(අංජුල මහික වීරරත්න)
රජයේ බදු ආදායමෙන් 84%ක් ගිලින්නේ රාජ්‍ය සේවය විසින් බව හිටපු මුදල් අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා පැවසීය.
බදු ආදායමෙන් රාජ්‍ය සේවය නඩත්තු කිරීම හැරුණු කළ අනෙකුත් සියලුම කටයුතු සඳහා වැය කිරීමට සිදුව ඇත්තේ 16% බව ද හිටපු මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය.
ලක්ෂ 17ක රාජ්‍ය සේවකයන්ගේ අවශ්‍යතා පමණක් සුරක්ෂිත කරනවා ද නැතිනම් මිලියන 20ක ජනතාව නඟා සිටුවනවා ද කියා තීරණය කළ යුතු කාලය එළැඹ ඇතැයි ද කරුණානායක මහතා කීය.
රට ගොඩනගා ජනතාව සවි බල ගැන්විය හැක්කේ, ජනප්‍රිය දේ කිරීමෙන් නොව නිවැරදි දේ කිරීමෙන් බව පැවසූ රවී කරුණානායක මහතා යහ පාලන ආණ්ඩු කාලයේ දී එක්සත් ජාතික පක්‍ෂය ක්‍රියා කළේ ඒ ප්‍රතිපත්තියට අනුව යැයි ද සඳහන් කළේය.
රට බාහිර ලෝකයෙන් හිඟා කෑමට ලක් කළ වසර විසි පහක පමණ වූ දේශපාලන ඉතිහාසය අවසන් කර, රට ස්වයං පෝෂිත කරමින් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කළ යුතු කාලය එළැඹ ඇතැයි ද, ඒ වෙනුවෙන් සියලු දෙනා එකට එක්ව කටයුතු කළ යුතු යැයි ද කරුණානායක මහතා කීය.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සෑම දහ තුන් දෙනෙකුටම එක් රාජ්‍ය සේවකයෙකු සිටින අතර එම තත්ත්වය අනෙකුත් රටවලට වඩා හතර ගුණයකින් වැඩි බව ද පෙන්වා දෙන රවී කරුණානායක මහතා රට-ජනතාව සහ නූපන් අනාගත පරපුර එක්ක අවස්ථාවාදී දේශපාලන නොකළ යුතු බව ද අවධාරණය කර සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර රාජ්‍ය සේවකයො සිටියත් , නවින ගොඩනගිලි සහ පරිගනක පහසුකම් තිබුනත් රියදුරු බලපත්‍රයක් , විදේශ ගමන්බලපත්‍රයක් , හදුනුම්පතක් ගන්න ගියහම දවස් ගනන් පොලිම් වල රස්තියාදු වෙන්න ඔනෙ , වෙන වැඩක් රජයෙ කන්තොරුවකින් කරගන්න ගියමත් එහෙම තමා , හැම තැනම රස්තියාදුව, කරුනාකර මෙවා බාරව ඉන්න අමතිවරු මෙ ප්‍රශ්න වලට වහා විසදුමක් දෙන්න , ජනතව ඉල්ලන සිස්ටම් චෙන්ජ් එකට රජ්‍ය සේවයත් අදල වෙනව , මිනිස්සු උද්ෙගා්ශන කරන්නෙ මෙ පීඩනය දරාගන්න බැරි නිසා. රට ආර්ථික අගාදයෙන් ගොඩ එන්න නම් ඉන්දන ඉතුරු කරගෙන ශ්‍රම බලකාය වැඩ කරන්න ඔනෙ , දිනපතා අවම වශයෙන් 500000 පමන ශ්‍රම බලකයක් ඉන්ධන දහනය කරමින් කොලම්බ සහ වෙනත් ප්‍රදන නගර වලට අවිත් මෙම කාර්යාලවල නිකරුනෙ කල් මරන එක අපරාදයක්.
එ හින්දද හිගන්නාගෙ පාත්තරෙට හෙනහුරා පාතුනෙ? ආයෙ වැඩෙට බහින්නද?
ශ්‍රී ලංකාව හරියටම මුහුදු මංකොල්ලකරුවන් රැසකගේ ග්‍රහණයට හසුවූ රුවල් බිඳීගිය නැවක් වගෙයි. ගොඩබිම අසන්නට වන්නේත් මංකොල්ලකාර නායකයෙක් ගෙන්මයි. ඒ අතර රවි කරුණානායක වගේ අවංක මහත්වරු අතලොස්සකුත් නැතුවාම නොවෙයි.
පසුගිය අන්ඩුවල දේශපලකයො විශාල වශයෙන් හිතවතුන්ට රැකියා දුන්න , ඉන්පසු ඔවුන්ට වැඩ දෙන්නෙ සහ පගාව කොමිස් ගහන්න ඔනෙ නිසා, රජයෙ දෙපාර්තමෙන්තු තුල විවිද අන්ශ අලුතෙන් අතිකර , අනවශ්ය අලුත් නිති ගෙනෑමින් සියලුඩෙවල් ඉත සන්කිර්න කල , එම නිස දෙස් විදෙස් අයොජකයෙකුට අලුතෙන් ව්‍යාපාරයක් අරම්භ කරන්න , තිබෙන ව්‍යාපාරය වැඩි දියුනු කරන්න , තරුනයෙකුට ස්වයං රැකියාවක් අරම්භ කරන්න් ඉතා අපහසු තත්වයක් රටෙ අතිවෙලා ආර්තතිකය දිනෙන් දින කඩා වැටුන.
පරණ හොරු සෙට් එක ඔය එලියට එන්නේ.
හොරා දන්නව හොරකම් කරන්නෙ සහ කරන විදිය, කම්බ හොරෙක් කතා කරයි.
දැන් මෙයාට මතකය ඇවිල්ල. ඔයා ක්‍රියාත්මක කළේ ප්‍රතිපත්තියට අනුව නම්, ඇයි ඔයා විදේශ කටයුතු අමාත්‍යංශයට ලොතරැයි මණ්ඩයත් ඇතුලත් කරන්න කිව්වේ? කොහෙද ප්‍රතිපත්තිය? මෙයාත් එක්කනක් තමයි එක්සත් ජාතික පක්ෂය නැත්තටම නැති කළේ.
දූෂිත දේසපාලුවෝ බැන්දුම්කර ,මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ වලින් ඊටත් වඩා ගිලිනවා.. තමුන් කරපු හරියත් දන්නෝ හොදාකාරවම දනිති .
රජයේ සේවකයන්ගෙන් 50%ක් අඩුකළා. අනවශ්‍ය සංකීර්ණ නීති සංශෝධනය කළොත් අපිට තව අවුරුදු 2,3 කින් 2019 අප ආර්ථික වශයෙන් සිටි තැනට යන්න පුළුවන්. මේවා නොකර තව මාස 03ක් කල් මැරුවොත් කෙළින්ම අගාධයට යන්න වෙනවා.
ආ. එළියට බැහැලා තවත් කම්ම හොරෙක් ,අපෙ ලෙ උරා බොන්න ආවද ආයෙත්.බැංකු හොරකම් කරපු කාලේ ඕවා දන්නෙ නැතිවද වැඩ කලෙ?