IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රාජ්‍ය සේවයේ සංඛ්‍යා දත්ත ගැන බරපතල ගැටලුවක්

(යොහාන් භාසුර)

රාජ්‍ය සේවය තුළ සංඛ්‍යා දත්ත සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් පවතින බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධනය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අද (2) පැවසීය.

මිනිස්බල සහ රැකීරක්‍ෂා දෙපාර්තමේන්තුවේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා එසේ සඳහන් කළේය.

නිවැරදි දත්ත තොරතුරු නොමැතිව රාජ්‍ය සේවය සාධනීය ලෙස ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බව ද අමාත්‍යවරයා කීය. 



අදහස් (4)

රාජ්‍ය සේවයේ සංඛ්‍යා දත්ත ගැන බරපතල ගැටලුවක්

ගුණරත්න Thursday, 02 January 2025 06:00 PM

හරි හිනා, අපි ඕක දන්නේ සෑහෙන කාලෙක ඉඳන්, උද්ධමනය අඩුයි කියා පුරසාරම් දොඩවන මුත් ජීවිතේට කඩපොළේ ගිහින් නැති අයගේ කතා පහුගිය කාලේම ඇහුවා... කණගාටුව නම් මහපොළොවේ පයගහගෙන ඉන්නවා කියන සහෝදරවරුත් ඒ පුරසාරම් එලෙසින්ම දෙසීමයි. ඔය සංඛ්‍යා ලේඛන ගන්නා උදවිය හිතළු හෝ ඔවුන්ගේ මනෝවිකාර ඔවුන්ගේ පොත්වලට ඇතුළු කර ප්‍රස්තාර සාදා ඉදිරිපත්කරනවා වෙන්න පුළුවන්....!

:       24       23

Wimalasena Thursday, 02 January 2025 08:12 PM

මේක නම් ඇත්තම තමයි සමීකරණයක් කරනවා නම් එක්වරම තෝරාගත් කාර්‍යාල කීපයකට ගොස් පැයකින් අදාල ආයතනයේ නිලධාරින් සංඛ්‍යාව ඉල්ලන්න පැයකින් නොවෙයි, සතියකින්වත් දෙන්න තරම් තොරතුරු යාවත්කාලීන නැහැ. සමහර ආයතනවල වෙබ්සයිඩ් එකට ගියා නම් හොඳින්ම පේනවා. උදාහරණයක් හැටියට ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල වෙබ්සයිඩ් එකට ගියොත් ලිපිගොනු විස්තරයක් පෙන්වනවා. අඩුම ගණනේ එම කාර්‍යාලයේ පිහිටීම ගම්, නගර ලැයිස්තුව නිලධාරි විස්තරය වගේ කිසිවක්ම නැහැ... අපේ නම් ග්‍රාම නිලධාරි වසමේ අපේ ගමේ නමත් අයින්කරලා තියෙනවා...

:       0       18

wayima Friday, 03 January 2025 02:46 AM

ඇමතිතුමෝ අපි ඕක වී විද්‍යාල ඇතුළෙන්ම පටන්ගනිමුද ? බලමුද වාර්තාවක් හදන්න වී විද්‍යාලය වල ආචාර්යවරුන් කිදෙනෙක් නියමිත කාලය තුල වී විද්‍යාල තුල රැඳී ඉන්නවද ? ඔවුන්ගෙන් කීදෙනෙක් තම රාජකාරී කාලයතුල ටියුෂන් ඇතුළු වෙනත් ආදායම් උපයන හා දේශපාලන කටයුතුවල නිරත වෙනවද කියල ?

:       0       6

Latha Friday, 03 January 2025 01:36 PM

දත්ත ගැටළු තිබ්බට ඉන්න සේවකයෝ ගාණ මිලියන එකහමාරක් විතර. ඉන්දියාවේ 2%... ලංකාවේ...? රටක් දියුණු වෙයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site