(යොහාන් භාසුර)

නාරාහේන්පිට සහ අවට පිහිටි රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල කාර්යාල සේවකයන්ට ප්‍රවාහන පහසුකම් ලබාගැනීමට සඳහා නොවැම්බර් මස 1 වැනිදා සිට බස් මාර්ග හතක සාමාන්‍ය සහ සුඛෝපබෝගි විශේෂ බස් සේවාවක් ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා ‘ලංකාදීප’යට පැවසීය.

මෙම බස් සේවාව නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසළ සිට ගාලු පාර හරහා ගාල්ල, හයිලොවල් පාර හරහා රත්නපුර, අංක 5 පාර හරහා කුරුණෑගල, අංක 6 පාර හරහා කුරුණෑගල, මහනුවර පාර හරහා මහනුවර සහ පුත්තලම පාර හරහා හලාවත දක්වා ක්‍රියාත්මක වන බව ද ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේය.