
(අංජුල මහික වීරරත්න)
දේශීය කිරි කර්මාන්තය කාර්යක්ෂම හා ඵලදායි ව්‍යාපාරයක් ලෙස ඉදිරියට ගෙන යන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව කීවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.
දේශීය අවශ්‍යතාව සපුරාලීම සඳහා මිල්කෝ ආයතනය සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය කාර්යක්ෂම හා ඵලදායි ව්‍යාපාර බවට පත් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
දේශීය කිරි කර්මාන්තයේ පිරිවැය අවම කරගනිමින් සහ පවත්නා සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගනිමින් වෙළෙඳපොළ කේන්ද්‍ර කර ගත් කාර්යක්ෂම හා ඵලදායි ව්‍යාපාරයක් ලෙස ඉදිරියට ගෙන යෑමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අවධාරණය කළේය.
පසුගිය වසරට වඩා මේ වසරේ මුල් කාර්තුවේදී මිල්කෝ ආයතනයේ නිෂ්පාදන ධාරිතාවෙහි වර්ධනයක් දක්නට ලැබෙන බව මිල්කෝ ආයතනයේ නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ. කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාර්මාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ඇතුළු නිලධාරීහු මීට සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිරෙන් කෙසේවෙතත් පචෙන්නම් උතුරනවා
රට ලුණු වලින් ඉතිරෙව්වා....රට හාල් වලින් ඉතිරෙව්වා ......රට බිත්තර වලින් ඉතිරෙව්වා .....රට බඩ ඉරිඟු වලින් ඉතිරෙව්වා ....දැන් රට කිරි වලිනි උතුරවන්නයි යන්නෙ. දැන් නම් ඇති. අපට හොඳටම මහන්සියි.
දැන් හයිලන්ඞ් දියර කිරි මිල ලීටර් 900 රුපියල් 300 ගානක් හැබැයි ආපු ගමන් ඉවරයි. මෙලමයින් දාපු කිරිපිටි බොන හින්දා තමයි ලංකාවේ රෝගී දුර්වල ජනතාවක් ඉන්නේ, යුරෝපයේ අය යක්කු වගේ වැඩ මොකද බොන්නේ දියර කිරි. මතකනේ නවසීලන්ත අඩු බර පන්ති රගර් කණ්ඩායම ඇවිල්ලා කරපු හපන්කම්.
මේවා සියල්ල හුදෙක් නාට්‍ය පමණයි. මෙයාලගේ එකම උත්සාහය වෙන්නේ සියලු දේශපාලන පක්ෂ බිය ගන්වා රටේ බලය පවත්වාගෙන යාම පමණයි. ඒ වැඩ සටහන පුදුම ජවයකින් කරගෙන යනවා
කර්තව්‍යය බොහොම හොඳයි, පළමුව රජයේ ගොවි පොළවල්වල ඉඳන් සහ රජයේ යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි පිළිබඳ විගණනයක් අවශ්‍යයි. එමෙන්ම අඹේවෙල ඉඩම් පුද්ගලික අංශවලට දී වෙනත් වග කිරීමෙන් තෘණ භූමි අඩුවීම වගේම මඩකලපු දිස්ත්‍රික්කයේ තෘණ භූමි බේරාදෙන ලෙස ගොවීන්ට ඇහුම්කන් දිය යුතුයි... එමෙන්ම අස්වැසුම, ජනසවි ලබන්න මේවට සම්බන්ධ කර ක්‍රමයෙන් ආධාර යන වචනය ඉවත් කර සැමට සරිලන ජීවනෝපායක් සකස් කළ යුතුයි.