(යොහාන් භාසුර)
අතිකාල දීමනා කප්පාදු වීමේ ගැටලුවක් මුල්කරගනිමින් රජයේ මුද්‍රණාලයේ සේවකයන් අද (22) පස්වරුවේ වැඩ වර්ජනයක් ආරම්භ කළ බව එහි වෘත්තිය සමිති නියෝජිතයෙක් පැවසීය.
ඔක්තෝබර් මස අතිකාල දීමනා කප්පාදු කිරීමට විරෝධය දක්වමින් සේවයෙන් ඉවත් වූ බව කී එම නියෝජිතයා සේවකයන් වැඩි සංඛ්‍යාවක් රාජකාරිවලින් ඉවත්වීම හේතුවෙන් මේ වන විට රජයේ මුද්‍රණාලයේ කටයුතු බොහෝමයක් නතර වී ඇති බව ද සඳහන් කළේය.
රජයේ මුද්‍රණාලයේ උසස් නිලධාරියකුගෙන් මේ පිළිබඳව අද පස්වරුවේ කළ විමසුමකදී පැවසුවේ වර්ජනය අවසන් කිරීමට සේවකයන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඉල්ලන අතිකාල දීමනාවට හරි යන්න කට්ටිය වැඩ කරලම ඇති!