(අජන්ත කුමාර අගලකඩ)
මැති ඇමතිවරුන්ගේ සහ රාජ්‍ය ආයතන වල වියදම් තවදුරටත් සීමා කිරීමට රජය තීරණය කර ඇත .
ඒ සඳහා විශේෂ උපදෙස් මාලාවක් මුදල් අමාත්‍යංශය සියලුම ඇමතිවරුන්ට හා අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනටමත් යොමුකොට තිබේ .
අයවැය මගින් ප්‍රතිපාදන වෙන් කර ඇති ව්‍යාපෘති හැරුණු විට වෙනත් කිසිදු ව්‍යාපෘතියක් සඳහා මුදල් ඉල්ලීමෙන් වළකින්නැයි මුදල් අමාත්‍යාංශය සියලුම ඇමතිවරුන්ට සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇත .
රාජ්‍ය වියදම් සීමා කරමින් ඉකුත් දෙසැම්බර් මස 21 වනදා නිකුත් කරන ලද චක්‍රලේඛය සහ ඉකුත් ජනවාරි මස 12 වැනි දා නිකුත් කරන ලද චක්‍රලේඛයේ සදහන් නියෝග දැඩිව ක්‍රියාත්මක කරන්නැයි ද එමගින් උපදෙස් දී ඇත .
ඒකාබද්ධ අරමුදලින් ඉන්ධන දීමනා ලබන ඇමතිවරුන්ගේ ,මන්ත්‍රීවරුන්ගේ සහ ආයතන ප්‍රධානීන්ගේ ඉන්ධන වියදම් සීමා කරන්නැයි ද එමගින් උපදෙස් දී ඇත.
ඊට අමතරව රාජ්‍ය ආයතනවල දුරකථන,විදුලිය වියදම් ආදී සියලු වියදම් දැඩිව සීමා කරන්නැයි ද මුදල් අමාත්‍යංශය දන්වා ඇත .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වියදම් අඩුකරන්නේ කොහොමද බලයෙන් විසිවෙච්ච ගොයියන්ගේ බාරියාවන්ට විශේෂ ආරක්ෂාව දෙනවා කියලා පරිසිද්ද පත්තරයක තිබුනේ? එක උන්දා කෙනෙකුට පොලිස් නිලදාරීන් 17 ගේ ආරක්ෂාව දෙනවලු. මොන බම්බුවකටද උන්දලව පරිස්සම් කොරන්නේ? කවුරු උස්සන් යයි කියලද?
ජෙප්පෝ ආවාම කරනවා කියන ඒවා දැම්මම කරන්න එතකොට ජෙප්පන්ට මාකට් වෙන්න කියන්න දෙයක් ඉතුරුවෙන්නේ නැහැ? ජෙප්පන්ට ඕවා කරන්න රට කොමිනිස් කරන්න වෙනවා අපිට් රට කොමිනිස් නොකර ඕවා කරන්න පුළුවන්.
නිදහස් සැමරුවට විනාශ කරපු කෝටි 13 ගැන කතා නොකරපු පාර්ලිමේන්තු කාරයින්ට ඔහොම වෙන්නත් ඕනෑ...
වැඩකට නැති නිදහස් සමරු දින විශාල වියදම් අඩු කරන්න තිබුනේ නැද්ද?
