(රංජන් කස්තුරි)
වෘත්තිය ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ විධායක නිලධාරීහූ බදාදා (04) වැනිදා සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර සිටිති.
නීති නිලධාරීන්ට ලබාදී ඇති වැටුප් වැඩිවීම හා ප්‍රවාහන දීමනාව සියලු විධායක නිලධාරීන්ට ලබාදීම , පරිපාලන නිලධාරීන්ට යෝජිත විශේෂිත දීමනා ලබා දීම සහ රාජ්‍ය නිලධාරීන්ට අහිමිකළ විශ්‍රාම වැටුප නැවත ලබාදීම යන ඉල්ලීම් මුල්කර ගනිමින් එම වර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි.
සියලු දීපව්‍යාප්ත සේවාවලට අයත් සහ සමාන්තර සේවාවලට අයත් විධායක නිලධාරීන් එම වර්ජනයට එක්වන අතර එදින පෙරවරුවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතා උද්ඝෝෂණයක් පවත්වන බවද රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ ලේකම් එච්.ඒ.එල් උදයසිරි මහතා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ උන්දලා කිසිම හේතුවක් පවා නැතිව හෙට එන්න සතියකින් එන්න කියමින් මහජනතාව රවටනවා. මේ නිලදාරීන් දවසකට ලියුම් 2 ක තරම් වත් වැඩක් කරන්නේ නැහැ. මේවා පුද්ගලික අංශයටම දුන්නනම් ඉවරයි. මුන්ගේ හැට හුටහමාරක් සමති අටවාගෙන සම්තින් හොයනවා
අර හොරු 70 කට දඩුවම් දෙන්න හදන එක නවතා ගන්නට හදන උප්පරවැට්ටියක් .
තියෙන වරප්‍රසාද, පර්මිට්, විදේශ සංචාර ඔක්කොම බුක්ති විඳ විඳ තව උද්ගෝෂණය කරන්නත් එනවා. ලැජ්ජ නැහැ.
පඩි,දීමනා මේ ඔක්කොම රාජ්‍ය සේවකයින්ට විතරද? පුද්ගලික අංශයේ සේවකයින් මේ වගේ ඉල්ලන්න ගියොත්? රටේ වැඩ කරන්නේ රාජ්‍ය සේවයේ අයවලුන් විතරද? රාජ්‍ය සේවය පුළුල් කිරීම දැන්වත් නවතා දමන්න. රටේ මිනිසුන්ගේ බදු මේ විදියට ගසාකන එක වැරදියි.