IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රජරට ගම් අටක දරුවෝ ආහාර අහේනියක

(නිමල් ජයරත්න)

පවතින ආර්ථික අහේනිය සහ සීඝ්‍රයෙන් බඩු මිල ඉහළ යෑමත් සමග පීඩාවට පත්ව සිටින තම ආදිවාසී පවුල්වල දරුවන්හට නිසි ආහාර වේලක් ලබාදීමට නොහැකිවීමෙන් කුසගින්නේ දවස ගත කරන ඔවුන් නිවෙස්වල මෙන්ම පාසල්වලට යෑමේදී කලන්තය සැදී බිම ඇද වැටීම මහා අවාසනාවන්ත තත්ත්වයකට පත්ව ඇති බව දිඹුලාගල දලුකාන ආදිවාසී නායකා කේ.ලිසිනෝනා මහත්මිය සඳහන් කළාය.

ආහාර හිඟ වීම නිසා තම ගම්මාන 8ක දරුවන් දාහකට අධික සංඛ්‍යාවක් පාසල් ගමන සම්පූර්ණයෙන්ම අතහැර ඇති බවත්, පවතින ආර්ථික තත්වය හමුවේ දරුවන්ට ආහාර සහ අනෙකුත් පාසල් උපකරණ ලබාදීමට නොහැකි තත්ත්වය මත ඇතැම් ආදිවාසී දරුවන් පාසල් නොයන මට්ටමට පත්ව සිටින බවද ලිසීනෝනා මහත්මිය කීවාය.

දිඹුලාගල දලුකාන, පරණ මිල්ලාන, කොළකනවාඩිය, යක්කුරේ, පහල යක්කුරේ, කලුකැලේ, ඇල්ලේවැව, කුඩාවැව, ඇතුළු ආදිවාසි ගම්මාන කිහිපයක දරුවන් එලෙස හාමතේ සිටින අතර මේ සඳහා ජනාධිපතිවරයා මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය මෙන්ම අනෙකුත් වගකීව යුතු ආයතන මැදිහත්ව ඊට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ඇය ඉල්ලීමක් කළාය.

 



අදහස් (8)

රජරට ගම් අටක දරුවෝ ආහාර අහේනියක

lalla Monday, 31 October 2022 11:27 AM

දශක හතක ශ්‍රී ලාංකීය නායකයන්ගේ සංවර්ධන ක්‍රියාවලිය. මේ සාර්ථක කතාවයි....

:       0       38

dhamneth Monday, 31 October 2022 12:28 PM

මෙ කාන්තාව කතාකරන්නෙ මිට මාස දෙක තුනකට පෙර රටෙ තිබුන තත්වය ගැනයි. දැන් ආහාර මිල ගනන් ක්‍රමයෙන් පහල බහින තත්වයක් තිබෙන්නෙ.

:       33       1

Hafeel Monday, 31 October 2022 02:32 PM

මෙම කාන්තාව කියන්නේ ගං වතුර ගැන නොවේ, ආහාර වර්ග මිල ගැන කියන්නේ. හැබැයි මේ දවස්වල ගං වතුර නම්, ක්‍රම ක්‍රමයෙන් පහල බහිනවා.

:       0       6

මැක්ස් Monday, 31 October 2022 12:55 PM

කටින් බතල කොළ සිටවන කට පණ්ඩිතයන්ට සහ කී බෝඩ් මත පිනුම් ගසන සියල්ල දත්ලාට සුපුරුදු පරිදි "එකත් උබලාම කරපල්ලා" යයි ආණ්ඩුවලටම නොපවරා, අපේම රටේ මේ අහිංසක සහෝදර ජන කොටස්වලට පිහිටක් වීමට මෙන්න හොද අවස්තාවක්.

:       2       23

Sunil Monday, 31 October 2022 02:31 PM

රජරට පමනක් නෙවෙයි... ආහාර අහේනියෙන් පෙලෙන පවුල් අනන්තවත් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව පුරාම සිටිනවා. මේ රජය ඇතිකළ සෞභාග්‍යය එයයි.

:       1       1

ganegoda Monday, 31 October 2022 02:48 PM

පාලකයින් දන්නේ නැහැයිලු ‘‘රජරට‘‘ තියෙන්නේ කොහේද කියලා...! කමිටුවකුත් පත්කරලලු තියෙන්නේ... ‘‘රජරට‘‘ කොහෙද තියෙන්නේ කියලා හොයන්න...!

:       0       3

බද්රානි Monday, 31 October 2022 03:55 PM

කන්න නැතත්, දැන් අපට ඉන්න රටක් තියනවනේ ලිසි නෝනේ..යක්ඛ පුතුන්, දියණියන් ලෙස කුසගින්නත් සමග ලෝකෙට පෙන්වන ආඩම්බරය හරිම ප්‍රෞඩයි.

:       0       0

කල්ප Tuesday, 01 November 2022 06:57 AM

මෙයා කියන්නෙ බොරු කියලා ප්‍රාදේශීය ලේකම් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජනාධිපතිවරයාට වාර්තා කලා කියලා අහන්න ලැබෙනවා කවුද හරි මැතිවරණය අවසන් වෙලාම බලමු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site