(බී ජී චතුරංග)
කුවේට් රාජ්‍යයේ ගෘහ සේවයේ යෙදී සිටින තම බිරිඳට වීඩියෝ ඇමතුමක් ගෙන තම, 11 හැවිරිදි පිරිමි දරුවා බිම දණ ගස්සවා , පරුෂ වචන කියමින් 'මව එපායැයි පවසන ලෙසට බල කරමින්' එම දරුවාගේ අත්පාවලට, පිට ප්‍රදේශයට ගැටිති සහිත ලීයකින් පහර දී තුවාල සිදු කළ බව කියන පියකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, අනුරාධපුර ශ්‍රාවස්තිපුර වදාකඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි ගෘහස්ථ විදුලි කාර්මිකයකි.
වින්දිත දරුවාගේ මව, ඉකුත් ජනවාරි මාසයේදී කුවේට් රටේ රැකියාවක් සඳහා පිටව ගොස් ඇති අතර සැකකාර පියා පසුගිය දිනෙක අලුයම 1ට දරුවා ඇහැරවා සාලයේ දන ගස්සවා අමානුෂික අයුරින් මෙම පහරදීම සිදුකර ඇති බව පොලිසිය සඳහන් කළේය.
පහර කෑමට ලක්ව කෑගසමින් දරුවා මව දෙස ජංගම දුරකථනයෙන් බලා සිටින අයුරු දැක්වෙන වීඩියෝවක්, අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයවීර රාජපක්ෂ මහතාට ලැබීමෙන් අනතුරුව විමර්ශනයක් ආරම්භ කළ බව පොලීසිය සඳහන් කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රට ඉන්න බිරියට පේන්න පුතාට පහරදීලා