
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
දෙවීනුවර ඇසල මංගල්‍යයේ 06 වැනි පේලි පෙරහර සදහා සියලුම කාවඩි කණ්ඩායම්වලට අවස්ථාව ලබා දීමට මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් ගනු ලැබු තීරණයට කාවඩි සංසදයේ නියෝජිතයන් සිය විරෝධය පල කලේය.
එම සාකච්ඡාව අවසානයේ කැදවු මාධ්‍ය සාකච්ඡාව ආරම්භයේ දී ඔවුන් එම විරෝධය පල කර සිටි අතර එහිදී ආරක්ෂක නිලධාරීන් ඔවුන්ගේ හඩ යටපත් කිරීමට උත්සාහ කරන අයුරු දැක ගත හැකි විය.
වැරදි ක්‍රියා සිදු කිරීම නිසා ඉවත් කරන ලද කණ්ඩායම් යලි එක් කර නොගන්නා ලෙස ඔවුන් ඉල්ලා සිටියේය.
එම අවස්ථාවේ දී ආරක්ෂක නිලධාරියෙකු කියා සිටියේ අවසන් වශයෙන් වැරදි හදා ගෙන ඉදිරියට යාමට අවස්ථාවක් ඔවුන්ට දුන් බවයි.
කාවඩි කණ්ඩායම් නියෝජිතයකු තව දුරටත් අදහස් දක්වන විට ආරක්ෂක නිලධාරියෙකු “අපිද ආණ්ඩුව ඔයාලද ආණ්ඩුව” කියමින් දැඩිව ප්‍රතිචාර දක්වන අයුරු ද දැක ගත හැකි විය.
කෙසේ වෙතත් කාවඩි සංසදයේ සාමාජිකයන් එම සාකච්ඡාවෙන් පිටතට පැමිණ අදාල තීරණයට සිය විරෝධය හා අප්‍රසාදය පල කර සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd