(යොහාන් භාසුර)
රජයේ රෝහල්වල කාර්ය මණ්ඩලය වැඩවර්ජනය කරන කාලය තුළ රාජ්‍ය ඔසුසල්වලින් රජයේ රෝහල්වලින් නිකුත් කරන නිර්දේශයන්ට නොමිලයේ ඖෂධ නිකුත් කිරීමේ සේවාවෙන් ඉවත් වන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා ඖෂධවේදීන්ගේ සංගමය එම සංස්ථාවේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ.
ඒ අනුව රජයේ රෝහල්වල බාහිර රෝගී අංශයෙන්, සායනවලින්, නේවාසික හා රෝහලෙන් බැහැර යන රෝගීන් වෙත නොමිලයේ ඖෂධ නිකුත් කිරීමේ සේවාවෙන් ඉවතවීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා ඖෂධවේදීන්ගේ සංගමයේ කාරන සභාව තීරණය කර ඇති බව ද එම ලිපියේ වැඩි දුරටත් සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞඛ්ය සේවාවන් යනු තවත් එක්තරා රැකියාවක් නොවේ. එය මහජනතාව වෙනුවෙන්ම කැපවූ සේවයකි. ඒ සඳහා වියදම් කරන්නේ බදු ගෙවන ජනතාවයි. සෞඛ්‍ය සේවයේ නියුතු අයට පමණක් නොව, සෙසු හුදී ජනයාටද ප්‍රශ්ණ අහස උසට තිබේ. වෛද්‍ය දීමනා වැඩි කිරීමත්, සේවක වැටුප් වැඩි කිරීමත් එකක් නොව දෙකකි. ඔවුන්ටද යම් සහනයක් දිය යුතු වුවත්, මේ වර්ජන සඳහා අවස්ථාවක් නොවේ. දිනවිය යුත්තේ රට සහ ජනතාවයි. වර්ජකයන්ට කිසිම ජනතා සහායක් නොදිය යුතුයි. අවශ්‍ය නම් අලුතින් සේවකයන් බඳවා ගෙන, තාක්‍ෂනික සහාය ඉන්දියාවෙන් ලබා ගත යුතුයි. සොඛ්‍ය සේවයද අතිශයින්ම දූෂිත බැවින් කළමනාකරණය පෞද්ගලික අංශයකට පැවරිය යුතුයි. ඔසු සලේ සේවකයින් වැඩ නොකරන්නේ නම් සේවයෙන් ඉවත්ව ගියා සේ සලකා නව සේවකයින් බඳවාගත යුතුයි. ඔවුන් බොහෝදෙනෙක් නියම ඖෂධවේදීන් නොවේ...