
රජීව් ගාන්ධි ඝාතනය කිරීමට වරදකරුවන් වී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමව සිටි විත්තිකරුවන් 6 දෙනා නිදහස් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) නියෝග කළේය.
නාලිනී ශ්‍රීහරන්, ආර්.පී රවිචන්ද්‍රන්, ශාන්තන්, මුරුගන්, රොබට් පයාස් සහ ජයකුමාර් ශ්‍රේෂ්ඨාධිකරණය නිදහස් කිරීමට නියෝග කළ විත්තිකරුවන් 6 දෙනා වේ. ඒ.ජී පෙරරිවාලන්ගේ නඩුව සැලකිල්ලට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීරණයට එළඹ ඇත.
ඉකුත් මැයි 18 වැනිදා රජිව් ඝාන්ධි ඝාතනයට වරදකරු වී වසර 30 ක් සිර දඬුවම් විඳිමින් සිට ඒ.ජී පෙරරිවාලන් නිදහස ලැබීමෙන් පසු නාලිනී ශ්‍රීහරන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම ගොනු කර තිබේ.
1991 වසරේ මැයි මස 21 වැනිදා රජීව් ගාන්ධි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක්වී ජීවිතක්ෂයට පත්විය.එහිදී විත්තිකරුවන් 7 දෙනෙක් රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ අතර ඉකුත් මැයි මාසයේදී එක් විත්තිකරුවෙකු වූ ඒ.ජී පෙරරිවාලන් නිදහස ලැබුවේය.
ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 142 වෙනි වගන්තිය යටතේ ඒ.ජී පෙරරිවාලන් ලැබූ සහනයට සමාන සහනයක් ඉල්ලමින් නාලිනී ශ්‍රීහරන් පෙත්සම ගොනුකර තිබේ.
034

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජීව්ගේ ඝාතකයිනුත් නිදහස් වුණේ නැහැ. අටවපු පළාත් සභා මර උගුලේ අපි තාමත් විඳවනවා.. පළාත් සභාවලින් යුද්ධය විසඳුණෙත් නෑ. අවසානයේ මහා කාලබෝම්බයක් ඇටෙව්වා විතරයි විධායකයේ අගුණ පෙන්නලා විධායකය අහෝසි කළ දාට අපි වැලිතලප කෑල්ල වගේ විසිරිලා යන්නේ අප ගතයුතු පාඩම දැන්වත් පළාත් සභා අහෝසි කිරීම හෝ පළාත් සභා සමග විධායකය අහෝසි කිරීමයි.