(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් සඳහා වන නිවාස වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ බලපත්‍ර ලාභී බැංකු සමඟ සහයෝගයෙන් වික්‍රමණික ශ්‍රමිකයන් සඳහා නිවාස වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි රජය පවසයි.
එම වැඩසටහන යටතේ උපරිම වශයෙන් රුපියල් මිලියන දහයක ණය පහසුකමක් ලබාදීමටත් ඒ සඳහා වන පොලී පිරිවැයෙන් කොටසක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් දැරීමටත් අපේක්ෂා කර ඇතැයි රජය කියයි.
යෝජිත ණය යෝජනා ක්‍රමය යටතේ ලබා ගනු ලබන ණය මුදල ණය ලාභියා විසින් විදේශ රැකියාවක නිරත වී සිටින කාලයේ නීත්‍යානුකූල මාර්ග වලින් ප්‍රේෂණය කරනු ලබන විදේශ මුදලින් ගෙවිය යුතු අතර විදේශ රැකියාව නිමකර මෙරටට පැමිණි පසු ශ්‍රී ලංකා රුපියල් වලින් ද ගෙවීමට හැකියාව ලැබෙන බව රජය සඳහන් කරයි.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
198
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රට ගිය අයට ගෙවල් හදන්න කෝටියක ණයක්
Prabha Tuesday, 13 February 2024 03:17 PM
ගන්න හිතන් ඉන්න පොලියත් දාන්න .3% 4% ණය ගන්න පුළුවන්කම තියෙද්දී ඉඩ කඩම් අපායට තියලා 20% - 25% පොලියට ලංකාවේ බැංකු වලින් ගන්න අපිට පිස්සු නෑ
කමල් Tuesday, 13 February 2024 03:23 PM
මේ වැඩේ පාඩුයි. මම දන්න එක්කෙනෙකුට සම්පූර්ණ ගිවිසුම යුරෝ වලින් හදල රුපියල් වලින් ලෝන් එක දුන්න. අන්තිමට ගිවිසුමේ අවම පොලී අනුපාතය එවෙලේ දෙන ණය පොලී අනුපාතයට සමාන කරල උපරිම අය කරගත හැකි පොලිය සඳහන් කරල තිබ්බේ නෑ. ජාත්‍යන්තර පොලී අනුපාතයක් සමඟ ගිවිසුමේ පොලිය වැඩි වන එහෙත් ගිවිසුම් ගත මොහොතේ තිබු පොලියට වඩා කිසි දිනක අඩු නොවන පොලී අනුපාත ක්‍රමයකට තිබ්බේ. ගිය අවුරුද්දේ ලෝකයේ පොලී අනුපාත වැඩිවුණා දෙගුණයක් විතර. ඒ එක්කම යුරෝ වලින් ගෙවන ගානත් දෙගුණයක් වුණා.
ජෝතිරත්න Tuesday, 13 February 2024 08:44 PM
ඔය බොරුවලට අහුවුණු කාලේ ඉවරයි...
Sampath Wednesday, 14 February 2024 01:28 AM
හොඳයි
Madu Friday, 16 February 2024 02:49 AM
ලංකාවේ ඉඳලා ජීවත් වෙන්න හම්බ කරන ටික මදි නිසා රට ආවා. දැන් ඒකටත් සුරංගනා කතා ටිකක් කියලා කෙලින්න හදන්නේ... අහුවෙන්න එපා පිටරටවලට ගිහිං දුක් විඳින අපේ කිසිම කෙනෙක්...