
(සුජිත් හේවාජුලිගේ)
බොහෝ රාජ්‍ය ආයතනවල සුඛෝපභෝගී වාහන විකිණීම හෝ වෙන්දේසි කිරීම නිසියාකාරව සිදුව නැතැයි වාර්තාවේ.
සමහර ආයතනවල වෙන්දේසි කිරීම කර ඇත්තේ වාහන එකක් දෙකක් පමණක් බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇතැම් ප්‍රධානීන් රජයේ වගකිවයුතු තැන්වලට කතාකර සුඛෝපභෝගි වාහන වෙන්දේසි කිරීම නවත්වා තවදුරටත් රඳවා ගැනීමට අවස්ථාව සලසාගෙන ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
මේ අනුව සුඛෝපභෝගී වාහන වෙන්දේසි කිරීමෙන් වියදම් අඩුකර ගැනීමේ රජයේ අරමුණ මේ වනවිට සම්පූර්ණයෙන්ම ඉටුව නැතැයි දැනගන්නට ඇත.
පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ සුපිරි වාහන තුනක් වෙන්දේසි කිරීමද බලාපොරොත්තු වූ මිල ගණන් ඉදිරිපත් නොවීම හේතුවෙන් දෙවෙනි වතාවටත් ටෙන්ඩර් කැඳවීමට තීරණය කර ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතන තියෙන ප්‍රශ්නය තේරෙන්නේ නැතිකම. ප්‍රධානම අරමුණ ඉටුවෙනවාද බලන්න ඕනෑ. ඔය විකුණන එක වාහනයක්වත් අබිලි වාහන නොවේ. දැනටත් පාවිච්චි කරන හොඳ තත්වයේ වාහන, විකුණන හේතුව වියදම අධිකය කියන එක. දැන් බලමු ඔය වාහන විකුණන්නෙත් රජයේ තක්සේරුව මත. ඒක කොහොමත් වෙළෙඳපොල වටිනාකමට වඩා අඩුයි. එහෙම විකුණලා දැම්මත් අලුතෙන් වාහන ගන්න වෙනවා. මොකද රාජකාරි වැඩ සඳහා යොදාගන්න අවශ්‍ය නිසා. එතකොට විකුණලා දැම්ම වාහන වෙනුවට අලුතින් ගන්න වාහන ගන්නේ මාකට් එකේ වටිනාකමට. ඒ කියන්නේ විශාල මුදලක් ඒ වෙනුවෙන් වැය කරන්න වෙනවා, මොකද ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නිසා මාකට් එකේ වාහන මිල විශාල වශයෙන් ඉහල ගිහින් තියෙන නිසා. ඉතින් මේක තියෙන වාහනේ තෙල් ගහගෙන දුවනවාට වඩා විශාල වියදමක්. ඕක තේරෙන්නේ ටිකක් පහුවෙලා!
ඔයා ඉන්නේ මේ වගේ නිලධාරීන් ඉන්නකන් මොන ආණ්ඩුව ආවත් රට හදන්න බෑ.
ඉබි ගමනේ යන මෙම මිණීමරැ අතිතයක් අැති මෙි නඩයෙන් වැසිකිළි වලක්වත් හරියට හැදිමක් බලාපොරොත්තු නොවන්න...