(සුජිත් හේවාජුලිගේ )
රට දීර්ඝකාලීනව වසාදැමීම ප්‍රායෝගික නොවන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
රට කොරෝනාවෙන් බේරාගැනීමට ජනතාවගේ සහයෝගය අවශ්‍ය බවත් රට වසා දැමුණු කාලයේදී ජනතාව දැක්වූ සහයෝගයට ස්තුතිය පුද කරන බවත් අගමැතිවරයා ප්‍රකාශ කළේය.
කොරෝනා පරාජය කිරීමට සෞඛ්‍ය හා ආරක්ෂක අංශ කරගෙන යන කාර්යභාරය අගය කරන බවද රාජපක්ෂ මහතා කීවේය .
අගමැතිවරයා මෙසේ පැවසුවේ අරලියගහ මන්දිරයේදී අද පැවති සාකච්ඡාවකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා කියන කතාව හරියටම හරි. තවත් රට වහලා තිබ්බොත් කොරෝනා වලට වඩා ලොකු ආර්ථික ප්‍රශ්නයකට රට මුහුණ දෙනවා.
ඔන්න ඔහේ ඇරලා දාන්න එහෙනම්
රට වහන්න කියන බහුතරයක් පඩි ගන්න අය අගමැති තුමනි .නමුත් ලංකාවේ 60% ජනතාව එදා වේල හම්බකරන් ජීවත් වෙන අය .එයාලට මේ ඔන්ලයින් ඇවිල්ලා කමෙන්ට් දාන්න විදියක් නෑ .නමුත් එයාලා ගැනත් හිතන්න
රට්ටු එකා පිට එකා මැරුනත් කමක් නෑ.ආර්ථිකේත් ගොඩ දාගෙන ඔබතුමා ඇතුලු ප්‍රභූ පිරිස පරිස්සම් වෙන්න. ඒ ඇති.බුදු සරණයි!!!
කොරෝනා ඇතත් නැතත් ඔබ රට බංකොලොත් කළා .චීනෙට උගස් තිබ්බා
රට වසා දැමීම කොහෙත්ම ප්‍රායෝගික නොවන වග කුඩා ළමයෙකුට පවා තේරෙනවා. හැම කෙනෙකුම මෙයින් ආරක්ෂා වීම වගකීමක් ලෙස සිතා වැඩ කළ යුතුයි . මේ අපහසු අවස්ථාවේ බාල විදිහට දේශපාලනය නොකළ යුතුයි. N.G.O. බත් බැලයින් ගේ කීම මත උද්ඝෝෂණ රැළි නොපැවැවිය යුතුයි . පළමුව ජීවිත බේරගෙන ඉන් පසුව ඉතිරි ඒවා ගැන සිතිය යුතුයි.
ඇත්ත . 70% වාගේ වන කාගෙන්වත් ආධාරයක් නැතිව තමන් ම තමන්ට සවියක් වෙන අය, කඩා වැටුනොත් ගොඩගන්නම බෑ .අනුන්ගේ සල්ලියෙන් කාල ඉන්න මිනිස්සු තමයි වහන්න කියන්නේ.
මේ කොරෝනාවෙන් මරෙන්නේ ලෙඩ තියෙන අයනෙ, මට පේන්නෙ රජය කැමතියි එහෙම අය මැරෙනවට. ඒකයි මෙහෙම රට ඇරගෙන ඉන්න බලන්නෙ .රටේ ඔක්කොටම කොරෝනා හැදුනම ලෙඩ තියන අය මැරෙනව. එතකොට රජයට තවත් ලේසියි කියල හිතනව ඇති. මොකද ඔය ලෙඩ වලට බෙහෙත් වලට යන සල්ලි එතකොට යන්නෙ නෑනෙ. හැබැයි ඉතින් මිනිහෙක් මැරුනම ඒ මැරුන කෙනාගෙ වටිනාකම තියෙන්නෙ පවුල් වල අයට මිසක් කොහෙවත් ඉන්න පාලකයොන්ට නෙමෙයි. ඒක හින්ද පුලුවන් තරම් පරිස්සම් වෙන්න
මොකද ප්‍රයෝගික නැත්තේ .හොරකම් කරපුවැයින් 10 න් එකක් දුන්නා නම් ප්‍රායෝගිකයි
දැන් ඔක්කොම ඉවර වුණාම කියනවා... රට වැසීම ගොන්, අමන වැඩක් කියලා...
මුට්ටි ගඟේ දාලා පැණි විකුණපු සල්ලි වලින් රට හදපු සර්...
තවත් මේ අයට එහෙයි කියන අය ඉන්න කන් මේ රට හදනවා බොරු.. කොහෙද රට වහලා තියෙන්නේ.. නැව් විතරයි පාරේ යන්නේ නැත්තේ.. මුල ඉඳන් ම කිසිම පිළිවෙලක් නැතුව කරපු අමන වැඩ වලින් තමයි මෙ තරම් අමාරුවක රට වැටිලා තියෙන්නේ... අපිට වැටෙන්න කියල ආර්ථිකයක් මුන් ඉතුරු කරලා නෑ... අඩුම ගානේ රටේ මිනිස්සුන් ගේ ජීවිත වත් තම තමන් පරිස්සම් වෙලා රැක ගන්න බලමු.