
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
එළඹෙන අයවැයේදී රාජ්‍ය සේවකයන්ට සැලකිය යුතු වැටුප් වැඩිවීමක් දෙන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය.
පවතින ජීවන වියදම සලකා එම වැටුප් වැඩිවීම දෙන බව පැවසූ අමාත්‍යවරයා අයවැයෙන් එය දැක බලා ගත හැකිවනු ඇතැයි ද සඳහන් කළේය.
වැටුප් වැඩි කිරීමට ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ කිසිදු විරෝධයක් නැති බවත් වැඩි කරන ප්‍රමාණය දැන්ම කිව නොහැකි බවත් ඔහු කීවේය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අවුරුදු දෙකක් රට පාලනය කළ බවත් ඒ කිසිම අවස්ථාවක රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි නොකළ බවත් ජයසිංහ මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රී රවී කරුණානායක මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
එළඹෙන අයවැයේදී රාජ්‍ය සේවකයන්ට සැලකිය යුතු වැටුප් වැඩිවීමක් දෙන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (9) පැවසීය.
පවතින ජීවන වියදම සලකා එම වැටුප් වැඩිවීම දෙන බව පැවසූ අමාත්‍යවරයා අයවැයෙන් එය දැක බලා ගත හැකිවනු ඇතැයි ද සඳහන් කළේය.
වැටුප් වැඩි කිරීමට ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ කිසිදු විරෝධයක් නැති බවත් වැඩි කරන ප්‍රමාණය දැන්ම කිව නොහැකි බවත් ඔහු කීවේය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අවුරුදු දෙකක් රට පාලනය කළ බවත් ඒ කිසිම අවස්ථාවක රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි නොකළ බවත් ජයසිංහ මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රී රවී කරුණානායක මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආර්ථික අහේනියකට රට වැටිල තිබුණ වෙලාවේ රනිල් පඩි වැඩි කරන්නේ මහින්ද ජයසිංහ ගුරු සංගමේ නිකං ඉදල හම්බ කරපු පඩියෙන්ද.
හැමදාම රාජ්‍ය සේවකයන් ගැන විතරක් හිතුවා හැම අණ්ඩුවක්ම. රට විරුවා කිය කියා බොරුවට මුරුංගා ඇත්තේ තියලා නිකන් ඉන්න එපා. රටවල් වල වැඩකරලා ලංකාවට සල්ලි එවපු අයට, ඒ අය එවපු සල්ලි ප්‍රමාණය බලලා උසස්ම සහ අවමයකට යටත්ව විශ්‍රාම වැටුපක් දෙන ක්‍රමයක් හදන්න. ලංකාවේ ජීවත් වෙන්න ඕනෑ රාජ්‍ය සේවකයන් විතරද? රට සල්ලි ටික නැත්නම් අද ලංකාවේ වාහන දුවන්න වෙනේ වතුරින්මයි."
සීයා වැඩි කල ටික තමයි හම්බවෙන්නේ . නැතුව අමුතුවෙන් එකක් නෑමේ."
යකෝ පඩි වැඩි කළේ රනිලා.. යහපාලනෙදි10,000/=කින් හිටපු අවු.2ට රු.10,000/=කින්.. ඔය ටික වැඩි කළේ නැත්තන් රාජ්‍ය සේවකයන්ට හොම්බෙන් යන්න වෙන්නෙ මේ වෙනකොට. මහින්ද ජයසිංහ කටකින්ද ඕවා කියන්නෙ.. ගුණමකුකම
රටේ වගකීමක් සහිත සහ අවධානය යොමු විය යුතුම පිරිසක් ලෙස කටයුතු කරන මුල් ළමාවිය සංවර්ධන ගුරුතුමියන් ට ලැබෙන වරප්‍රසාද මොනවද?
රනිල් 2005 වැඩි කරපු 10000 සහ ගියවර ආර්ථික අර්බුදය මැද රු. 10000ක දීමනාවක් දුන්නා. දීපු දේ නෑ කියන්න තරම් කුහක වෙච්ච රජයේ නිධාරින් ඉන්නව ඉතිං. උදය කමිටු වාර්තාව හදල පඩි වැඩි කරන්න යද්දි රජයෙ නිලධාරීන් ම ඒක එහෙම නෙමෙයි බොරුවක් කියල මත හැදුවා. නැත්තං අය වැය වෙනකං ඉන්න ඕන නෑ ගියමාසෙ ඉදන්ම වැඩි වෙලා.
විශ්‍රාමිකයන් ට මොකුත් නැද්ද .?
රජයේ සිස්ටම් හරිම පරක්කුයි, grn, mtn, approval, අරක මේක කියලා හැම දෙයක්ම පට්ට පදිරි පරක්කුයි. Communication අවුල්. Monitoring අවුල්. Proactive නෑ. Data storage නෑ. මේවා හරියට හැදුවා නම් ගොඩක් හොදා, පඩිත් වැඩි කරන්න. සමහර scheme තියනවා දේශපාලන උවමනාවට විසි වතාවක් විතර වෙනස් කරලා.
රාජ්‍ය සේවය පමණක් හුරතල් කරමින් ඉන්න .අනික් සේවකයෝ අපතයෝද
රජයේ සේවකයින්ට වැඩි පඩි... මහජනතාවට වැඩි බදුබර...!
දැන්නම් අවශ්‍යතාව ඇත්තෙන්ම තියෙනවා. අස්වැසුම හෝ කිසිවක් නැති රටේ උන්නතියට දායක වන අයට මේක ලොකු හයියක්... වෙයි
ඇයි මාණ්ඩලික නිලධාරීන්ට විතරක් 25,000ක් වැඩි කලේ
රාජ්‍ය සේවකයා හැම අතින්ම අසරණයි. රජයේ දෙන දේවල් දෙන්නෙත් නැහැ. ඒ මනුස්සයින්ගේ පඩිය හරියට දීපු දේවත් දෙන්නේ නැහැ. දැන් මොවුන්ට කරන්න ඕනේ ගෝඨාට කරපු වැඩේ තමයි..!
ජීවන වියදම බලපාන්නේ රජයේ සේවකයින්ට විතරද? රජයේ සේවකයින්ට ජීවන වියදමට සරිලන පරිදි වැටුප් වැඩි කෙරුවාම ඒ වැඩිවන රජයේ වියදම් පියවන්න අනිත් අයට රැඳවුම් බද්දයි, අරකයි, මේකයි කියලා බදු වැඩි කරනවා. රජයේ සේවකයින්ට වැටුප් වැඩි කරන්න අවශ්‍ය නම් ඔය වැඩිපුර ඉන්න රජයේ සේවකයින් ඉවත් කරන්න. එසේ ඉතිරි කරගන්න මුදලින් ඉන්න අයගේ පඩි වැඩිකරන්න. මහජනයාගේ බදු මුදලින් වැටුප් ලබන දුම්රිය සේවය අවුරුද්දකට කීපාරක් වැඩ වර්ජනය කරනවාද බලන්න..? මේක කාලකන්නි රටක් කරන්න එපා. ජීවන වියදම වැඩි නම් ඒක අඩු කරන්න...
රජයේ සේවයේ තියෙන්නේ අතිරික්තයක් . ඉන්දියාවට සමානුපාතිකව දහගුණයකට විතර වැඩියි. තව ටුප් වැඩි කරනවානම් ආර්ථිකය යන්නේ කොයිබටද?