(සුජිත් හේවාජුලිගේ)
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු ප්‍රධාන රාජ්‍ය ආයතන පනස් දෙකක් පාඩු ලබන බව රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.
මෙම රාජ්‍ය ආයතන වසරකදී ලබන පාඩුව රුපියල් කෝටි 86000ක් බව එම ආරංචි මාර්ග සඳහන් කළේය. එය 2021 වර්ෂයේ සියලුම රාජ්‍ය ආයතන ලැබූ සමස්ත පාඩුව ඉක්මවා යෑමක්ද වෙයි.
එසේම රාජ්‍ය ආයතන සහ ව්‍යවසාය 420ක් රජයෙන් නඩත්තු කරන බව රජය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
රාජ්‍ය ආයතන අතුරින් දූෂිත ආයතන තිස් දෙකක් පවතින බව කෝප් කමිටුව පසුගියදා අනාවරණය කළේය. එහි වාර්තාවකට අනුව පසුගිය වසර පහේදී එම ආයතන 32 ලබූ පාඩුව රුපියල් කෝටි 46,500කි.
එම ආයතන අතර වැඩිම පාඩු ලබන ආයතන ලෙස පිළිවෙලින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ලංකා විදුලිබල මණ්ඩලය, හඳුනාගෙන ඇති බවත් එම ආයතන පසුගිය තෙවසර තුළ ලැබූ පාඩුව රුපියල් කෝටි තිස් දාහක් බවත් සඳහන් වේ.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වසරේ මුල් මාස හතර තුළ රුපියල් කෝටි 62,800 ක පාඩුවක් ලබා ඇත.
ඉන්පසු ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියල් කෝටි 24,800ක්ද ලංකා විදුලිබල මණ්ඩලය කෝටි 4700ක්ද පාඩු ලබා ඇත.
මේ අතර පාඩු ලබන රජයේ ආයතන 39 ක් ප්‍රතිව්‍යුගත ලයිස්තුවේ පවතින බව රජය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය ආයතනවලට මෙහෙම උනාම කියන වචනය සල්ලි "ගිලියි"... ඒවුනාට පුද්ගලික ආයතනවලට මෙහෙම උනාම කියන වචනය සල්ලි නැතිව "බංකොලොත්" ... ඒනිසා වහලා දමයි!!
රාජ්‍ය ආයතන පාඩුකරන අයම ප්‍රතිව්‍යුහකරන්න කතාකරති.
හොඳම ක්‍රමය තමයි පුද්ගලික ආයතනයක වගේ ක්‍රමයක් අනුගමනය කිරීම... උදාහරණය ලෙස හැම මාස තුනකට වරක්ම අමාත්‍යංශයේ නිලධාරින් කල දේවල් සැමට දැනගන්න රූපවාහිනියේ පෙන්වන්න ඕනි..! සමහර රජයේ අධ්‍යක්‍ෂක නිළධාරීන්ගේ මාසික පෙට්‍රල් දීමනාව පමනක් රු ලක්‍ෂය ඉක්මවා ලැබෙනවා... නමුත් ඒ අය කරපු වැඩ බලන්න කවුරුවත් යනවද? ඒ වුනාට බලන්න පුද්ගලික ආයතනයක වැඩේ හරියට නොකලොත් ඒ අදාල නිළධාරියාට වෙන දෙය.... රස්සාවෙන් දොට්ට..!
ඔය ඔක්කොම පාඩු ලබන ආයතන සහ දූශණය තියෙන ආයතන කියන එක ඇත්ත. ඒ වගේම ඇඟිලි සලකුණු තියා පැමිණීමෙ ලේඛනයක්වත් නැතුව ලෝකෙ කොහෙවත් නැති විදියෙ සේවා මුර කිය කිය ඇතැම් වෙද්‍යවරු මාසෙට දවස් 6-8 පමණක් සෙවය කරල , දන්ත වෙද්‍යවරු උදේ 8-12 විතරක් සේවය කරල මාසෙට හොර අතිකාල පැය 120 ක් සමඟ ලක්ෂ දෙකකට වඩා වැටුප ගන්න, ඇතැම් හෙදියන් පවා හොර අතිකාල ගන්න සෞඛය සේවය මේ ලැයිස්තුවේ නැද්ද? ඒ හොරා කන්නෙ මහජන සල්ලි නෙවේද? අතිකාල නොකර අතිකාල අයිතිවසිකම්ක් ලෙස හොරට ගැනීම නීතිගත කරලද? ඒවා නැති කල යුතු නොවෙද? මා පෞද්ගලිව දන්නා වෙද්‍යවරු ඉන්නව රාජකාරි වෙලාවෙ පෞද්ගලික රෝහල්වල සේවා මුර කරමින් රජයේ වැටුපත් ලබන. ඇත්තටම හිතට අවංකව තමන් කරන අතිකාල ප්‍රමණය ගන්නවනම් කිසිම දොසක් නැත. මෙගොල්ලො සුදු ඇඳගෙන රටවැසියන්වත් නොමග යවමින් හොරකමේම යෙදේ.
වසර ගණනාවක සිට පවතිනාවූ මහජන මුදලින් නඩත්තු වන දූෂිත රාජ්‍ය ආයතන, පාඩු ලබන ආයතන සදහා කලයුතුවන්නේ කුමක්ද යන්න පිලිබදව ජනතාවගේ මතය ඉදිරි මැතිවරණයකදී විමසීම වැදගත්වේ. මහජන මතය අනුව සියල්ල සිදු කිරීමට සහ තීන්දු ගැනීමට පහසුවේ. එවිට unions මතය සහ වෙනත් අවස්ථාවාදී, අන්තවාදී දේශපාලන මත දියවී පාඩු ලබන ආයතන සදහා කලයුතුවන්නේ කුමක්ද යන්න ජනතා මතය / තීන්දුව මතුවනු ඇත.
පාඩුලබන ආයතන වල බෝනස් ගෙවන්නේ කොහොමද?. ඒ මහජනතාව පීඩාවට පත්කරන සිදුවීමක් නොවේද?
වහාම සම්පූර්ණයෙන්ම විකුනාදමන්න.
නමුත් ඔය කියපු ආයතන වල පහලම සේවකයාගේ පවා වැටුප කියාද? තව අමතර දිඉමනා කොඉතරම්ද ?
මේ වැඩබැරි ආණ්ඩුව ඉන්නකන් රටට අබ සරණයි. රට කෑවා කාලකණ්ණි එකතුවෙලා.