(අජන්ත කුමාර අගලකඩ)
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීමට රුපියල් කෝටි 11,500 කට වැඩි මුදලක් වැය වන බැවින් මේ මොහොතේ එය කළ නොහැකි බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා කැබිනට් මණ්ඩලයට අද (24) දැනුම් දී ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද උදේ පැවැති කැබිනට් රැස්වීමේදී මුදල් ඇමැතිවරයා මෙම දැනුම් දීම කර තිබේ.
වැටුප් විශමතා ඉවත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා පරිපාලන ක්ෂ්‍රේත්‍ර ගණනාවක නිලධාරීන් මේ වන විට වෘත්තිය ක්‍රියාමාර්ග වලට යොමු වී ඇත.
පරිපාලන සේවය ඇතුළු විධායක ශ්‍රේණි 12 ක නිලධාරීන්ට රුපියල් 15,000 සිට 50,000 දක්වා අමතර දීමනාවක් ගෙවීමට අනුමැතිය ඉල්ලා රාජ්‍ය පරිපාලන ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගිය සතියේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබූ අතර ඒ පිළිබඳ මුදල් අමාත්‍යාංශවේ නිරීක්ෂණ ලබා ගැනීමට එය මුදල් අමාත්‍යාංශයට යොමු කර තිබේ.
මේ අතර දුම්රිය සේවයේ නිලධාරීන්ගේ වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා ප්‍රවාහන ඇමැති අර්ජුන රණතුංග මහතා ද මීට පෙර කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.
සමස්ථ රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් කර ඇති මංගල සමරවීර මහතා රාජ්‍ය සේවයේ වැටුප් මිල රුපියල් කෝටි 80,000 ක් පමණ වන බවත් එසේ තිබියදී තවත් එය වැඩි කළ නොහැකි බවත් පවසා ඇත.
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් පත්කළ එස් රනුග්ගේ කමිටු වාර්තාව අනුව ලබන ජනවාරි 1 වැනිදා සිට වැටුප් විෂමතා ඉවත් කරන බවද මුදල් ඇමැතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පඩි අඩුකරලා විෂමතාව විසඳන්න බැරිද?
පහුගිය අවු.4ට රට සෑම අංශයකින්ම විනාශ කළා. හොඳයි කියන්න කිසිම අංශයක් නැහැ. ඒ මදිවට දැනට ඉන්න මිනිහටත් වඩා අදක්ෂයෙක් ජනාධිපතිවරණයට දාන්න හදනවා. ඒ හදන්නේ තමන්ට ඕනෑදේ කරගන්න පුළුවන් නිසා. මොවුන් ඉක්මනටම පන්නා දැමුවේ නැත්නම් අපේ දරුවන්ට ජීවත්වෙන්න රටක් ඉතිරි වන්නේ නැහැ...
වැටුප් වැඩි කිරීමේ අවශ්‍යතාවක් නෑ. වරද, කොටසකට විතරක් වැඩි කරපු එක. සාමාන්‍ය සුළු සේවකයන් සහ ඉහළ ශ්‍රේණි අතර විශාල වැටුප් විෂමතාවයක් පවතිනවා.
මොවුන්ට කෝටි ගණන් හොරකම් කරන්න පුළුවන්. වැටුප් වැඩි කිරීම් ගැන කතාකරනකොට ඒවාට සල්ලි නැහැ. සජිත්ට ඡන්ද ව්‍යාපාරයට වියදම් කරන්න කෝටි ගණන් දෙන්නත් පුළුවන්....
ඔය සියලු වරප්‍රසාද ගන්නේ විධායක නිලධාරීන්ම තමයි.
මේ රාජ්‍ය සේවකයෝ ඉන්නකන් මේ රට කවදාවත් ගොඩ එන්නේ නෑ. මහින්දගේ කාලේ මෙහෙම ඉල්ල ඉල්ලා වැඩවර්ජන කරා නම් තීරණය ටිකක් දරුණුයි. මේ ආණ්ඩුවත් ටිකක් දරුණු වෙන්න ඕන. නැත්තම් දෙන එකෙත් සීමාවක් නැතිවෙනවා. දැන් පඩියට වැඩකරන්න බැරි අය වෙනුවට තරුණ කඩිසර පිරිසක් ගන්න.
වැටුප් අසාධාරණ ලෙස එක පිරිසකටවැඩි කලානම් ඉල්ලන්න තියෙන්නේ එම වැඩි කිරීම් අත්හිටුවීම් මිස සියලු දෙනාගේම වැඩි කිරීම නොවේ.සමහරුන්ට රට ගැන හැඟීීමක් නෑ.
මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂ දෙකක මාසික දීමනාවක් ගෙවීමට අනුමැතිය ඉල්ලලා අද තුන්වෙනි පාරටත් කැබිනට් එකට දාලා තියෙන්නේ... ඕවානේ අහෝසි කරන්න ඕනෑ... බහුතරයක් රාජ්‍ය සේවකයන් පින් බත් ගිලින එකනේ කරන්නේ.. සුළුතරයක් තමයි මැරීගෙන වැඩ කරන්නේ... මේ රටේ හැමදාම හැමදේම වෙන්නේ පොඩි මිනිහාටයි.