුමාට එතකොට අර පහුගිය කලේ හිටිය වගේ අරලියගහ මන්ධිරේ ඉදන්ම රට ගෝඩන වැඩේ පෙරසේම කරන්න පුළුවන්නේ
අම්මපා.... අපි දැනගත්තේ අදමනේ ??? රතුමලය නොහිටින්නට මේ කපේදී අපිට නම් ඔය විස්තර දැනගන්න ලැබෙන්නේ නැහැ...රතු මලයගෙනුත් අපිට පැනයක් ඇසීමට කැමැත්තෙමු.. ඇත්තටම රතු මල්ලියේ..මලය තමන්ගේ හිතට එකගව අවන්කයෙක් ද හැබෑට ? සමාජ විරෝධී කිසිම කිසි ක්‍රියාවක් මල්ලියේ නුබ අතින් සිද්ද වෙලාම නැද්ද කියපං රතු මල්ලියේ ?? අපිට මලයාගේ එක එක ගොට්ටන්ගෙන් නම් උත්තර අවශ්‍ය නැහැ මලයම උත්තර දුන්නුත් ඔහෙගේත් ඇගට ගුණ වෙයි.
හානේ ඇත්තද ?අපි මෙච්චර කල් දැනන් හිටියෙ නෑනෙ?
ඔහෙත් එහෙම අයගෙන් එක්කෙනෙක් තමයි.
අවුරුදු 71ක් රට උලාකාපු හොරුන්ට ආයෙත්නම් මේ රටේ ජනතාව රැවටෙන්නේ නැහැ. දැන් මේ රටට ඇති එකම බලාපොරොත්තුව ඔබ පමණයි අනුර සහෝදරයා.
දුෂණයෙන් වංචාවෙන් පිරි මේ රටේ දේශපාලනයට තිත තියන්න අපි සුදානම් වෙමු. අපේක්ෂාවේ අපේක්ෂක අනුර කුමාර දිසානායක දිනවමු. ජයවේවා.
පැවැත්ම නඩත්තු කරන පුද්ගලයා කව්රුන් මොනවා කීවත් ඔහු පංචස්කන්ධය පට්ට විධියට පිනවනවා .
ඔය ඔබතුමා කියන විදියට නීති ගෙනාවොත් මහින්ද ටත් රාජපක්ෂ පවුලේ කාටත් සහ එයාලා එක්ක ඉන්න අයගෙන් සියියට 99 කට ගෙදර නොවේ හිරේ ඉන්න වෙන්නේ .
ඔය විදියේ නීති ගෙනාවොත් පාර්ලිමේන්තුව වහන්න තමයි වෙන්න මොකද ඉන්න ය අතරින් සියියට 99 ක් ම දුසිතයෝ ඒ කයි
අපරාදයන් පිටුපස දේශපාලකයන් සිටිනවා යනු ඔබත් ඇතුළුව නොවේද 20 වසරක් පාර්ලිමේන්තුවේ බත් ගිලමින් සිටියා මිස අල්ලස් ධූෂණ නැතිකිරීමට පුද්ගලික පනතක්වත් ගෙන ආවනම් කියන දේ පිළිගත හැකිය
මිනී මැරුම්, චිට් එකෙන් වැඩ නවත්වීම්, නවක වදය දීම් වැනි දේ නීති විරෝධී කටයුතු නොවුනේ හොඳ වෙලාවට, නැද්ද මං කියන්නේ?
කාලයකට පස්සේ ඇත්තක් කිව්වා...
ඔබතුමත් හොයාගන්න දේවල්... ඔය කියන විදියේ දේශපාලකයන් ආරක්ෂා කරන්න කටයුතු කරද්දී ඔය බව දැනගෙන හිටියේ නැද්ද?
සහතික ඇත්ත. අපේ වැරැද්ද. මොකද අපි පත්කරලා යවන්නේ දුෂිතයෝ. සමාජ විරෝධී වැඩ කරන කට්ටිය උත්තරීතර තැනකට යවලා අපි යහපත් සදාචාර සමාජයක් බලාපොරොත්තු වෙන එක වැරදියි. පර්මිට් ගත්ත කට්ටියගේ නම්ගම් එක්ක දැනට එම පර්මිට් වලට ගත්තු වාහන කීදෙනෙක් පාවිච්චි කරනවාද කියලා විස්තර ටිකත් පළකලොත් තමා වැඩේ සම්පුර්ණ වෙන්නේ.
රටේ මොලේ තියන මිනිස්සු දන්නවා සුලමුල . ඕවා ගැන කියන්න තිබුනේ කොයි තරම් කාලෙකට කලින්ද ? පාටවලට පක්ෂ වෙලා දැන් කියවනවා විකාරෙන් වගේ .
ඇයි බය ද ? නම් කියන්න ?
එ.ජා.ප.යේ සිටින සියලුම නායකයන්ට පාඩමක් උගන්වන්න ජාතික ජනබලවේගයට ඡන්දය දිය යුතුයි.
සමහරු මේ රටේ නැතුව අයර්ලන්තය වගේ ඈත රටවල්වල ගෙවල් අරන්. ඕවාත් හොයන්න.
හැබෑට ? බොහෝම ස්තුතියි දැනුමෙන් අඩු අපිව දැනුවත් කළාට.
මේක ඔයා අද දැනගත්තට අපි නම් ඕක දැනගෙන හුඟක් කල්.
සියලු දේශපාලකයන් හොරුන්ය. රතු අලිද එසේමය...