අපගේ මෙම අදහස් කිසිවෙකුට අපහාස කිරීමටවත් කිසිවෙකුව පහත්කිරීමට හෝ කිසිවෙකු හොද වැඩකාරයකු යයි කීමට දරන උත්සාහයක් නොවන බව කාරුණිකව සලකන්න. මහා එකාගේ සිට පොඩි එකා දක්වා හිතට එකඟව අවංකව කැපකිරීම් "නොකළොත් " අප රටක් හැටියට, ජාතියක් හැටියට විනාශවීම මොන මලයකාටවත් නැවැත්විය නොහැකි බව කණගාටුවෙන් දන්වන්නෙමු. එබැවින් අප රටේ තිබෙන සියලුම දේශපාලන පක්ෂවල ඉන්නා (බලයේ ඉන්නා "බූරුවන්ට" මෙන්ම බලය නැතිව තටමන "බූරුවන්ටද" මෙය ඍජුවම අදාලයි) අප මෙසේ සඳහන් කරන්නෙමු. දැන්වත් ගොන් තකතීරු තර්ක විතර්ක පසෙකලා රටේ පැවැත්ම, රටේ අනාගතය වෙනුවෙන් වැඩ කරපල්ලා... කවුරු බලයේ හිටියත් මේ පවතින තත්වයෙන් ගොඩ ඒමට නම් සියල්ලන්ගේම කැපකිරීම් අතිශය අවශ්‍ය බව ළදරුවෙකුට වුවද තේරෙන සත්‍යයක් බවත්, එය නොතේරී හෝ නොතේරුණා වගේ රඟපාන බලයට ආවොත් මේ මොකුත් ගැටළු නැහැයි කියන සුරංගනා කතා කියන විපක්ෂයේ ඉන්නා ඔලමොට්ටලයින් පිළිබඳව කණගාටු වන්නෙමු. මෙම අදහස් කිසිඳු වෙනසකින් තොරව කියවීමට හැකිවේවා...
ඇත්තටම කිව්වොත් ඕක පටන් ගන්න ඕනෑ ඇමැතිලාගෙන්... සේවය කරන්න ආවා නම්, අනික් මිනිස්සු වගේ අදාල වැටුප් අරගෙන සේවය කරන්න ඕනෑ. ඔය වරප්‍රසාද කියල දේවල් එයාලාට අවශ්‍ය නැහැ.. ඇයි මැති ඇමැතිවරු කියලා විශේෂයක් කරන්නේ කියන එකත් ප්‍රශ්නයක්... සේවයක් නම් සේවය.. ඒකත් අනික් මිනිස්සු කරන රස්සාව වගේමයි. අවුරුදු පොඩි ගාණකින් විශ්‍රාම වැටුපකුත් දෙනවා. අරවයි, මෙව්වයි කොච්චර සල්ලිද..? ඔය ඔක්කෝම නවත්තලා දාන්න ඕනෑ...
සියලු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරන්න.
ඇමැති මණ්ඩලය අඩු කරන්න. රාජ්‍ය අමාත්‍ය කියන බහුබූත තනතුරු අයින් කරන්න. දේශපාලුවන්ට දීලා තියෙන අසීමිත වරප්‍රසාද අහෝසි කරන්න....
ජනතාව ප්‍රශ්න විශාල සංඛ්‍යාවකට මැදිවී සිටිද්දී තව මහා පරිමාණ නිදහස් උත්සව පැවැත්තුවා නම් හරි...!
බයියන්ට දැන් සැපයිද?
බංග්ලාදේශයෙන් හිඟාකාලා ගුවන් සංදර්ශන තියෙනකොට ඕවා හිතුණේ නැද්ද? ගුවන් සංදර්ශනවල පුහුණුවට සහ එදින කොතරම් වියදමක් යන්න ඇතිද? මෙවර චාමෙට කරන්න තිබුණා. මාස්ක් නැතිව 10000ක් විතර එකට ගැවසුණා. එතැනින් වෙන හානිය ඉදිරියට බලාගන්න පුළුවන්...!
රට හිඟමනට වැටිලා තියෙන්නේ මේ පාලකයින්ගේ හොරකම්, වංචා, අසීමිත වරප්‍රසාද නිසා අද ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් කියනවට වඩා, ඉතියෝපියාවේ පුරවැසියෙක් කිව්වොත් විදේශ රටවල ගණන් ගැනීමක් තියෙනවා. හැමදාම බොරු සංඛ්‍යා ලේඛන පෙන්වලා ජනතාව මුලා කරලා අන්තිමට බිංදුවටම වැටුණා... තවත් බලයටම කෑදරයි..
මේ සැමරුවේ රටේ සාමාන්‍ය ජනතාවගේ නිදහස නෙමෙයි. මේ සැමරුවේ දේශපාලකයන්ගෙයි, සීමිත ප්‍රභූවරුන්ගෙයි නිදහස..! සුද්දන්ගෙන් නිදහස ඕනෑ වුණේ මේ පන්තියටයි. මේ රටේ සාමාන්‍ය ජනතාවට සුද්දන්ගේ පාලනය අද තිබුණා නම් මේ රට සුරපුරයක්... පේනවනේ එංගලන්තයේ ඉන්න විදේශිකයින්ට තියෙන නිදහස සහ සැප. මේ රටේ සාමාන්‍ය මිනිහෙක්ට මොකක්ද තියෙන පිළිගැනීම...? පොඩ්ඩක් ගිහින් බලන්න ඕනෑ රජයේ ආයතනයකට වැඩක් කරගන්න. ඒකට එංගලන්තයේ සුද්දෝ 100ක් ඉස්සරහින් එක දුප්පත් ලෝකෙටම ණය වෙලා එදාවේල කන රටකින් ආව මනුස්සයෙක්ට වුණත් වැඩේ කරලා දීලා තමයි සුද්දෝ ගැන බලන්නේ. අනේ මන්දා ඇමෙරිකාවේ ඉඳලා ලොක්කා ඇවිත් තියෙන්නේ රජෙක් වෙන්නනේ. අපි නම් හිතුවේ වැඩ්ඩෙක් කියලා. දැන් බලද්දී යුද්ධය කාලේ කවුද කියලා පැහැදිලියි.
දශක ගණනක් ජනතාව රවට්ටමින් මෙයාලා වැජඹුණා. නිදහස් සෞඛ්‍ය කියලා කියන්නේ රෝහලකට ගියාම පෝලිම් කීයක් ගිහිල්ලද බෙහෙත් ටිකක් ගන්නේ...? නිදහස් අධ්‍යාපනය කළින් තිබුණා.. දැන් පේන්න නැහැ. අද සල්ලි තියෙනවා නම් දරුවෙකුට උගන්නන්න පුළුවන්. ජාතික පාසල් නමට, ටියුෂන්වලට දෙමව්පියන්ගේ සල්ලි ඉවරයි. කෝ මේවට විසඳුම් කියනවද? තවත් බේගල් දොඩවමින් බලේ රැකගන්නයි, බලේ ගන්නයි දඟලන්නේ...!
මේවායෙන් කියැවෙන්නේ පොදු ජනතා මතය බව රට වනසන කාලකන්නි දේශපාලුවන් අවබෝධ කරගත යුතුයි.
දූෂිත බලලෝභී බඩගෝස්තරවාදී දේශපාලුවන්ට ඔය දේවල් කරන්න තිබුණේ මීට කලින්... මහාපරිමාණ හොරකම්, වංචා, දූෂණ කරලා, බොරු සෝබන වැඩවලට නිකරුණේ මුදල් කාබාසීනියා කරලා රටම බංකොළොත් වෙන තැනට වැඩකෙරුවා...
ඇමැතිවරුන්ගෙන් තව ඉන්ධන ලීටර් 02ක් විතර අඩුකෙරුවා නම් විශාල මුදලක් ඉතිරි වෙයි.
225ක් නෙවෙයි 500ක් කමක් නෑ... හොඳ දක්ෂ මිනිස්සු නම් වැඩ බැරි මිනිස්සු දාගත්තම නාස්තිය විතරයි.. රජයේ ආයතනවල විදුලි බිල්, දුරකථන සහ ජල බිල්, ගෙවන්න යන වියදමට සාපේක්ෂව ලැබෙන සේවාවන් සමාලෝචනය කළ යුතුයි. එක දවසකට ෆොටෝකොපි කොළයක් ගානේ නාස්ති වුණත් මිලියන කීයක්ද? එක ලිපි ගොනුවකට කීයක් ඉන්නවද? කොයිතරම් කාර්යක්ෂමද? සිංගප්පූරුවෙන් ගෙනැල්ලා වැඩ කරන හැටි ඉගෙන ගන්න.