IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


රජරට පේපර් පිට කළැයි වැඩබලන විදුහල්පති රිමාන්ඩ්

(උපාලි ආනන්ද)

උතුරු මැද පළාතේ පාසල්වල 2024 අවසන් වාර විභාගයේ 11 ශ්‍රේණිය සිංහල සහ බුද්ධාගම ප‍්‍රශ්න පත‍්‍ර සැලසුම් සහගතය ඉතා සූක්ෂම අයුරින් පාර්සල්වල මුද්‍රා කඩා පිටතට ගෙන ජංගම දුරකථනයකින් ජායා රූප ගත කොට තඔුත්තේගම ප‍්‍රදේශයේ උපකාරක පංති ගුරුවරයකුට වට්ස් ඇප් ඔස්සේ යැවීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ වැඩ බලන විදුහල්පතිවරයා  මස 7 දින දක්වා රිමාන්ඞ් කරන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නාලක සංජීව ජයසූරිය මහයතා නියෝග කළේය.

මෙම වංචාව තුළින්  රජයට රුපියල් එක් කෝටි පහලොස් ලක්ෂයකට අධික මුදලක් අලාභ සිදු කර ඇතැයි අධිකරණයේ දී කියැවිණි. 

මෙම ප‍්‍රශ්න පත‍්‍ර වංචාවට සම්බන්ධ බවට සැක කෙරෙන අනකුත් සැකකරුවන්ද වාහාම අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා අනුරාධපුර කොට්ටාස අපරාධ විමර්ශන අංශයට වැඩිදුරටත් නියෝග කෙරිණ.

මෙසේ රිමාන්ඩ් බාරයට පත්  කළේ අනුරාධපුර තම්මැන්නාකුලම පදිංචි ඇද්දත්කල්ල රාහුල විද්‍යාලයේ වැඩ බලන විදුහල්පති එම්. එම්. කරුණාරත්න රාජපක්ෂ  නැමත්තෙකි.

 



අදහස් (3)

රජරට පේපර් පිට කළැයි වැඩබලන විදුහල්පති රිමාන්ඩ්

විපරමා Tuesday, 04 February 2025 03:55 PM

ආ!! එයත් රාජපක්ෂ කෙනෙක්ද?

:       3       17

Shantha - Qatar Tuesday, 04 February 2025 04:04 PM

ඔය තියෙන්නේ ගමෙයි, ඉස්කොලෙයි නමයි ඔක්කොම. කොහොම වුණත් ඉස්කෝලේ මහත්තයාට අයේ වැස්සකටවත් ඉස්කොලෙට යන්න නම් බැරි වෙයි.

:       1       17

Lalla Wednesday, 05 February 2025 11:08 AM

මේක ජාතකේ වරද!. ඉංග්‍රීසි ආණ්ඩුව කාලේ වංචා හෝ සොරකම් කළ සාමාජිකයන් සිටින පවුල්වල අයට රාජ්‍ය සේවය තහනම් කර තිබුණා. ඒක ඇත්ත වශයෙන්ම කළ යුතු දෙයක්... එතකොට පවුලක එකෙක් අනීතික මාර්ග වලින් උපයනවා නම් අනික් අය විරුද්ධ වෙලා නවත්තන්න පුලුවන්... රාජ්‍ය සේවය සඳහා පවුල් පසුබිම සහිත පොලිස් වාර්තාව අත්‍යාවශ්‍ය වූ කාලයක් තිබුන නොවේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2504 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site