
(යොහාන් භාසුර)
රජයේ රෝහල් මුහුණ දී සිටින ඖෂධ හිඟය මඟහරවා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය ධානපතින්ගේ සහයෝගය බලාපොරොත්තු වන බව එම අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
රටපුරා රෝහල්වල ඇතැම් ඖෂධ වර්ගවල දැඩි හිඟයක් පවතින බවත් රෝහල්වල ඖෂධ තොග තවත් මාසයකට හෝ දෙකකට පමණක් ප්‍රමාණයක් බවත් එම නිලධාරියා කීය.
මෙම තත්වය මඟහරවා ගැනීමට ධානපතින්ගේ මූල්‍ය පරිත්‍යාග බලාපොරොත්තු වන බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි තත්වයක් යටතේ රජයකින් ඇති ඵලය කුමක්ද?
අර සහාය පලකරලා පෙළපාලි යන අයට දුන්නු 5000 ඒවා එකතු කරලා දෙන්න කියන්න. පෙළපාලි යනවට වඩා ඒකෙන් ඇත්තට සහායක් දෙන්න පුළුවන් කියලා... ඒ අයට තේරුම් කරලා දෙන්න.
දානපතින්ගේ මූල්‍ය පරිත්‍යාග බලාපොරොත්තු වෙනවා නම්, ඇමති කෙනෙක් මොනවාටද? නාමලුත්, ජොන්ස්ටනුත්, අජිත් කබ්‍රාලුත් මහ ලොකුවට කිව්වනේ ආණ්ඩුවට මුදල් තියනවයි කියලා. කෝ දැන්? හොරා කාපු මුදල් ටික දැන්වත් භාණ්ඩාගාරයට දෙන්න.
ජොන්ස්ටන්ට ළඟදිම හෙණ වදිනවා ශුවර්...!
මෙතරම් ආර්ථික අහේනියක් ළඟටම එනකම් බලන් සිටියේ ඇයි? විවෘත කිරීම් සඳහා මිලියන ගණන් වියදම් කළේ ඇයි? ඡන්දයට කෝටි ගණන් වැය කළේ ඇයි? කොවිඩ් එන්නත මෙරට දී පමණක් මිල අධික වූයේ ඇයි? රටේ දේශපාලන හොරුන්ට පමණක් නීති නැත්තේ ඇයි? පට්ටි පිටින් ඇමති නඩේ රැගෙන පිටරට සාකච්ඡාවලට ජනතා බදු මුදල් පාවිච්චි කළේ ඇයි? ජනතාවගෙන් මුදල් එකතු කොට සෑදූ කොවිඩ් අරමුදලේ වියදම් විනිවිද භාවයෙන් තොර ඇයි? නැට්ටටම සල්ලි ඉවර කරලා ජනතාවගෙන් මුදල් ඉල්ලන්න රජයක් අවශ්‍යය ඇයි? මෙසේ මුදල් එකතු කළත් ඒවා ඩොලර්වලට හැරවිය නොහැකි බව අමතක වූවේ ඇයි?
රටේ මිනිස්සු මේ වෙලාවේ වීදි බැහැලා කෑ මොර දෙන්නේ හොරකම් කරපු සල්ලි දියව් කියලා, මුලු රටම කියන්නේ ආණ්ඩුවට සම්බන්ධ අය ලඟ ඒ සල්ලි තියෙනවා කියලා! ඒ අය තමයි දානපතියෝ, ඒ අයගෙන් ඉල්ලා ගන්න!
මෙච්වර කල් බොරු බේගල් ගහලා ජනතාව රවට්ටලා දැන් ආධාර ඉල්ලනවා. දූෂිත පවුල් පාලනේ අය, දේශපාලුවන් හොරාකාපුවා ඕනෑතරම් තියෙන්නේ... ඉල්ලගන්න එකනේ තියෙන්නේ...!