(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රාජ්‍ය සේවකයාට පඩි විතරක් දී හරියන්නේ නැතැයි ද ඔවුන්ගේ පුහුණුව ගැනත් බැලිය යුතු යැයි ද පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රාජ්‍ය ආයතන 52ක් රජයෙන් එලියට ගන්නා හැටි කතා කරනවාට වඩා ඒවා ඵලදායී අයුරින් පවත්වාගෙන යාමට සැලසුම් හැදීම උචිත බවද මන්ත්‍රීවරයා කීය.
ඉඩම් ප්‍රතිපත්තිය හරියට ක්‍රියාත්මක නොකළොත් විශාල අර්බුදයක් පැමිණිය හැකි බව කී මන්ත්‍රීවරයා පාසල් අධ්‍යාපනය මෙන්ම උසස් අධ්‍යාපනය බරපතල ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටින අතර ඒ ප්‍රතිසංස්කරණ නොකළහොත් අධ්‍යාපනයේද අර්බුදයක් ඇතිවිය හැකි බව සඳහන් කළේය.
අයවැයෙන් ඉදිරිපත් කළ උසස් අධ්‍යාපන අධ්‍යාපන කොමිසමක් හැදීමේ යෝජනාව තමාද පිළිගන්නා බව චරිත හේරත් මහතා සඳහන් කළේය.
රටේ ආර්ථිකය ගණන් හදා විසඳන්නට බැරි අතර ඊට සංකල්පමය වෙනසක් අවශ්‍ය වන බව හේරත් මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා මෙහෙම කිව්වට රජයේ සේවයේ නිළධාරින් මෙන්ම සේවකයින් පුහුණුවක් ගැන කිසිම සැලකීමක් නැහැ සමහරක් පිරිස් හිතාගෙන ඉන්නෙ අධ්‍යාපන සහතිකය තරම් කිසිවක් වටින්නේ නැහැ කියලා තමයි ඒක සාමාන්‍ය නිළධාරි පමණක් නොවෙයි ජ්‍යේෂ්ඨ මට්ටමේ නිළධාරි වුනත් සළකන්නෙ සේවය ඇතුළත් වූ සුදුසුකම් පමණයි මෙතුමාගේ අදහස් ඉතාමත් නිවැරදියි ක්‍රියාත්මක කරන්න අවශ්‍යම වෙනවා උදාහරණයක් හැටියට මම කියන්නෙ එක් පරිපාලන නිළධාරි කෙනෙක් හිටියා එයා ආයතන සංග්‍රහය මුදල් රෙගුලාසි හා රජය වවරින්වර නිකුත්කරන චක්‍රලේඛ ගැන හොද අවබෝධයක් තිබුන කෙනෙක් .නමුත් එයා අන්තිමට සේවය කල ආයතනයේ ලොක්කා මෙයාට කිව්වෙ ආච්චි කියලා තමයි නමුත් ඇය තරුණියක් වගේ හිටියා ඒ ලොක්කා ඇයට වඩා මෑතකදී සේවයට පැමිණි නවකයින්ගේ (පරිවාස කාලයේ සිටි) උපදෙස් අනුව කටයුතු කලා ,ඉතින් එහෙම මිනිස්සු එක්ක රාජ්‍ය සේවය මෙතරම් හෝ තියෙනවා පුදුමයි නේද කැමති කෙනෙකුට එම කාර්‍යාලය සොයාගන්න ක්‍රමයක් කියන්නම් දීප ව්‍යාප්ත සේවවන් වන ගණකාධිකාරි හා සැලසුම් සේවයේ නිළධාරින්ට එම කාර්‍යාලයේ පරිපාලන සේවයේ දෙවනියා යටතේ සංවිධාන ව්‍යුහය සකසා තියෙනවා
රාජ්‍ය සේවකයන තමයි මේ රටට තියෙන ලොකුම හෙනය. උන්ව තවත් පෝෂණය කරන්න හදලා මුන්ට ආපහු පාර්ලිමේන්තුවට එන්න හදන්නේ
රජයේ විශ්‍රාමික ප්‍රජාවට අපේ ගරු මුදල් ඇමැතිතුමා දිනකට සාම්ප්‍රදායිකව පරිභෝජනය කරණ වඩේ එකකට සහ ප්ලේන්ටියකට පමණක් ප්‍රතිපාදන වෙන් කර ඇත. සුඛී දීඝායුකෝ භව...!!!
