
(ටී.කේ.ජී.කපිල )
ලෝකයේ උසස්ම සහ ප්‍රමුඛතම ජාත්‍යන්තර අපරාධ නඩු විභාග තරගාවලිය වන ජර්මනියේ නියුරම්බර්ග් 14 වැනි යුධ අපරාධ උපකල්පනීය නඩු විභාග තරගාවලිය - 2026 ( 14 th Nuremberg Moot Court Competition - 2026) සදහා ශ්‍රී ලාංකාව නියෝජනය කරමින් සහභාගී වූ , කොළඹ විශ්ව විද්‍යාලයයේ , නීති පීඨයේ දෙවන වසර ශිෂ්‍ය කණ්ඩායම , එහි ශූරතාවය දිනා ගෙන අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
මෙම උපකල්පනීය නඩු විභාගය සදහා ලෝකයේ රටවල් 137 ක් නියෝජනය කරමින් , නීති ශිෂ්‍ය කණ්ඩායම් පැමිණ සිටි අතර එය දෙවන ලෝක සංග්රාම නාසි යුධ අපරාධකරුවන්ට එරෙහිව නඩු විභාගය පැවැත්වූ උසාවි අංක 600 ( Court Room 600) ශාලාවේ දී , ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණ විනිසුරුවරුන් හමුවේ මෙම තරගාවලිය පවත්වා තිබුණි .
එහිදී ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය කණ්ඩායම අවසාන මහා තරගයේ දී ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයීය නීති ශිෂ්‍ය කණ්ඩායම පරදා , ශූරතාවය දිනා ගැනීමට සමත් වී තිබුණි .
කොළඹ විශ්ව විද්‍යාලයයේ නීති පීඨයේ දෙවන වසර ඉගෙනුම ලබන උපාධි අපේක්ෂකයන් වන ගෙවිදු පිටිදූව ගමගේ , සමාන් නසාර් සහ සහන්මා මෙත්සරණි මෙම ශ්‍රි ලංකා කණ්ඩායමේ තරග කරුවන් වූ අතර බුත්මිණි මොහොට්ටි උපදේශකවරයකු ලෙස කටයුතු කර තිබුණි.
මෙම තරගාවලියේ දක්ෂතම කතිකයා ලෙස මෙහිදී සමාන් නසාර් උපාධි අපේක්ෂකවරයා තේරී පත් වී තිබුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd