(මනෝජ් හර්ෂික)
සියලු රාජ්‍ය සේවකයන්ට 2019 අයවැය මඟින් ගෙවීමට යෝජිත රුපියල් 2,500 ක මාසික දීමනාව ජූලි 1 වැනිදා සිට ලබාදීමට රජය තීරණය කර ඇත.
රාජ්‍ය සේවකයන්ට අන්තර් දීමනාව වශයෙන් රුපියල් 2,500ක මුදලක් ජූලි 1 වැනිදා සිට ගෙවනු ලැබුව ද මාසිකව ගෙවනු ලබන රුපියල් 7,800 ක ජීවන වියදම් ගෙවීම තවදුරටත් එලෙසම ක්‍රියාත්මක වේ.
මේ සඳහා වන චක්‍රලේඛය මහා භාණ්ඩාගාරයේ එකඟතාව සහිතව සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාතාංශය විසින් නිකුත් කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලිපිකරු සේවය කළමනාකරණ සහකාර සේවය ලෙස වෙනස්කල අවස්ථාවේ පළමු පංතියේ හා අධිපංතියේ සිටි අයට බලවත් අසාධාරණයක් සිදුවුනා. ඒ අනුව ඉතා ටික දෙනෙකුට පුද්ගලික වනසේ වැටුප් දුන්නා. අප වෙනුවෙන් පෙනීසිටි ශ්‍රීලංකා පළාත්පාලන සේවා මහා සංගමය කියනවා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිළධාරීන් අධිකරණ නියමය ඉටු නොකරන බව. මේ අසාධාරණයට ලක්වූ සියලු දෙනාම මෙන් දැනට විශ්‍රාමිකයි. ඔවුන් ගැනත් අවදානය යොමුවේවා
ඒ ගොල්ලන්ට විශ්‍රාම වැටුප 15000ක් වැඩි කරන්න පනත් ගේනකොට රජයේ සේවකයින්ට 2500යි.