(රෝහණ සමරවීර සහ ජයන්ත නානායක්කාර)
රටේ පවතින ආර්ථික අවපාතයෙන් ගොඩ ඒමට ජනතාව සතු රත‍්‍රන් සංචිත නිසි ක‍්‍රමවේදයක් යටතේ රජයට බාර දියයුතුයි. එම රන් සංචිත ලෝ්කයට ප‍්‍රදර්ශනය කර ඩොලර් සපයාගත යුතු යැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ඇඹිලිපිටයේ අද පැවැති මාධ්‍ය හමුවකදී පැවැසූහ.
වත්මන් රජයේ ක‍්‍රියාකාරිත්වය අනුව නම් කිසිම පුද්ගලයකු රුපියල් දහයක මුදලක්වත් නිසි ක‍්‍රමවේදයකින් තොරව රජයට දීමට සූදානම් නැහැ.කුමක් හෙයින්ද ඒ අය සිදුකර තිබෙන දූෂණ හොරකම් චෝදනා තියෙන නිසා.
එම නිසා සියලු නිර්පාක්ෂිකයන්ගෙන් සැදුම්ලත් කමිටුවකට නීතිමය බලතල පවාරාගෙන මෙය සිදුකළ යුතුයි. රජය ජනතාවගෙන් ඉල්ලීමක් කළොත් කිසිම සැකයක් නැහැ තමන් සතුරන් සංචිත ඔවුන් රජයට බාර දේවි රට මේ ආගාධයෙන් ගොඩ ගනීමේ බලාපොරොත්තුවෙන්. මෙය වසර තුනකට හෝ හතරක කාලයකට සීමා විය යුතුයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි හාමුදුරුවනේ ජනතාවට කියන්නේ? කියන්නකෝ රාජපක්ෂ හොර පරම්පරාව යුද්ධය කාලේ ගත්තු රත්තරන් දෙන්න කියලා...
අවංකව රට ගොඩගැනීමේ චේතනාවෙන් සියල්ලන් එකතුවී ඔවුන්ගේ කැපකිරීමත් ඇතිව මහ ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ නම් ජනතාව ඊට සූදානම්ය. පක්ෂවලට බෙදී බොර දිියේ මාලු බෑමට සූදානම් නොවී සත්‍ය තේරුම් ගෙන එකාමෙන් මේ අවස්ථාවේ රට රැකගත යුතුය. පසුව පක්ෂ දේශපාලනය කළ හැකිය. අතීත හොරකම් වලට බැන බැන සිටීම දැනට ප්‍රයෝජනයක් නැති දෙයකි...
රට ගොඩගන්න කියලා කරපු දේශනාවල ප්‍රතිඵල හින්දා දැන් දැන් අපිට නම් නිවන් මග පේනවා අපේ හාමුදුරුවනේ...!