(ඩයනා උදයංගනී)
අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු ඇමතිවරයා ඉතාලි සංචාරයේදී වතිකානයට ගොස් බොරු කියා පාප් වහන්සේ පවා නොමග යැවීමට උත්සාහ ගන්නා බව පෙනෙන්නේ යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
ඔවුන්ගේ වතිකාන ගමන පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ සත්‍ය යටගැසීමට රජය ගෙන යන ව්‍යාපාරයේ තවත් තුරුම්පුවක් බවත් එම වැඩපිළිවෙල තරයේ හෙළා දකින බවත් කාදිනල්තුමෝ පැවසූහ.
කාදිනල්තුමන් මේ බව පැවසුවේ කොළඹ අගරදගුරු මැදුරේදී අද (8) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් ද නීති ක්‍රියාමාර්ගය ගත යුතු බව ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කර තිබුණත් රජය ඔහු ආරක්ෂා කරන්නට යන බව පෙනෙන්නේ යැයි කී කාදිනල්තුමෝ චෝදනා ඇති සමහරුන්ව ආරක්ෂා කරන්නට රජය උත්සාහ කරන්නේ ඔවුනුත් මේ ප්‍රහාරයේ කොටස්කරුවන් නිසාද යන සැකයක් තමාට ඇතිවන බව පැවසූහ.
එමෙන්ම මේ ගැන චෝදනා එල්ල වී ඇති පොලීසියේ නිලධාරීන් පිරිසක් මහ නා හිමිවරු හමුවී ඔවුන්ට අසාධාරණයක් වී ඇතැයි ප්‍රකාශ කිරීම අනුමත නොකරන බව කී කොළඹ අගරදගුරුතුමෝ ජාතිය ආගම මත කිසිවෙක් බේරා ගැනීමට නොහැකි බවත් කතෝලික අයකු වරදක් කර තමා හමුවට ආවා නම් ඔවුන් පිළිනොගන්නා බවත් පැවසූහ.
ඔවුන්ට චෝදනාවක් ඇත් නම් අධිකරණය හමුවට යා යුතු බව ද කාදිනල්තුමෝ කීහ.
රජය ජාත්‍යන්තරයට ගොස් හැංගෙන්නට උත්සාහ කිරීම අනුමත නොකරන බව කී කාදිනල්තුමෝ එසේ ගොස් බාල්දු වෙන්නට එපා යැයි අගමැතිවරයාටත් විදේශ ඇමතිවරයාටත් දැනුම් දෙන බවද සඳහන් කළහ.
එම උත්සාහය ඔවුන්ගේම හිසට වැදෙන්න ඉඩ ඇති බවත් මේ සිද්ධීන් සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසම දැනුවත් කරන බව වතිකානයේ සාධාරණය හා යුක්තිය පිළිබඳ කටයුතු කරන පියතුමා තමාට දැනුම් දී ඇතැයි ද කාදිනල්තුමෝ පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාස්කු ප්‍රහාරය පෙන්නලා ලක්ෂ 10-15 ජනතාවක් ගොනාට අන්දලා ලක්ෂ 69 ක් ඡන්ද ගත්තේ.
මේ අමාරුවෙන් ඇවිදින මනුස්සය මේ වෙලාවේ ඉතාලි යන්නේ මොන හදිස්සියකටද? එහෙන් ණයක් ගන්නද? මෙහෙ මිනිස්සු රැවටුවාට පාප්තුමා රවටන්න අමාරුවෙයි.
69 ලක්ෂයක් ජනතාවට බොරු බේගල් ගහලා, සෞභාග්‍ය දැක්ම පෙන්වපු අයට ඕකත් මහ කජ්ජක් ද.?
ඔබවහන්සේ මේ වෙලාවේ ටිකක් හිතක් පපුවක් ඇතුව වැඩ කරන්නකෝ.
ඔබ වහන්සේට මා ඉතා ගරු කරනවා. ඔබවහන්සේගේ වේදනාව තේරෙනවා. නමුත් මේ වගේ රටට පොදු විපතක් ඇති වෙලාවේ ඔබ වහන්සේ ඒ ගැන කිසිත් නොකියා පාස්කු ප්‍රහාරය ගැනම විතරක් කතාකිරීම දුකක්... තුවාලයේ වේදනාව දැනෙන්නේ තුවාලය ඇත්තාට වුවත් අපේ අනික් අයට තියන දුක ගැනත් හිතන්න. අනික රටේ ගොඩක් දෙනෙක් මේ වෙලාවේ කොරෝනා නිසා ලෙඩවෙලා රාජ්‍ය කටයුතු පවා පමාවෙලා. ඔබ වහන්සේගේ නඩු පරක්කුවට ඒකත් හේතුවක් වෙන්න පුළුවන් නේද? මොනවා වුණත් 1980 ගණන්වල ගම්මාන පිටින් සිංහල බෞද්ධයින් කොටි අතින් මැරෙනවිට සහ සිරිමා බෝධිය අසල සිල් සමාදන් වී සිටි අයත් කොටින්ගෙන් මැරුම් කනකොට කවුරුත් අපි දිහා නොබලපු දුක අපිට තාමත් දැනෙනවා. ඒ නිසා අපිට ඔබ වහන්සේගේ දුකත් තේරෙනවා. අපි පතන්නේ මේ කොරෝනා වසංගතය ඉවරවෙනකොට පාස්කු නඩුත් හරියට අහන්න පුළුවන් වෙන්න කියලා.
