(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා ක්‍රිකට්වල තත්වයත් රටේ තත්ත්වයත් දෙකම එකක් බව දෙමළ ජාතික සංධානයේ මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියම් රාසමාණික්කම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
රටේ වෙච්ච විනාශය වගේම ක්‍රිකට් විනාශ වුණාට පස්සේ විනාශය වෙන්න දායක වූ අය ඒ ගැන කතා කිරීම විහිළුවක් බවද මන්ත්‍රීවරයා කීය.
ක්‍රිකට් ආයතනය සම්බන්ධ විවාදයේ දී තවදුරටත් අදහස් දැක්වූ රාසමාණික්කම් මහතා:-
ඇමතිවරයා මේ තීරණය ගන්න තිබුණේ බොහෝ කලින්. ක්‍රිකට් සම්බන්ධව ලංකාවට තිබූ ගෞරවය නැති වුණාට පස්සේ මේ තීරණය ගෙන තිබෙනවා.
ශම්මි ද සිල්වා ක්‍රිකට් ආයතනයේ සභාපති වෙනකොට ක්‍රීඩා ඇමති හිටියේ නාමල් රාජපක්ෂ. ක්‍රිකට් ආයතනයේ එකම නම් ටික මාරු වෙමින් තිබෙන හැටි අප දකිනවා.
දැනට විශ්‍රාම ගිහින් ඉන්න ජේෂ්ඨ ක්‍රීඩකයෝත් මේ පරාජයන් වල වගකීම බාරගන්න ඕන.තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා නොදී තමන්ගේ රෙකෝඩ් වෙනුවෙන් ක්‍රීඩා කළා.එකවරම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ඉවත් වුණාම තරුණ ක්‍රීඩකයන්ට කරගන්න දෙයක් නැති වෙනවා.ඒ නිසා සාමූහිකව මේකෙ වගකීම බාර ගන්න ඕන.
දිස්ත්‍රික්ක මට්ටමින් පවා ක්‍රිකට් සම්බන්ධව එකම නිලධාරීන් ඉන්නවා.ඔක්කොම පැරදුනාට පස්සේ මේ වෙනස්කම් කරන්න හදනවා.
ඈත දිස්ත්‍රික්ක වල ලෙදර් බෝලයක් අල්ලපු නැති දක්ෂතා තියෙන දරුවන් ඉන්නවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලන්කාවේ ක්‍රිකට් දේශපාලණීකරණය වුණාම ඔහොම වෙනවා.
ක්‍රිකට් විතරක් නෙවෙයි ලංකාවේ හැම දෙයක්ම විනාශ වෙලා තියෙන්නේ ජනතාව නුසුදුසු පුද්ගලයින්ට ඡන්දෙ දීලා බලය දීමයි. විනාශයට වගකියන්න ඕනෑ මෝඩ ජනතාවයි.
ලංකාවේ හැම දිස්ත්‍රික්කයකින්ම දක්ෂ ක්‍රීඩකයින් දෙන්න බැගින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගැනීම අනිවාර්ය කරන්න ඕනෑ...