ඉරානය  "ඉතා මිත්‍රශීලී සාකච්ඡා සිදුවෙමින් පවතින" බව ඇමරිකානු ජනාධිපති  ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.  ඒ අනුව ඉරානය හා ඇමෙරිකාව අතර සටන් දින තුනක කාලයක පටන් නැවතී ඇත.

කෙසේ වෙතත්, නවතම සාකච්ඡා අසාර්ථක වුවහොත්  "අපි කරමින් සිටි දේ කිරීමට ආපසු යන" බවට ඔහු අනතුරු ඇඟවීය. කෙසේ වෙතත සෘජු සාකච්ඡා සිදුවෙමින් පවතින බව ටෙහෙරානය ප්‍රතික්ෂේප කළේය.

ට්‍රම්ප් පැවසුවේ සිකුරාදා ඉරානයට එරෙහි එක්සත් ජනපද ප්‍රහාර අත්හිටුවීමට තීරණය කළ බවයි. පාර්ශ්වකරුවන්සාකච්ඡා සඳහා තවත් අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටි බැවින් ප්‍රහාර අත්හිටුවීමට තීරණය කර තිබේ.ඒ අනුව කලාපයේ ඇමෙරිකානු ඉලක්ක වෙත ඉරානය දියත් කළ ප්‍රහාරද නවත්වා තිබේ.