
(සුජිත් හේවාජුලිගේ )
වර්තමානයේ රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරදි නිවැරදි කරමින් විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීම නිසා බවශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
රටේ මූල්‍ය තත්ත්වය පිළිබඳ සත්‍ය තොරතුරු එවකට සිටි ජනාධිපතිවරුන්ට පවා වසන් කර තිබූ බව වීරසිංහ මහතා පවසයි.
ඔහු මේබව අනාවරණය කළේ අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදීය.
එහිදී මහ බැංකු අධිපතිපතිවරයා මෙරට ආර්ථික වශයෙන් බංකොළොත් වීමට මූලික වූ හේතු සහ ඒ පිටුපස පැවති පරිපාලනමය දුර්වලතා පිළිබඳව විශේෂ අනාවරණයක් කළේය.
ඉකුත් 2022 අප්‍රේල් මස 08 වැනිදා තමන් මහ බැංකු අධිපති ධුරය භාර ගන්නා අවස්ථාව වන විට, මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 25ක් වැනි අතිශය අවම මට්ටමකට ඇද වැටී තිබූ බව ඔහු සිහිපත් කළේය.
එමෙන්ම ඩොලර් බිලියන 6ක ණය වාරික ගෙවීමට තිබූ බව ද මහ බැංකු අධිපතිවරයා අනාවරණය කළේය.
නන්දලාල් වීරසිංහ මහතා මෙසේද පැවසීය.
"මට කලින් හිටපු මහ බැංකු අධිපතිවරු සහ මුදල් අමාත්‍යවරු රටේ සැබෑ තත්ත්වය ජනාධිපතිවරයාට හෝ පාර්ලිමේන්තුවට වාර්තා කර තිබුණේ නැහැ. ඔවුන් දිගින් දිගටම ප්‍රකාශ කළේ කිසිදු ප්‍රශ්නයක් නොමැතිව ණය ගෙවිය හැකි බවයි. නමුත් ඇත්ත තත්ත්වය වසන් කරමින් කටයුතු කිරීම නිසා රටේ ආර්ථිකය දැඩි අනතුරකට ලක් වුණා"
ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළා. එය රට මුළුමනින්ම බිඳ වැටීම වැළැක්වීමට තිබූ එකම විකල්පය වූ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපක්ෂයට මේවා වහ කදුරු, රටට සුබදායක පුවතක්...
ආර්ථිකය හොඳ වෙන්න ඇති මිනිස්සුන්ට නම්, 2022 තිබ්බ වියදම වගේ 3 ගුණයකින්වත් දැන් ජීවන වියදම වැඩිවෙලා තියෙනවා. මේවාට පිළියම් ඕනේ, Figurs තියෙන එක හොඳයි... අධ්‍යාපනයට, ගමනාගමනයට, ආහාර වලට වෙන වියදම බහුතර අපිට දරාගන්න අමාරුයි....