(චමිලා අල්විස්)

හොරණ මූලික රෝහලේ රෝහල් පොලිසියේ සේවයේ නියුතු පොලිස් සැරයන්වරයකුට පහරදී තුවාල සිදු කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව හොරණ මූලස්ථාන පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කළේ, සැකකරුගේ පියා ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී, බීමතින් රෝහලට පැමිණි සැකකරු රෝහල් පරිශ්‍රයේ අශෝභන ලෙස හැසිරී ඇති බවයි.

එම අවස්ථාවේ රෝහලේ ආරක්ෂක නිලධාරිණියක විසින් ඔහුට රෝහල් පරිශ්‍රයෙන් පිටතට යන ලෙස දැනුම් දී තිබුණද, එය නොතකා එහි රැඳී සිට ඇති බව පොලිසිය කියයි.

අනතුරුව ආරක්ෂක නිලධාරියකු ඔහු පිටතට යැවීමට උත්සාහ කිරීමේදී එම ස්ථානයට පැමිණි රෝහල් පොලිසියේ පොලිස් සැරයන්වරයාට සැකකරු පහරදී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.