(සුජිත් හේවාජුලිගේ )
රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් දෙසීයකට වැඩි පිරිසක් කලකට පෙර තමන්ට රජයෙන් ලබාදී තිබූ තීරු බදු රහිත වාහන බලපත්‍රය ආර්ථික දුෂ්කරතා හේතුවෙන් රුපියල් ලක්ෂ දෙක තුනකට වාහන අලෙවිකරුවන්ට විකුණා ඇතැයි වාර්තාවේ.
මෙම වාහන බලපත්‍රය ලබාදී තිබුණේ විදේශයෙන් වාහන ආනයනය තහනම් කිරීමට පෙරය.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පෙර රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත.
මන්ත්‍රීවරුන්ට මුලින්ම වාහන බලපත්‍රය ලබා දුනහොත් වැරදි මතයක් සමාජගත විය හැකි හෙයින් මුලින්ම රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට ලබාදීමෙන් පසු මන්ත්‍රීවරුන්ට බලපත්‍රය ලබාදීම සුදුසු බවට විවිධ පාර්ශ්ව රජයට යෝජනා කර ඇත.
එසේම රජයේ සේවකයන්ට ලබා දෙන වාහන බලපත්‍රයට සමාන වාහන බලපත්‍රයක් හෝ තමන්ට ලබා දෙන ලෙස මන්ත්‍රීවරුන් පිරිසක් රජයෙන් ඉල්ලීමක් කර ඇත.
රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරියකුට ලැබෙන තීරු බදු රහිත වාහන බලපත්‍රයේ වටිනාකම ලක්ෂ විසිපහකට ආසන්නය.
වාහන ආනයනය තහනම් කිරීමක් සමග රජයේ බොහෝ විධායක නිලධාරීන් පිරිසකට එම වාහන බලපත්‍රය ළඟ තබාගෙන බලා සිටීමට සිදුවී ඇතැයි කියති. ඒ පිරිස අතර වෛද්‍යවරු ඉංජිනේරුවරු ඇතුළු වෘත්තිකයෝ දහස් ගණනක් වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ දේශපාලන අල්ලස් මුලුමනින්ම අහෝසි කළ යුතුයි. රජයේ නිලධාරීන්ට වාහන පර්මිට් දීමත් අල්ලසක්ම තමයි...
ඔහොම යන්නකෝ... දැන් මෝඩයෝ රැලක් මාලිමාව රජකරන්න උත්සාහ කරනවා. ඒකෙ නායකයෙක් කියලා තියෙනවා නීති හැදීම ක්‍රියාත්මක කිරීම හා යුක්තිය පසිඳලීම් ගමේ සාමාජිකයන්ට දෙනවා කියලා.. තවත් කෙනෙක් කියලා තියෙනවා... ඔවුන්ගේ අදහස් අනුමත නොකරන අය මැරුවා කියලා.. අතීතයේ සිදුවීම් මතකයේ තියෙන කෙනෙක් ඉන්නවා නම් 88-89 සිදුවීම් මාලිමාව යටතේ නැවතත් සිදුවෙන බව සිතා කටයුතු කරන්න කියලා රජයේ ලොක්කන්ට මතක් කරන්න ඕනෑ...
වාහන පලපත්‍රය වෙනුවට එම බලපත්‍රයේ වටිනාකමට සමාන මුදලක් ඔවුන්ට ලබා දෙන්න. දැන් විදිය හින්දා රටේ සල්ලි තවත් එළියට යනවා. අනික එය ජාවාරමක් වෙලා.
සුරන්ජිත් මේ මාලිමාවේ කට්ටියගේ වැඩද? මාලිමාවේ කුස්සියේද කක්කුස්සියේද වැඩ කරන්නේ ඔය ඕපදූප තමන්ට විතරක් ඇහිලා තියෙන්නේ? මාලිමාවට දිනපතා ජනතාව එක්වෙන එක ඉවසන්න අමාරු නම් මඩ නොගහ දොස්තර කෙනෙක් හමුවෙන්න. බොරු සමාජගත නොකර, තමා ඔහොම යමු කියන්නේ තමුන්ටත් මේකෙ වාසියක් ඇති නිසාද?
ඔය පර්මිට් ළඟදීම ඉවරයි.
පර්මිට් දෙන්න කලින් ලංකාවට සාමාන්‍ය විදිහට වාහන එන්න ඕනේ. එහෙම නැතුව පර්මිට් වාහන පමණක් ගෙනාවොත් විශාල අසාධාරණයක් මහා ජනතාවට සිදු වෙනවා. ජනතාව අනිවාර්යයෙන් මේකට විරුද්ධව බහිනවා...
විශ්‍රාම බලපත්‍ර RS සඳහා විකුණනු ලැබේ. දූෂණයට මිලියන 35ක බෝනස්
දූෂිත විශ්‍රාමික රජයේ සේවකයන් සඳහා විශ්‍රාම බලපත්‍ර සහ ජ්‍යෙෂ්ඨ සේවක අමාත්‍යාංශයේ ලේකම් සහ ඒ හා සමාන මුදලකට රුපියල් මිලියන 35 කට විකුණනු ලැබේ.