ඔව් ඔව් පඩි විතරක් මදි අවුරුද්දට දින 365 නිවාඩු දෙන්න, දවසට පැය 24 OT දෙන්න, හම්බ ගැහැනුන්ට උන්ගේ ඇමතියා දුන්නා වගේ ගෙදර ඉඳන් වැඩ කරන්න දෙන්න. මුන් වැඩිපඩි ඉල්ලන්නේ පොටෝ කොපි ගහල දෙනවා කියලා හිතාගෙන වගේ. වැඩි පඩි ඉල්ලන එවුන් රජය ඒ ආදායම හොයන හැටිත් කියපියව්.
පළමුකොටම කියන්න ඕන මෙයා මෙච්චරම අවංක නම් ම්ම් හිටපු මහාචාර්ය මිසක දැන් මහාචාර්ය නොවන බව . මහාචාර්ය කියන්නේ වී වීද්‍යාලයක තනතුරක්. සම්මානිත මහාචාර්ය නොවන කිසිවෙකුට වී විද්‍යාලයෙන් ඉවත්වූ පසු මහාචාර්ය කියල අමතන්න බැහැ . නමුත් බාල දේශපාලනේ යෙදෙන සමහරු දැක්කොත් බුවා නොදක්කොත් එබුවා න්‍යායෙන් මෙමගින් වාසියක් ගන්නවා .
පඩි විතරක් මදිනම් ගෑනිත් දීපල්ලා... කාලකන්නි අමනයින් රට නැත්තටම නැති කරන්න හදනවා...!
මේකට හොද උදාහරණයක් අත් දැකීමක් අනුව කියන්න පුළුවන් සාමාන්‍යයෙන් තනතුරු සදහා සීමිත විභාගය හා විවෘත විභාගය ලෙසට ක්‍රම දෙකකට රජයේ සේවයේ බදවා ගැනීම කරනවා එක දෙපාර්තමේන්තුවක ගිය වසරේ සීමිත විභාගය තියල මේ වසරේ විවෘත විභාගය පැවැත්වා අවසන් වුනා මේ ඉල්ලුම් පත්‍ර කැදවීමේදී කියනවා මෙයින් 30% සීමිතව ගන්නවා කියලා සීමිත විභාගයේදී 70% විවෘතව ගන්නවා කියනවා සාමාන්‍යයෙන් විභාග දෙකට විෂය නිර්දේශ දෙකක් තිබිය යුතුය අභ්‍යන්තරයෙන් ගන්න අයට එහි ඇතුලේ සිටින අයට තියෙන දැනුමක් නැහැ කල්පනා කර වැඩක් කරන්න නොදන්නා අයට දන්න කෙනෙක් කිව්වත් අහන්නෙ නැහැ කරන්නෙ වෙන දෙයක් රාජ්‍ය සේවයේ දීර්ඝ පලපුරුද්දක් තිබෙන කෙනෙක් කිව්වත් සමහරක් නිළධාරිණීයන් ඒවා පිලිගන්නේ නැහැ ඇහුවම කියන්නෙ පීඑස්සී එකෙන් එවපු එක තමයි ප්‍රශිද්ධ කලේ කියලා ඔවුන් කැමති නැහැ බුද්ධිය කළඹා කලයුත්තේ කුමක්ද කියලා තීරණය කරන්න මේ ගැන ගරු රාජ්‍ය සේවා කොමිසමේ සභාපතිතුමා ගරු සාමාජිකයන් හා ලේකම්තුතුමා අවධානයට ගනිත්වා