
(ටී.කේ.ජී.කපිල )
එංගලන්තයේ පැවති 45 වැනි ජාත්‍යන්තර ඉංග්‍රීසි කතා කරන්නන්ගේ විවෘත කතික තරගාවලිය - 2026 ( English Speaking International Public Speaking Competition - 2026 ) සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ , කොළඹ රාජකීය විද්‍යාලයේ ඕමාර් හසාරි ශිෂ්‍යයා , එහි ලෝක ශූරතාවය දිනා ගෙන අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
ලෝකයේ විශාලතම කතික තරගාවලිය වන මෙම තරගාවලිය ලෝකයේ රටවල් 45 ක තරඟ කරුවන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් 13 දින සිට 17 දින දක්වා එංගලන්තයේ ලන්ඩන් නුවර පවත්වා තිබුණි .
මෙම තරගාවලියේ දී ඉංග්‍රීසි කතා කරන ලෝකයේ ප්‍රබල රටවල් රාශියක් පරාජයට පත් කරමින් , ඕමාර් හසාරි ශිෂ්‍යයා මෙම ජයග්‍රහණය ලබා ගෙන තිබුණි .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd