(ඩයනා උදයංගනී සහ නාලක සංජීව දහනායක)
රාජ්‍ය අංශයේ සේවකයින්ට 2019 අයවැය මගින් ලබාදුන් රුපියල් 2500 ක වැටුප් වැඩිවීම අර්ධ රාජ්‍ය ආයතන ලෙස සැලකෙන සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා අධිකාරී සේවකයින්ට නොලැබීම අසාධාරණයක් බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (1) පැවසීය.
අර්ධ රාජ්‍ය අංශ සේවකයින්ට මෙම වැඩිවූ වැටුප් නොදෙන්නේ ඇයිදැයි තමා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බවද විපක්ෂනායකවරයා සඳහන් කළේය.
මේ ප්‍රශ්නයට පිළිතුරු යොමු කරමින් කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා සඳහන් කර තිබුණේ රාජ්‍ය සේවකයින්ට වැඩි කරන වැටුප් ඒ ආකාරයෙන්ම අර්ධ රාජ්‍ය අංශයට ගෙවිය යුතු බවට නියෝග කිරීමේ හැකියාවක් තම අමාත්‍යාංශයට නොමැති බවය.
මෙම ප්රශ්නය විෂයභාර මුදල් ඇමතිවරයාගේ අවධානයට යොමු කරන බවද කම්කරු ඇමතිවරයාගේ පිළිතුරෙහි දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන්ගේ පුද්ගලික මුදල් ඔය මිනිස්සුන්ට දෙනවකෝ.. නිකන් බදු සල්ලි නාස්ති කරන්න කියලා අඬන්නේ නැතුව. 70 පැනපු මේ වගේ වලපයයි, ගොඩපයයි අය රට තව කනවා සහ කන්නම උපදෙස් දෙනවා.
මේ ඉන්නේ අලුතෙන්ම අාපු නත්තල් පප්පා. පප්පේ දැන් මිනිස්සු අඳුරනවා කව්ද? ඇත්ත නත්තල් පප්පා කියලා..
මෙතුමාගේ කලේ සංස්ථා අධිකාරී වලට ඇතිවෙන්න එළවා එළවා පඩි වැඩි කරා. එතුමාගේම ආයතන වලට මදි නොකියන්නම දුන්නා. සේවකයෝ එපා කියල වැඩි වීම නවතා ගත්තේ.
ඉතින් ඔබ තුමාට වැඩි කරන්න තිබුණානේ.. 2500 ක් දීගන්න බැරුව දැඟලුවා ඒ කාලේ. කටින් කයිවාරු.
ඔබතුමා පත්වුණාමත් කරන්න දෙයක් ඉතිරිකරන්න ඕනෑ නිසයි ඔවුන්ට වැඩි නොකලේ...
දැන් හැම දෙයක්ම අසාධාරණය දකින කෙනා.. එදා ලසන්ත, රොෂේන් චානක, ඇන්ටනී, තාජුදීන්, රවිරාජ්, එක්නැලිගොඩ, රතුපස්වල, හිරගෙදර, කප්පන් සිසුන් 11 දෙනා ..යන මේ මිලේච්ච ඝාතන අසාධාරණයක් කියා නොදැක්කේ මන්ද?
එජාපය නැතිකරනවා. මංගල පොහොට්ටුවට කඩේ යනවා.
ඔබතුමන්ගේ කරුණාව එදත් මෙහෙම වුනානම්. මතකද මන්දා ඡන්දය ගන්න පොරොන්දුවක් දුන්නා 2500 කින් වැටුප වැඩිකරනවා කියලා. බලය අරගෙන සද්ද නැතිව ඒක අමතක කලෙ.. මොනවා අඩුපාඩු තිබුනත් 2015 ට පසුව රජයෙ අයට රුපියල් 12500 ක්ම පඩි වැඩි කල එක හොඳයි. අර්ධ රාජ්‍ය අයටත් දැනට ලොකු පඩි ලැබෙනව 2015 ට පෙරට වඩා.
අන්න සාටක ලේකම් ඉන්දියාවේ ටාටා සමාගම විසින් සාදන නිවාස ව්‍යාපෘතියෙන් මිලියන ගණනක් කොමිසන් ගිලිළලු නේද? එහෙනම් තව නඩුවක් පෝලිමට පෝලිමට එන්ටර්.
අන්න සාටක ලේකම් ඉන්දියාවේ ටාටා සමාගම විසින් සාදන නිවාස ව්‍යාපෘතියෙන් මිලියන ගණනක් කොමිසන් ගිලළලු නේද? එහෙනම් තව නඩුවක් පෝලිමට පෝලිමට එන්ටර් .
අන්න සාටක ලේකම් ඉන්දියාවේ ටාටා සමාගම විසින් සාදන නිවාස ව්‍යාපෘතියෙන් මිලියන ගණනක් කොමිසන් ගිලිළලු නේද? එහෙනම් තව නඩුවක් පෝලිමට එන්ට...
අනේ, මේ විපක්ෂ නායකයා දන්නා තරම..., සංස්ථා අධිකාරි වැනි අර්ධ රාජ්‍ය ආයතන වල වැටුප් වැඩිවන්නේ වෙනත් ක්‍රමවේදයකට.., එය රාජ්‍ය අංශයේ වැටුප් වැඩිවීමට කිසිම සම්බන්ධයක් නැහැ. බොහෝ ආයතනවල වසර 5න් පහට පඩි වැඩිවීමේ ක්‍රමවේදයක් තියෙන්නේ..
මෙය කාටවත් පඩි වැඩි නොකරපු එක්කෙනෙක්..., ජනතාවගේ සල්ලි වලින් දෙමව්පියන්ගේ සොහොන් හද හදා හිටියේ, දැන් කාටදෝ පඩි දෙන්න කියලා ලකුණු දාගන්න හදනවා. මෙයාගේ කාලේ ඔක්කොම ඇමතිවරු පුතාට සර් කියවලා එයාගෙන් අවසර අරගෙන තමයි වැඩ කරන්න නියමවෙලා තිබුනේ. දැන් මොවුන්ට කඩේයන අයට අමතක වෙලා....
ඒ කාලේ නොදුන්නු ඒවා දැන් පෙනෙනවැයි...