IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රට ගිහින් ආවාම ගැම්මෙන් ඉන්න පුළුවන් රටක් හදනවා

(අංජුල මහික වීරරත්න)

විදේශගත ශ්‍රමිකයන් සේවා කාලය අවසන් කර නැවත රටට පැමිණි පසු ඔවුන්ට අභිමානයෙන් ජීවත් විය හැකි පරිසරයක් ගොඩනඟා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පසුගිය ආර්ථික අර්බුදය හමුවේ රටට විදේශ විනිමය උපයා දෙමින් ඔවුන් ලබා දුන් දායකත්වයට ස්තූතිය පිරිනැමූ ජනාධිපතිවරයා රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට එය මහත් ශක්තියත් වූ බවද ප්‍රකාශ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි කුරුණෑගල සත්‍යවාදී පිටියේදී අද (21) පෙරවරුවේ පැවැති “විගමනික හරසර” වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි. විගමනික ශ්‍රමිකයන් ශ්‍රි ලංකා ආර්ථිකයට ලබා දෙන දායකත්වය ඇඟයිම සඳහා දීප ව්‍යාප්තව සංවිධානය කර ඇති “විගමනික හරසර” වැඩසටහන මෙලෙස වයඹ පළාතින් ආරම්භ කෙරුණු අතර කුරුණෑගල, පුත්තලම අනුරාධපුරය, මාතලේ හා කෑගල්ල දිස්ත්‍රික්කවල විගමනික ශ්‍රමිකයින් 5000ක් පමණ ඊට සහභාගී වූහ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සිදු කරනු ලබන සුභසාධන ප්‍රතිලාභ වැඩසටහන යටතේ ව්‍යවසායකයින් නිර්මාණය කිරීම සඳහා විගමනික ශ්‍රමිකයෙන් යෝජනා කරන ස්වයං රැකියා ආරම්භ කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රාග්ධනය ලෙස රුපියල් 50,000 බැගින් ප්‍රදානය කිරීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි .

 



අදහස් (12)

රට ගිහින් ආවාම ගැම්මෙන් ඉන්න පුළුවන් රටක් හදනවා

Tharanga Sunday, 21 July 2024 06:02 PM

මාන්දමද කොහේද? තව හොරාකන්න හොයනවා...

:       15       49

රංබොඩ Sunday, 21 July 2024 06:03 PM

ඔය සුරංගනා කතා... දන්නා කාලේ ඉඳන් නායකයින් ඇදබානවා...

:       15       51

විජිත් Sunday, 21 July 2024 06:32 PM

ඔව් මුළු රටටම ගැම්මෙන් ඉන්න පුළුවන් "නීතියේ අධිපත්‍යය" ඉහලින්ම රජකරන රටක් අනිවාර්යයෙන්ම හදනවා මාලිමාව ජයග්‍රහණය කිරීමෙන් පසුව. ජාතික ජනබලවේගයට ජයවේවා....!

:       4       8

de silva berlin Sunday, 21 July 2024 09:05 PM

රටගිහින් අවට පස්සේ ගැම්මෙන් ඉන්න කලින් මැදපෙරදිග අතරමන් වෙලා ලංකාවට එන්න විදිහක් නැතුව දුක් විදින ශ්‍රී ලාංකිකයන්ට ටිකට් එක හදල දීල ඔවුන් ලංකාවට ගෙන එන්න කටයුතු කරන්න. සුරක්ෂා නිවාසවල අතරමන් වෙලා ඉන්න පුද්ගලයන්ගෙන් පටන්ගන්න . මේක ලබන මාසේ තුල කලොත් ඔවුන්ගේ සහ පවුල්වල ඡන්ද ටික හරි වැටේවි...

:       0       0

අරවින්ද මොනරවිල Sunday, 21 July 2024 09:52 PM

කියන්න වෙන දෙයක් නැති නිසා කියන ගොන් කතා !

:       0       1

පිටරැටියා Sunday, 21 July 2024 11:16 PM

මෙච්චර කාලකෙට කරන්න බැරි වෙච්චි දේවල් දැනුයි මතක් වෙලා තියෙන්නේ? ජනතාව ගොනාට අන්දලා බලයට ආපු බලලෝබී බඩගෝස්තරවාදී කාලකන්නි දූශිත දේශපාලුවන් නම් හැමදාම කූඩැල්ලෝ වගේ බලයේ එල්ලීගෙන ගැම්මෙන් ජීවත් වෙන්න හදනවා...!

:       0       0

චතුරි Monday, 22 July 2024 01:52 AM

මෙයාට අනුර කුමාර රට හදන හැටි අහන් ඉඳලා. පිස්සු වැටිලා... ඒකයි මේ නාකි පාන්කඩයින්ට කියන්නේ රට තෘණ නායකයින්ට බාර ෆ්හීලා ඔබලා. මේ කරපු අපරාදේට වන්දි ගෙවපල්ලා. නාකියා අරක කරනවලූ මේක කරනවාලු.. නිකම්වත් කියනවාද හොරුන්ට දඬුවම් දෙනවා කියලා. එහෙම කියන්න බැහැනේ මෙයා තමයි ලොකුම හොරා. ජීවිතේ අවසාන ජාලේ හිරේ නොගිහින්. මේ අය ඉන්නේ වෙඩිමුර පත්තු කරලා වැලලෙන්න... ඒක නම් ජිවිතේට වෙන්නේ නැහැ. අවුරුදු 50 නාකි හිප්පෝ පොල් ගෑවා. රට නැත්තටම නැති කෙරුවා. ඒක තරුණ කොල්ලෙක්ට ආසාවට කාර් එකක් ගන්න නැහැ. මොවුන්ගේ ගොබ්බයින්ට විතරයි වාහන පදින්න පුළුවන්... අසරණ තරුණයින් ඇටකටු පෑදිලා. මස් ටිකක් එක්ක වේල් තුනක් බත් කන්න පුළුවන්ද? පව් හරි අසරණයි, ලංකාවේ තරුණ කට්ටිය. දැන්වත් මේ නාකීන්ව හිරේ දාන්න කතිරේ ගහන්න අනුර කුමාරට...

:       0       0

Perera Monday, 22 July 2024 06:17 AM

රට හදන නැකත 2048 නිසා ටිකක් ඉන්න වෙනවා.

:       0       0

ගැමියෙක් Monday, 22 July 2024 08:27 AM

රට නොගිහින් ගැම්මෙන් ඉන්නයි මිනිස්සුන්ගේ අවශ්‍යතාවය. එහෙම රටක් හැදිය හැකි නායකයෙන් තමයි ඕනේ. රට යන මිනිස්සු කොහොමත් ගැම්මෙන් තමයි ඉන්නේ. ඇයි මිනිස්සු රට යන්නේ. පාලකයන්ගේ නොහැකියාව.

:       0       0

Dilshan Monday, 22 July 2024 08:44 AM

මම දන්නේ නෑ මම කොහෙන්ද හිනා වෙන්න ඕනෑ කියලා

:       0       0

Ruwan R Monday, 22 July 2024 08:59 AM

ඔව් ඒ ගැම්ම දෙන්න වෙන්න ඇති... එයාපෝර්ට් එකෙන් එළියට ආපු ගමන් උස්සන්නේ... සිහිය නැතිව දෙඩෙව්වාට දැනුත් තමුන්ම තමයි රටේ ජනාධිපති...

:       0       1

Nimal Monday, 22 July 2024 11:47 AM

ඔබ හැමදාම කළේ පච බේගල් ඇදබාන එකනේ... මේ පාර අපි බලාගනිමු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site