
රජීව් ගාන්ධි ඝාතනය කිරීමට වරදකරුවන් වී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමව සිටි විත්තිකරුවන් 6 දෙනා නිදහස් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) නියෝග කළේය.
නාලිනී ශ්‍රීහරන්, ආර්.පී රවිචන්ද්‍රන්, ශාන්තන්, මුරුගන්, රොබට් පයාස් සහ ජයකුමාර් ශ්‍රේෂ්ඨාධිකරණය නිදහස් කිරීමට නියෝග කළ විත්තිකරුවන් 6 දෙනා වේ. ඒ.ජී පෙරරිවාලන්ගේ නඩුව සැලකිල්ලට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීරණයට එළඹ ඇත.
ඉකුත් මැයි 18 වැනිදා රජිව් ඝාන්ධි ඝාතනයට වරදකරු වී වසර 30 ක් සිර දඬුවම් විඳිමින් සිට ඒ.ජී පෙරරිවාලන් නිදහස ලැබීමෙන් පසු නාලිනී ශ්‍රීහරන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම ගොනු කර තිබේ.
1991 වසරේ මැයි මස 21 වැනිදා රජීව් ගාන්ධි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක්වී ජීවිතක්ෂයට පත්විය.එහිදී විත්තිකරුවන් 7 දෙනෙක් රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ අතර ඉකුත් මැයි මාසයේදී එක් විත්තිකරුවෙකු වූ ඒ.ජී පෙරරිවාලන් නිදහස ලැබුවේය.
ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 142 වෙනි වගන්තිය යටතේ ඒ.ජී පෙරරිවාලන් ලැබූ සහනයට සමාන සහනයක් ඉල්ලමින් නාලිනී ශ්‍රීහරන් පෙත්සම ගොනුකර තිබේ.
034
2025 දෙසැම්බර් මස 18
149
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රජිව් ගාන්ධි ඝාතකයන් නිදහස්
sampath Friday, 11 November 2022 03:49 PM
රජීව්ගේ ඝාතකයිනුත් නිදහස් වුණේ නැහැ. අටවපු පළාත් සභා මර උගුලේ අපි තාමත් විඳවනවා.. පළාත් සභාවලින් යුද්ධය විසඳුණෙත් නෑ. අවසානයේ මහා කාලබෝම්බයක් ඇටෙව්වා විතරයි විධායකයේ අගුණ පෙන්නලා විධායකය අහෝසි කළ දාට අපි වැලිතලප කෑල්ල වගේ විසිරිලා යන්නේ අප ගතයුතු පාඩම දැන්වත් පළාත් සභා අහෝසි කිරීම හෝ පළාත් සභා සමග විධායකය අහෝසි කිරීමයි.
AnuruddhaSaturday, 12 November 2022 07:20 AM
ඒ කියන්න දැන් තියෙන විධායක හොදයි කියලා.. JR ගෙ මොලේ තමා මොලේ...