
(උපාලි ආනන්ද සහ බී. ජී. චතුරංග)
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සිරකරුවන් සිව් දෙනකු සැකකරුවන් ලෙස නම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ මීගමුව බන්ධනාගාරයේ ගැටුමට අදාළ නඩුකරය මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් සීලනී පෙරේරා මහත්මිය ඉදිරියේ යළි කැඳවූ අවස්ථාවේදීය.
ඒ අනුව මෙම අපරාධයට අදාළව සැකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නම්කර සිටින රැඳවියන් සිව් දෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට එම රැඳවියන් රඳවා සිටින බන්ධනාගාරවල අධිකාරීවරුන්ට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශීලනී පෙරේරා මහත්මිය නියෝග කළාය.
මීගමුව බන්ධනාගාරයේ ගැටුමට අදාළ බවට විමර්ශනවලදී අනාවරණය වන අනෙකුත් සියලු සැකකරුවන්ද හඳුනාගෙන ඔවුන් ද සැකකරුවන් ලෙස නම් කොට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර මහතාට නියෝග කරනු ලැබුවාය.
නඩුව යළි කැඳවූ අවස්ථාවේ වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ , මීගමුව බන්ධනාගාර ගැටුමේදී බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් ඝාතනය වීමේ සහ බරපතල සහ සුළු තුවාල ලැබීමේ සහ බන්ධනාගාර දේපළවලට බරපතල හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුල්වරට බන්ධනාගාර රඳවියන් සිව් දෙනකු සැකකරුවන් ලෙස කරන බවයි.
ඒ අනුව සුපුන් මධුසංක හෙවත් "හීනටියන සුපුන්" , ෂේන් ඩිලාන් සිල්වා , අෂාන් ප්‍රනාන්දු හෙවත් "කලු මල්ලි" , සහ සමීර සම්පත් හෙවත් "බබා" යන රැඳවියන් සිව් දෙනා , සැකකරුවන් ලෙස නම් කරන බවද අධිකරණයට දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව , අදාළ මෙම සැකකරුවන් සිව් දෙනා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මෙම සැකකාර රැඳවියන් සිව් දෙනා රඳවා සිටින බන්ධනාගාරවල අධිකාරීවරුන්ට නියෝගයක් නිකුත් කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අයැද සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd