IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රාජ්‍ය සේවය දියුණු කරන්න අනු කමිටුවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සමස්ත රාජ්‍ය සේවයම විවෘත හා වගකීමක් සහිත තත්වයකට පත්කිරීමේ අරමුණින් මාර්ගෝපදේශ යෝජනාවලියක් සකස් කිරීමට විද්වත් අනු කමිටුවක් පත් කෙරුණු බව විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි.

එම අනු කමිටුවට  පත් කෙරුණු  විද්වත් කණ්ඩායමට රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ  ලේකම් ,මහජන ආරක්ෂක අමාත්‍යාංශ  ලේකම් ,අධිකරණ අමාත්‍යාංශ  ලේකම්, ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය  එච්.ඩී  කරුණාරත්න මහතා,කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාරික හා ආර්ථික අධ්‍යන අංශයේ ප්‍රධානී මහාචාර්ය ජානක ප්‍රනාන්දු, මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් එම්.කේ.එස්.එස් රත්නායක, මාධ්‍යවේදී අශෝක ඩයස් (සිරස මාධ්‍ය ජාලය), පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සංවිධානයේ සභාපති මංජුල ගජනායක , සර්වෝදය ව්‍යාපාරයේ සභාපති මෙන්ම  ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය වින්‍යා ආරියරත්න ,කාරක සභා සභාපති උපදේශක  උපදේශක අචාර්ය කේ.ඒ  තිලකරත්න යන මහත්වරු  ඇතුළත් වෙති.

මේ අතර සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ යෝජිත නව සේවක සංඛ්‍යාවට අවසන් තීරණයක් ලබා දෙන ලෙස  කාරක සභාව  කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී    ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතාගේ  ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී  පසුගියදා රැස්විය.

මෙම තීරණය ගෙන ඇත්තේ එම රැස්වීමේදීය.

රාජ්‍ය සේවය හා රාජ්‍ය සේවකයාට වඩාත් ප්‍රශස්ථ, ජනතාවාදී රාජ්‍ය සේවයක් ඇති කිරීමට අදාළව මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය,කාර්යය සාධනය,සුහදශිලිභාවය හා වගවීම තවුරුවන රාජ්‍ය සේවයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවධානය යොමු කරමින් ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට හැකිවනුසේ මාර්ගෝපදේශ යෝජනාවලියක් සකස් කිරීමට මෙලෙස වියත්, බුද්ධිමතුන්ගෙන් සමන්විත අනු කමිටුවක් පත්කිරීමට පියවර ගත් බව කාරක සභාවේ  සභාපතිවරයා කීවේය.

මෙම අනු කමිටුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  ඇතුළු  සාමාජිකයින් 21 දෙනකුගෙන් සමන්විතය.අනු කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබ ඇත්තේ  පාර්ලිමේන්තු මන්ත්‍රී  උදයන කිරිඳියගොඩ මහතාය.



අදහස් (2)

රාජ්‍ය සේවය දියුණු කරන්න අනු කමිටුවක්

CC Tuesday, 07 November 2023 09:38 AM

වත්මන් රාජ්‍ය සේවය යහපාලන මාවතකට මාරු කිරීමට ඔබ සුදානම් වූ පසු, සහභාගිවන්නන්ගේ සාමූහික ප්‍රවේශයක් ලෙස එක් එක් ක්ෂේත්‍රයේ විශ්‍රාමික සහ පළපුරුදු ආයතනවල අදහස් ලබා ගන්න. එමෙන්ම කෙටි කාලීන සහ දිගු කාලීන නිමැවුම් විධිමත් කිරීම සහ මානව හා ප්‍රාග්ධන වත්කම් හා සංවර්ධන ක්‍රියාවලියට බලපාන නිල සහ දේශපාලන ආයතනවලින් තොරව දූෂිත සංස්කෘතිය අවම කිරීම සහ ක්‍රමානුකූලව තුරන් කිරීම සඳහා හොඳින් ස්ථාපිත ස්වාධීන අධීක්ෂණ සහ ඇගයීම් ක්‍රියාවලිය කෙරෙහි ඔබේ විශේෂ අවධානය යොමු කරන්න. මෙම ස්වාධීන අධීක්ෂණ සහ ඇගයීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමෙන් රාජ්‍ය සේවය තුළ මෙම ගැඹුරට මුල් බැසගත් දූෂිත සංස්කෘතිය කිසිවෙකුට සීමා කළ නොහැක.

:       0       0

අප්පුහාමි Tuesday, 07 November 2023 12:10 PM

රාජ්‍ය සේවය සීඝ්‍රයෙන් පිරිහීමට පත්වීම උපරිමයෙන් වුනේ ගෝඨාභය කාලයේ තමයි ඒත් 1987 දී පළාත් සභා ආරම්භය සමග සුලුවෙන් ඇතිවූනා කිව්වොත් වැරදි නැහැ මේවාට දේශපාලුවො සම්පූර්ණයෙන්ම වගකිවයුතුය සුදුස්සාට වඩා ඒ ඒ පක්ෂවල ගැත්තන්ට සංග්‍රහ කිරීම තමයි මූලික හේතුවක් වුනේ විභාග වලින් රැකියා සදහා ගන්නවා කිව්වට ඒවා හිතවතුන්ගේ නම් ලැයිස්තුවෙන් තමයි සමත්වෙලා තියෙන්නෙ 1999 උපාධිධාරීන් ගැනීම වගේම 2006 විභාග දෙපාර්තමේන්තුවේ විභාගයට ඉදිරිපත් වූ හය දෙනෙකුම පරිපාලන සේවයේ විභාගය සමත්වීම පෙන්නන්න පුළුවන් ඔය දෙකක් පමණයි මෑතකදී සිදුවුණා කියන නීති විද්‍යාලයට ඇතුලත් වීමේ විභාගය තවත් එකක් නොවෙයි කියන්නෙ කොහොමද මෙවැනි අසාධාරණ අවසන් වෙනතුරුම රාජ්‍ය සේවයේ දියුණුවක් ලබන්න නම් බැහැ ඔය කමිටුවේ අවසන් සාමාජිකත්වය තියෙන ඉතාමත් මානුෂික හැගීමක් තියෙන තිලකරත්න මැතිතුමා පත්කිරීම ගැන ප්‍රශංසා කරන්න ඕන

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site