(අජන්ත කුමාර අගලකඩ)

රටේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයත් ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායමත් ජනතාවත් දැනුවත් කරන්නැයි ආන්ඩුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනු මන්ත්‍රී කණ්ඩායම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

අගමැතිවරයා සහ ආණ්ඩුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම අතර අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාවේ දී ඔවුන් මෙම ඉල්ලීම කර ඇත.

රටේ ඇතිව තිබෙන ආර්ථික අර්බුදය ගැන ජනතාව දැනුවත් කළ යුතු බැවින්,ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලයත්, ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායමත් දැනුවත් කිරීම වැදගත් බවද ඔවුන් පෙන්වා දී ඇත

මේ අතර, අදහස් දක්වා ඇති මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයකට ඉඩ නොතබන බවට සඳහන් කර ඇත

.