දැනටමත් අගරදගුරු කාදිනල්තුමා වතිකානුවට ඊ මේල් යවා ඔවුන් දැනුවත් කර ඇතිබවයි මට නම් පෙනෙන්නේ...
පාප්තුමාට අමුතුම ඇඳුමක් අන්දවලා ඒවි.
කාදිනල්තුමනි ඔබතුමා මේ රටේ සියලුම ජනතාවගේ ගෞරවයටපත් පූජකවරයෙකි. ඔබතුමා මේ වන විට ඉතා සංවේදී ආකාරයෙන් කටයුතු කරන බව මගේ හැගීමයි. ඔබතුමාට උපදෙස්දීමට තරම් හැකියාවක් මා හට නොමැති වුවත් මේ සම්බන්ධයෙන් කල්පනා කර බලන්න. ඔබ වහන්සේ පාප්වහන්සේට මේ සම්බන්ධව සැලකළ බව පුවතකින් දුටුවෙමි. එසේනම් මහින්ද රාජපක්ෂ මහතාට වතිකානුවේ නායක පාප් වහන්සේ හමුවීමට මෙන්ම ඕනෑම කාරණයක් සම්බන්ධව සාකච්ඡා කිරීමට අවස්ථාව තිබිය යුතුය. එසේම මහින්ද රාජපක්ෂ මහතා වතිකානුවට යෑමටත් පෙර එහිදී කිරීමට යනුයේ පාස්කු ප්‍රහාරයේ සත්‍ය යට ගැසීමට බව කීම ඔබතුමා වැනි ජ්‍යෙෂ්ඨයකුට තරම් නොවේ. මාමෙයින් කියනුයේ මහින්ද රාජපක්ෂ මහතා එසේ නොකරනු ඇතැයි කියා නොවේ. ඔබ වැනි ගෞරවනීය නායකයකු ඉතාම ඥනාන්විත හා ක්‍රමෝපායශීලීව මෙම ප්‍රශ්නය හැසිරවිය යුතුවන්නේ මෙම ව්‍යසනයෙන් දිවිදුන් අප වැසියන්ට යුක්තිය ඉටුවීම අද දිනයේ උදෙක් අවශ්‍යතාවය බැවිනි.
මම දකින විදියට මේ පාස්කු ප්‍රහාර වගේ දේවල් අහඹු සිදුවීම් නෙමෙයි. ඇමරිකාව ,එංගලන්තය ප්‍රමුඛ බටහිර ක්‍රිස්තියානි රටවල් (වතිකානුව ද මෙහි කොටස්කරුවෙක්) මැදපෙරදිග, ඇෆ්ගනිස්තානය වගෙ රටවල සිදුකරන මහ මිනිස් ඝාතන වල අතුරුඵල. අවාසනාවට ඒවල විපාක විඳින්නේ අපි වගෙ රටවල්. කාදිනල්තුමාත් නොකියන ඇත්ත ඒකයි.
අන්තිමට ලංකාවේ මිනිස්සු රැවටුනා.
අගරදගුරුතුමා දන්න දෙයක් ඇත්නම් එය හෙළි කරන්න..... නමුත් අයි එස් ත්‍රස්ත ක්‍රියාකාරකම් වලට නායකයෙක් අවශ්‍ය නොවේ . නොබෝදා නවසීලන්තයේ සිදුවු පිහි ඇණුමෙන් එය වඩාත් පැහැදිලි උනා නොවේද !
කාදිනල් තුමත් දේශපාලනයට ආවොත් හොඳයි වගේ.
අපගේ ගෞරවයට පාත්‍ර වුනු අගරදගුරුතුමා, මේ හදන්නේ තමන්ට තිබෙන ගෞරවය නැතිකර ගන්නයි.
මේ මිනිස්සු මුළු ලෝකයම රවට්ටන්න දගලන දැගලිල්ල හරි පිළිකුල්.
සැඟවුනු සත්‍යය ලෝකය දැනගත යුතුයි!
මෙම සිංහල බෞද්ධ රජය කිසි විටෙකත් වැරදි ක්‍රියාවන් සිදු නොකරයි. ඔවුන්ගේ ඉතිහාසය බලන්න! පුදුමයි !!
ඔබ වහන්සේ යටි අරමුණක් හිතේ තියාගෙන වැඩ කරන බව පේනවා.
අපි ඔබට ගරු කරමු. දේශපාලනයෙන් ඉවත් වෙන්න. මෙම ප්‍රශ්නය පාප් වහන්සේ වෙත ගෙන ආ පළමුවැන්නා ඔබ ය. පාප් වහන්සේ හමුවීමට රජයට නොහැකි කරුණ කුමක්ද?
මම නම් දැන් කැමතියි ජිනීවා මානව හිමිකම් කොමිමෙන් බලපෑම් කරනවට. මේ මෝඩ පාලකයන්ට පීඩනයක් දෙන්න ඕන. ලේසියෙන් රට විනාස කිරීමට ඉඩ දිය යුතු නැහැ. අහිංසක මිනිස්සු දුක් විඳිනවා මේ අය සැප විඳිනවා.
ලබන ඡන්දෙදි පොහොට්ටුව ක්‍රිස්තියානි ඡන්ද ගන්න තිබෙන ආසාව අතහැර ගන්න.
කාදිනල්තුමාව රවටන්නේ කවුද කියලා හොයන්න.
කාදිනල්තුමණි. පාප් තුමාට කෝල් එකක් දාලා බලන්නකෝ අගමැති තුමා පාප් වහන්සේ හම්බවෙන්න ඔය පැත්තේ එනවද කියලා .
චෝදනා කරන දෙයක් හරියටම දැනගෙනම කියනන